‘මාගේ පියාගේ ඝාතකයින් සෙවීම අනවශ්‍යයි’ – ලසන්ත වික්‍රමතුංගගේ දියණිය ජනපතිට කියන්නේ එයද..

November 24, 2018 at 12:00 pm | lanka C news
‘මාගේ පියාගේ ඝාතකයින් සෙවීම අනවශ්‍යයි’ – ලසන්ත වික්‍රමතුංගගේ දියණිය ජනපතිට කියන්නේ එයද..

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්‍ෂක නිශාන්ත සිල්වාට දී තිබූ ස්ථාන මාරුව ගැන ලසන්ත වික්‍රමතුංගගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබිණි.

ඔහුට ලබා දුන් ස්ථාන මාරුව සම්බන්ධයෙන් නැවත සලකා බැලීමේ වැදගත්කම පෙන්වා දෙමින් ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය එම ලිපිය යවා තිබිණි.

කෙසේ වෙතත් එම ලිපිය යොමු කිරීම ගැන ප්‍රශ්නකාරී තත්වයක් ඇති වන්නේ ඇය හදිසියේම එම ලිපිය යොමු කර තිබුණේ දේශපාලන අර්බුදකාරී තත්වයක් ඇතිව තිබෙන අවස්ථාවේදීය. ඊටත් වඩා ප්‍රබලතම කාරණය වන්නේ සිය පියා වූ ලසන්ත වික්‍රමතුංගගේ ඝාතන සිද්ධිය පිළිබඳ විමර්ශනය කළ නිශාන්ත සිල්වා නම් පොලිස් නිලධාරියා මේවන තෙක් එම සිද්ධිය ගැන කරුණු වාර්තා කරමින් නඩු පැවරීමට හෝ කටයුතු නොකිරීම ඇයට ගැටලුවක් නොවීමය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වුණු විශේෂයෙන් ආන්දෝලනයට ලක්වූ මූලිකම විමර්ශන සිද්ධි විශාල ප්‍රමාණයක් සිදු කෙරුණේ නිශාන්ත සිල්වා යටතේය. සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය, ද නේශන් පුවත්පතේ හිටපු කර්තෘ කීත් නොයාර් පැහැරගෙන ගොස් වධහිංසාවට ලක් කිරීම,උපාලි තෙන්නකෝන් සහ නාමල් පෙරේරා යන මාධ්‍යවේදීන්ට පහරදීම වසීම් තාජුඩීන් ඝාතන සිද්ධිය, වැලිකඩ බන්ධනාගාර සිරකරුවන්ගේ සිද්ධිය, කප්පම් ගැනීම සඳහා තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය යන ප්‍රධාන පෙලේ ඝාතන සිද්ධි ඇතුළු බරපතල ගණයේ විමර්ශන නිසි අයුරින් සිදු කර නොතිබූ බවත් ඒ හේතුවෙන් එම සිද්ධි මන්දගාමීව සිදුකරමින් එය යටපත් කිරීමේ කුමන්ත්‍රණයක් සිදු වූවාද යන්න බරපතල සැකයක් මතුවන බවත් එම ආරංචි මාර්ග සදහන් කළේය.

නමුත් ඔහුගේ කාලයේ විමර්ශන සිදු කර නඩු පැවරූ එකම සිද්ධිය වන රවිරාජ් ඝාතන සිද්ධියද නිවැරදි ලෙස නඩු ගොනු නොකිරීම මත හරිආකාරව සිදුව නැතැයිද වාර්තා වේ.

සිය පියාගේ ඝාතනයට අදාල සැකකරුවන් අධිකරණය හමුවට ගෙන එමින් දඩුවම් ලබා දීමට ඇයට අවශ්‍යනම් එම විමර්ශන මන්දගාමීව ගෙන යමින් නඩු නොපැවරීමක් හෝ සිදු නොකල එම පොලිස් නිලධාරියා වෙනුවෙන් පෙනී සිටීම ඉතා ගැටලුකාරී තත්වයක් බව දේශාපාලන විචාරකියින් පෙන්වා දෙයි.

