මහ සුලගින් ගස් වැටී මාර්ග අවහිරයි.. හමුදාවෙන් ඉවත් කරයි..

November 14, 2018 at 2:04 am | lanka C news
මහ සුලගින් ගස් වැටී මාර්ග අවහිරයි.. හමුදාවෙන් ඉවත් කරයි..

පවතින අයහපත් කාලගුණයත් සමඟ මූලතිව් දිස්ත්‍රික්කය හරහා  හදිසියේ හඹාගිය සුළි සුළං තත්ත්වය හේතුවෙන් මුලතිව් මාන්කුලම් ප්‍රධාන මාර්ගයට ගස් කඩා වැටීමෙන් ගමනාගමන කටයුතු අඩාල වූ අතර මලුතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේ සෙබලුන් විසින් කඩා වැටුනු ගස් ඉවත් කිරීමට පියවර ගෙන තිබුණි.

මුලතිව් ආරක්ෂක සේනා ආඥාපතිතුමන් උපදෙස් පරිසි  64 වන සේනාංකයේ ස්ථාපිත 14 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සහ 23 වන විජයබාහු පාබල රෙජමේන්තුවේ සේවයේ නියුතු යුද හමුදා සාමාජිකයින් විසින් මෙම ශ්‍රමදානය සිදුකරනු ලැබීය.

ඒ අනුව, 64 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර ගේ අධීක්‍ෂණය යටතේ යුද්ධ හමුදා සාමාජිකයින් මූලතිව් – මාන්කුලම් මාර්ගය සහ තවත් මාර්ග කිහිපයක සුළි සුළං හේතුවෙන් කඩා වැටුණු ගස්, අතු සහ අනෙකුත් දේ ඉවත් කරමින් පැය කිහිපයක් තුල ගමනාගමනය යථාත්ත්වයට පත් කිරීමට සමත්විය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

1,853 Viewers
Main News