මහ බැංකුවේ සාකච්ඡාවකට රජයේ කිසි තනතුරක් නැතිව පක්‍ෂයක සභාපති ලෙස සහභාගි වූ බව කොමිසම ඉදිරියේදී මලික් පිලිගනී…

October 11, 2017 at 3:00 pm | lanka C news
මහ බැංකුවේ සාකච්ඡාවකට රජයේ කිසි තනතුරක් නැතිව පක්‍ෂයක සභාපති ලෙස සහභාගි වූ බව කොමිසම ඉදිරියේදී මලික් පිලිගනී…

ශ්‍රීලංකා මහා බැංකුව යනු මෙරටේ මූල්‍ය අංශයේ මහා භාණ්ඩාගාරය මෙන්ම උත්තරිතර ආයතනයකකි. එය පාලනය වනුයේ මූල්‍ය කළමනාකරණ මණ්ඩල මගින් වන අතර මහා බැංකුවේ අධිපති එහි ප්‍රධානියා වේ. එමෙන්ම මහා බැංකු පනත අනුව “1949 අංක 58 දරන මුදල් නීති පනත යටතේ 1950 දී පිහිටුවන ලද ශ්‍රී ලංකා මහ බැංකුව, ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතියේ කේන්ද්‍රීය ස්ථානය උසුලනු ලබන ආයතනයයි. මෙය අර්ධ ස්වාධීන ආයතනයකි. 2002 වසරේදී මුදල් නීති පනතට ගෙන එන ලද සංශෝධනවලට අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති, මුදල් හා සැලසුම් අමාත්‍යාංශයේ ලේකම් හා ශ්‍රී ලංකාවේ ජනාධිපති විසින් මුදල් අමාත්‍යවරයාගේ නිර්දේශ මත සහ ඒ හා සමගාමීව ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය ද ඇතිව පත්කරනු ලබන සාමාජිකයන් තිදෙනෙකුගෙන් සමන්විත මුදල් මණ්ඩලය මගින් පාලනය කරනු ලැබේ.

ශ්‍රී ලංකාවේ ඵලදායී සම්පත් සංවර්ධනය වැඩි දියුණු කිරීම සහ දිරිමත් කිරීම පිණිස ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රධාන අරමුණු දෙක (2) වන ආර්ථික හා මිල ස්ථායීතාවය හා මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාවය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් වගකීම දරයි. එමෙන්ම ව්‍යවහාර මුදල් නිකුත් කිරීම හා කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් ද ශ්‍රී ලංකා මහ බැංකුව වගකීම උසුලයි. මීට අමතරව මහ බැංකුව රජයේ බැංකුකරැ මෙන්ම ආර්ථික කටයුතු උපදේශක ද වේ.

ශ්‍රී ලංකා රජය වෙනුවෙන් එහි නියෝජිතයෙකු ලෙස, සේවක අර්ථසාධක අරමුදල කළමනාකරණය, විනිමය පාලන පනතට අනුව විනිමය කටයුතු කළමනාකරණය කිරීම, ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය කළමනාකරණය කිරීම සහ ග්‍රාමීය සංවර්ධනය උදෙසා විදේශාධාර හා රජයේ අරමුදල් මගින් කෙරෙන ණය යෝජනා ක්‍රම පරිපාලනය කිරීම යන නියෝජිත කටයුතු හතරෙහි (4) ද නියැලේ.

ශ්‍රී ලංකා මහ බැංකුවෙහි අධිපති එහි ප්‍රධාන විධායක නිලධාරියා වශයෙන් කටයුතු කරයි. අධිපති, නියෝජ්‍ය අධිපතිවරැ, සහකාර අධිපතිවරැ සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ ඉහළ කළමනාකරණය සමන්විත වේ. ශ්‍රී ලංකා මහ බැංකුවෙහි දැනට දෙපාර්තමේන්තු 27 ක් ඇත. ඒවා එකිනෙකෙහි ප්‍රධානත්වය අධ්‍යක්ෂවරයෙකු (හෝ ඒ හා සම අයෙකු) විසින් උසුලනු ලබයි. කළමනාකාරීත්ව විගණන දෙපාර්තමේන්තුව සෘජුවම අධිපතිවරයාට කටයුතු වාර්තා කරනු ලබන අතර සෙසු දෙපාර්තමේන්තු සියල්ලෙහිම ප්‍රධානීන් සහකාර අධිපතිවරයෙකු මගින් නියෝජ්‍ය අධිපතිවරයෙකුට හෝ අධිපතිවරයාට හෝ කටයුතු වාර්තා කරයි.

