මාධ්‍යවේදීන් මරන්න ආ ඇමති ජෝන්ට දැඩි විරෝධය..

June 9, 2017 at 5:30 pm | lanka C news
මාධ්‍යවේදීන් මරන්න ආ ඇමති ජෝන්ට දැඩි විරෝධය..

ඇමති ජෝන් අමරතුංග විසින් මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුට පරුෂවචනයෙන් බැනවැදීම හා තර්ජනය කිරීම දැඩි පිළිකුලෙන් යුතුව හෙලාදකින බව ශ‍්‍රී ලංකා පොදුජන මාධ්‍ය පෙරමුණ පවසයි.

මේ සම්බන්ධයෙන් නිකුත් කර ඇති නිවේදනය පහත දැක්වෙයි.

වත්තල කඳාන ප‍්‍රදේශයේදී යහපාලන රජයේ ජේ්‍යශ්ඨ සාමාජිකයෙකු වන අමාත්‍ය ජෝන් අමරතුංග මහතා විසින් හිරු, දෙරණ, සිරස හා ස්වර්ණවාහිනී මාධ්‍ය ආයතන නියෝජනයකරන විද්්‍යුත් මාධ්‍යවේදීන්ගේ රාජකාරියට බාධාකිරීම, පරුෂවචනයෙන් බැනවැදීම හා තර්ජනය කිරීම ශ‍්‍රී ලංකා පොදුජන මාධ්‍යපෙරමුණ දැඩිපිළිකුලෙන් යුතුව හෙලාදකී.

තම තමන්ගේ නොහැකියාව වසාගැනීම සඳහා මාධ්‍යවේදීන් පීඩාවට පත්කිරීම වත්මන් ආණ්ඩුව බලයට පත්වූ දිනයේ සිටම ක‍්‍රියාත්මක කල උපක‍්‍රමයක් ලෙෂ අප හඳුනාගෙන ඇති අතර, මීට පෙරද රජයේ ප‍්‍රධාන පෙලේ පුද්ගලයන් විසින් වරින් වර පුවත්පත් කතෘවරුන්, විද්්‍යුත්මාධ්‍යවේදීන් හා මාධ්‍යකි‍්‍රයාකාරීන් කෙරෙහි එල්ල කරන ලද පීඩනය මේවනවිට උපරිම තලයකට පැමිණ ඇතිබව අපගේ නිරීක්ෂණයයි.

මාධ්‍යවේදීන්ට නිදහසේ තොරතුරු වාර්ථා කිරීමට ඇති අයිතියට බාධාකරමින් මේආකාරයට රජයේප‍්‍රධානීන් කටයුතු කිරීම සැබෑලෙසම මාධ්‍යවේදීන්ට එල්ලවූ තර්ජනයක් පමණක් නොව, එය රටේ සමස්ත ජනතාවගේම තොරතුරු දැන ගැනීමේ අයිතියට එල්ල කරන ලද බලවත් පහරක් බව ශ‍්‍රී ලංකා පොදුජන මාධ්‍යපෙරමුණේ විශ්වාසයයි.

එබැවින් යහපත් පාලනයක් ඇතිකිරීමේ සැබෑ උවමනාවක් වත්මන් පාලකයන්ට ඇත්නම්, රාජ්‍ය බලයෙන් හිස උදුම්මාගත් මෙවන් දඩබල්ලන් බැඳ දමා, සැබෑතොරතුරු වාර්ථා කිරීමට හැකි නිදහස් අවකාශයක් මාධ්‍ය වෙනුවෙන් නිර්මාණය කරන ලෙෂ අපි රජයට බල කර සිටිමු.

නලින් කුමාර නිශ්ශංක
මාධ්‍ය ප‍්‍රකාශක
ශ‍්‍රී ලංකා පොදුජන මාධ්‍ය පෙරමුණ

10,546 Viewers

7 Comments to “මාධ්‍යවේදීන් මරන්න ආ ඇමති ජෝන්ට දැඩි විරෝධය..”

  1. Binoj says:

    Failure of Ranil. Now everybody know Ranil is nothing just slack.

  2. sumith Dias says:

    me wage paahara deshapalu ballo bandala daanna kaale hari lankawe…

  3. හීන් බන්ඩා says:

    ‘ජහපාලනය’ පන්නපියව්

  4. dimuthu lakmal says:

    okage made kipila

  5. Asitha says:

    I think he has taken viagara pills and couldn’t find a young prostitute and showed his frustration at journalists.

  6. rommel says:

    Mama Nam kiyanne api johnge patthenuth me prashne balanna one. Re gahapupu pethi hinda bahapu nathi bawa kalawata thiyala lanuwakin gatagahala malliya tent eka gahana eka walkwaganna full try ekkak deela amaruwrn Inna welawata korawena prashna ahapuwama mau parshawaya mathek wena eka swabhawikai.

  7. singha says:

    මහින්දව එලවන්න එදා පාදඩ මාධ්‍ය නිදහස භාවිතා කල විලාසය මතක්වෙන විට,කොටි ගහල මදි තොපිට.කියා  හරියටම ගැලපේ.

Main News