ඇය කළ යුතුව තිබුණේ එම විමර්ශන හරියාකාරව සිදු නොවූ එම නිශාන්ත සිල්වා පොලිස් නිලධාරියා ඉවත් කර දක්ෂ සාර්ථික නිලධාරියෙකු එම විමර්ශන කටයුතු සඳහා යොමු කිරීමට ඉල්ලා සිටීමය.

කෙසේ වෙතත් ඇය සිය පියාගේ සිද්ධිය ගැන නොව මේවන විට දේශපාලනයේ බලල් අතක් වෙමින් විපක්ෂයේ කාගේ හෝ අනුදැනුමකට නැටවෙන බව පෙනී යන බව එම විචාරකයින් සඳහන් කළහ.

– adaheraya

31,528 Viewers

5 Comments to “‘මාගේ පියාගේ ඝාතකයින් සෙවීම අනවශ්‍යයි’ – ලසන්ත වික්‍රමතුංගගේ දියණිය ජනපතිට කියන්නේ එයද..”

  1. Alapaluwa says:

    නිශාන්ත සිල්වා ගැන හැමතිස්සෙම මතක් කරණ මේ ලසන්තගේ දියණියට අපි කියන්න කැමතියි මේ ගතනයේ සුළමුල සොයා පරික්ෂණ කරා කියන නිශාන්ත යනු කවරෙක්ද කියා හරියට දැනගන්න අවශ්‍යනම් ,ඇත්තටම අපිවත් දැනුවත් කළ අතිදක්ෂ විශිෂ්ට මාද්‍යවේධියකු වන සමන් ගමගේ මහතා පසුගිය දිනක සවිස්තරාත්මකව ලියා තිබුණු ලිපියෙහි ඉතාමත් ලස්සණට මේ CID එකේ වැඩකළ නිශාන්ත යනු කවරෙක්ද කියා.මෙවැනි ඇත්තටම අපි මෙවැනි ( corrupt) වුණු පොලිස් කරයින්ගෙන්ද අපි අවංක සේවයක් බලා පොරොත්තුවන්නේ? එමනිසා යම් කෙනෙකුගේ ගුණ අගුණ වර්ණා කිරීමට ප්‍රථම මොවූ කවුද,සිටපු කාලේ කුමක්ද කලේ, ඒ කගේ ඕනෑ එපාකම් මතද, යන කරුණු දැනගත යුතු වන්නේය.ඇත්තටම මොවූ ගැන විස්තර ලියපු සමන් ගමගේ මහතා එදා යුද්දය තිබු කල් අපිට බොහොමයක් නිර්භයව සමහර අවස්ථාවල් ඒ යුද්දය පවතින දේශය තුල සිටත් සවිස්තරාත්මකව සටහන් ලියු ඇත්ත ඇති සැටියෙන් ලියන අවංක මාද්‍යවෙධියෙක්ය.

    • supun says:

      oba kiyana lipiya mamath kiyewwa. obe kathaawa niweradei.
      lasantha, ghaathanaya kale. harak gonseka. kiyala batalande gahalaya,jhosap maikal.parliman ekedi
      karapu prakaasa.ratama dannawa.
      batalande gahalayaa..gonseka, gahalayawa langata gatte. MY3. saha.GR. ghaathnayata bawa den
      hondatama pehediliya.
      silwa .me pariksana siyalla yatapath kara gonsekaa athulu gahalayo nidahas karanta selasum kalaa.prajitha, pachampika. rathu aliya. me pasubime innawa.

  2. Kumara says:

    සමන් ගමගේ කියන්නේ පර්සි මහේන්ද්‍ර ට රෙදි නැතුව කඩේ යන කෙනෙක් බව එයා ලියපු ඒවා කියවපු මිනිස්සු දන්නවා මහත්තයෝ,

    • supun says:

      wachanaye parisamaptha arthayenma maadya wediyek kiyanta puluwan .SAMAN GAMAGE. liyana
      lipiyaka daarsnika desapaala arthaya watahaa nganta . kuara wage meeharakunta molayak nethi
      bawa ratama dannawa.
      hirikotha londariye mola soodapu u.n.j.v.p. amanayo okkoma ada ekama asuchi walaka wetila
      dangalanawa.

    • Ran Gonja says:

      සමනළ රෙදි අස්සෙ රිංගන එකෙක් ඕන් කිව්ව කථාවක්.

Main News