ශ්‍රී ලංකා මහ බැංකුව පිහිටු වු මුල් වකවානුවේම ව්‍යවස්ථාමය කටයුතු ඉටුකරනු සඳහා ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව සහ බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව පිහිටුවන ලදී. ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව මුදල් මණ්ඩලයට මාර්ගෝපදේශකත්වය ලබා ගැනීම සඳහාත් මහජනතාවගේ දැනුවත් කිරීම ස ඳහාත් දත්ත සම්පාදනය කිරීම හා ආර්ථික පර්යේෂණවල නියැලීම ද කළ යුතුය. බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාවේ බැංකු ආයතන අඛණ්ඩව අධීක්ෂණය හා නියාමනය කළ යුතු වේ” යන්න. ශ්‍රීලංකා මහා බැංකුවේ වෙබ් අඩවියේ සඳහන් කරයි. Link

ඉහත කරුණු අනුව

  1. ශ්‍රීලංකා මහා බැංකුවට කොහෙත්ම සම්බන්ධ නැති එක්සත් ජාතික පක්ෂයේ සභාපති ව්‍යපාරික මලික් සමරවික්‍රම සහභාගි වූයේ කෙසේද? 2015 පෙබරවාරි 25 වෙනිදා හෙතෙම අමාත්‍යවරයෙකු හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු හෝ නොවේ.
  2. කබීර් හසීම් සහ පක්ෂයේ මහා ලේකම් ලෙස ද මහ බැංකුවට අදාළ නොමැති අමාත්‍යවරයෙකු ලෙස මෙවැනි සාකච්ඡාවකට සහභාගි වූයේ මන්ද? මේ සඳහා ඔහුට කවුරුත් ආරාධනා කලේ ද?
  3. මහා බැංකුවේ මූල්‍ය මණ්ඩලය විසින් ගත යුතු තීරණයක් සම්බන්ධව ඊට කොහෙත්ම අදාළ නොවන පිටත්සර පුද්ගලයින් ලෙස එක්සත් ජාතික පක්ෂයේ සභාපති මලික් සමරවික්‍රම සහ පක්ෂයේ මහා ලේකම් කබීර් හසීම් සහභාගි වීම සදාචාරත්මකද?

මූලාශ‍්‍ර – cbsl.gov.lk

11,896 Viewers

9 Comments to “මහ බැංකුවේ සාකච්ඡාවකට රජයේ කිසි තනතුරක් නැතිව පක්‍ෂයක සභාපති ලෙස සහභාගි වූ බව කොමිසම ඉදිරියේදී මලික් පිලිගනී…”

  1. Lolla says:

    UNP මහා මොල කාරයෝ…. තමන්ගේ garment factory එක හරියට පාඩු ලබන්නේ නැතුව ගෙනියගන්න බැරි economics පකීර්ල තමයි ඉන්නෙ…
    කොල්ලෝ ටිකක් දුන්න0 වැඩ පෙන්නයි Royal එකේ set එකම මහා පොන්ස් ඇතුලුවම…..

  2. අන්ගො නැන්දා says:

    මහබැංකුව දවල් කඩා ගිනස් පොතේ නම තිබ්බ. ලෝක බැංකුව මද්දහනේ කඩා ගිනස් පොතේ නම් තිබ්බා. නංඟී පෙන්නලා අම්මව විකුනලා විස්ස දියවන්නාවෙන් පැන්නුවා. මොනවද ඔට්ටු ප්‍රබාකරන් යලි උපද්දවා හුසේන් නායක සාදු කියන හැටියට රටත් බෙදලා ගිනස් පොතත් ලියනවා. මාර වාර්තා නේද මචන්.

    • John says:

      දැන් ලංකාව පාලනය කරන්නේ අන්තවාදී හම්බෝයෝද ? නියමයි රටම විකුණයි

  3. මනෝ වෛද්‍ය says:

    මුගේ මුලු මූණේම හොරකම පෙරෙනවා.

  4. nishantha says:

    yako mun kelinapissu mogal ranilui moll amatiyotikai kenenne pissu mokada munge mole tiyanne pitipasse

  5. රාහුල කොලුවා says:

    විනාඩි 10 ක් ඇතුලත සාක්ෂි දීලා කොමිසමෙන් පිටවී යාමත්, රඡයේ නීතීඥයා මොවුන්ගෙන් හරස් ප්‍රශ්ණ නොවිමසීම අනුව අපිට හිතා ගන්න පුළුවන් කොතනින්ද බුරුලක් ආවේ කියලා…. කොමිසමක් වගේද ආණ්ඩුව…? ආණ්ඩුව කඩාගෙන වැටුනොත් යන්න වෙන්නේ ඡනතාව ඉස්සරහට…. ඡනතාව ඉස්සරහට යන්න බැරි හින්දා මොන මගඩියක් කරලා හරි ආණ්ඩුව තියා ගන්න දඟලනවා….

    • බන්ඩා says:

      ශ්‍රිලංකා ජේවීපි ටිඒන්ඒ මංත්‍රි වරැ ඔක්කොම බැද්‍රංකර බෑන සලලි වලට අරන් ඉවරය්. එජාපෙ උන් කොහොමත් හොරකමට පක්‍ෂය්.
      ඉතින් කොහොමද අාණ්ඩුව කඩා වැටෙන්නෙ.

  6. Sirisena Yatawara says:

    Malik Sma….is main man who that behind CB Bond scam, person who talk on behalf of Ranil Wicks of UNP Mr clean?
    No doubt Milak is real man in between ex-CB Governor and UNP leader-Old of that Billions of Rupees transaction been involved by oversees Banks and other local banks time to time.
    He also main culprit of CB bond scam?

  7. යහපාලන බාප්පා says:

    මොකද වරද? මේක අපේ ආණ්ඩුව. අපි හැදුවේ. ඒ ගාස්තුව ගන්ට අපි රැස්වීමට යන එක වරදක් නොවේ.

Main News