මහ වැසි මැද කැබිතිගොල්ලෑව පොලීසියෙන් උතුම් ක්‍රියාවක්…

September 27, 2018 at 8:40 am | lanka C news
මහ වැසි මැද කැබිතිගොල්ලෑව පොලීසියෙන් උතුම් ක්‍රියාවක්…

කැබිතිගොල්ලෑව ප්‍රදේශයට පසුගිය දින දෙක තුලදී අධික වර්ෂාවක් ඇදහැලී ඇති අතර පැවති අධික සුලං තත්වයක් හේතුවෙන් කැබිතිගොල්ලෑව වවුනියා ප්‍රධාන මාර්ගයට විශාල කදුරු ගසක් කඩා වැටීම හේතුවෙන් ගමනා ගමනයට බාධා එල්ල වී තිබුණි.

අදාල සිදුවීම වාර්ථාවීමත් සමග කැබිතිගොල්ලෑව පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එස්.ජයන්ත මහතා ඇතුලු පොලිස් නිලධාරීන් පිරිසක් විසින් ධාරාණිපාත වර්ෂාව හා සුලං මධ්‍යෙය් ප්‍රධාන මාර්ගය හරහා වැටී තිබු ගස ඉවත් කිරීමට පියවර ගන්නා ලදි.

වර්ෂාව හමුවේ මාර්ගය හරහා වැටී තිබූ කදුරු ගස ඉවත් කිරීමට පොලිස් නිලධාරීන්ට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදු වූ අතර පැය තුනකට පමන පසුව වැටී තිබූ ගස සම්පූරණයෙන්ම ඉවත් කිරීමෙන් පසුව ප්‍රධාන මාර්ගයේ ධාවන කටයුතු සාමාන්‍ය පරිදි සිදු වූ අතර ප්‍රදේශවාසින්ද කැබිතිගොල්ලෑව පොලිස් නිලධාරීන්හට ප්‍රශංශා කොට සිටියහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

2,041 Viewers
Main News