මහ වැස්ස ඉදිරි දිනවලත්.. වැඩිම වර්ෂාව මිලිමීටර 353යි..

May 21, 2018 at 6:48 pm | lanka C news
මහ වැස්ස ඉදිරි දිනවලත්.. වැඩිම වර්ෂාව මිලිමීටර 353යි..

ශ‍්‍රී ලංකාවට නිරිතදිග කොටසට ඉදිරි දින කිහිපයේදීද වැසි ඇදහැලෙනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඔවුන් නිකුත් කල නිවේදනයේ දැක්වෙන්නේ සබරගමුව, බස්නාහිර, දකුණ, වයඹ හා මධ්‍යම පළාත්වල මෙසේ වැසි ඇතිවනු ඇති බවයි.

මෙම පළාත්වල ඇතැම් ස්ථානලවට මිලිමීටර 150 ඉක්මවූ තද වැසි ඇතිවනු ඇතැයිද අනෙක් පළාත්වලද පස්වරුවේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවනු ඇතැයිද ඔවුන් කියා සිටී.

මේ අතර ගතවූ පැය 24 තුල වාර්තා වූ වැඩිම වර්ෂාපතනය වූ මිලි මීටර් 353 ආනමඩුවෙන් වාර්තා වී ඇතැයිද දෙපාර්තමේන්තුව කියා සිටී.

16,369 Viewers
Main News