මාධ්‍ය ආයතන සහභාගීත්වයෙන් පාසල් සහ රාජ්‍ය ආයතන පිරිසිදු කිරිමෙි වැඩපිළිවෙලක්…

July 17, 2017 at 2:06 am | lanka C news
මාධ්‍ය ආයතන සහභාගීත්වයෙන් පාසල් සහ රාජ්‍ය ආයතන පිරිසිදු කිරිමෙි වැඩපිළිවෙලක්…

සියළුම මාධ්‍ය ආයතනවල සහභාගීත්වයෙන් ලබන සතියේ දී පාසල් සහ රාජ්‍ය ආයතන පිරිසිදු කිරීමෙි වැඩපිළිවෙලක් දියත් කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවක දී සෞඛ්‍ය අමාත්‍යවරයා මෙි බව ප්‍රකාශ කළේය.

ජාතික ඩෙංගු මර්දන වැඩපිළිවෙල පිළිබදව වැඩිදුරටත් අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙසේ ද කියා සිටියේය.

“2017.07.15 දින දිවයින පුරා සිදු කරන ලද ජාතික ඩෙංගු මර්දන වැඩසටහනට දායකක්වය දැක් වූ සියළුම මාධ්‍ය ආයතනවලට මම ස්තූතිය පුද කරනවා. මාධ්‍ය මගින් ජනතාව දැනුවත් කිරීම හේතුවෙන් පරිශ්‍ර පිරිසිදු කිරීමෙි වැඩපිළිවෙල නිවැරදිව සිදු කෙරුනා. තම වාණිජමය කාලය රටේ ජනතාවගේ සෞඛ්‍ය වෙනුවෙන් වැය කිරිම ගැන මාධ්‍ය ආයතන අගය කළ යුතුයි. මෙම සමාජ සත්කාරය අඛණ්ඩව සිදු කරන්න. ලබන සතියේ දී පාසල් සහ සියළුම රාජ්‍ය ආයතන පිරිසිදු කිරීමෙි වැඩපිළිවෙළක් දියත් කරනවා. ඒ සදහා ද මාධ්‍ය ආයතනවල දායකත්වය ලබාගන්නවා. ප්‍රතිඵල හොද වෙන්න පුළුවන්. මාධ්‍ය ආයතන ජාතික වැදගත්කමින් යුත් ක්‍රියාවලියකට දායක වීම විශාල ආදර්ශයක්. ඩෙංගු රෝගයෙන් ද විපක්ෂය දේශපාලන වාසි ලබාගන්න උත්සාහ කරන අවස්ථාවක මාධ්‍ය ආයතන එම දේශපාලනඥයින්ට ආදර්ශයක් ලබාදුන්නා.”

– ප‍්‍රසන්න අධිකාරී

594 Viewers
Main News