මානා පක්ෂීන් 26 දෙනෙකු මරා රැගෙන ගිය පුද්ගලයෙකු අත්අඩංගුවට…

July 6, 2018 at 2:05 am | lanka C news
මානා පක්ෂීන් 26 දෙනෙකු මරා රැගෙන ගිය පුද්ගලයෙකු අත්අඩංගුවට…

පේදුරුතුඩුව නගර්කෝවිල් කළපු රක්ෂිත ප‍්‍රදේශයේදී සංචාරක පක්ෂි විශේෂයක් වන මානා පක්ෂීන් 26 දෙනකු මරා මස් පිණිස රැගෙනයමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවටගත් බව පේදුරුතුඩුව පොලිසිය කියා සිටියේය.

මරාදැමුණු පක්ෂීන් රැගෙන යතුරු පැදියකින් රැගෙන ගමන්කරන පුද්ගලයකු පිළිබඳ පේදුරුතුඩුව පොලිස් ස්ථානයට ලැබුණ තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී සැකකරු හා පක්ෂීන් රැගෙනගිය යතුරු පැදියද අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු විසින් මරාදැමුණු පක්ෂියා වනසත්ව හා වෘක්ෂලතා අඥාපනත යටතේ ආරක්ෂිත සත්වයකු වන අතර ඊට අමතරව මානා පක්ෂීණ් සංචාරක පක්ෂියකුද වන අතර මානා පක්ෂීන් විශේෂය වර්ගයා බෝ කිරීම සඳහා මෙරටට පැමිණ කළපු ආශ‍්‍රිතව සිටින බවත් පැටවුන් බිහිවීමෙන් අනතුරුව යළි මව් රටට ගමන් කරන බවටද පේදුරුතුඩුව පොලීසිය කියා සිටියේය.

අද්අඩංගුවට ගත් සැකකරු කළපුව ආශ‍්‍රිතව ධීවර රැකියාව සිදුකරන අතරතුර උගුල් අටවා පක්ෂින් දඩයම් කොට ඇත.

අත්අඩංගුවටගත් සැකකරු අම්බාල් කුඩත්තනේ පදිංචි වයස අවුරුදු 23ක තරුණයෙකු වන අතර ඔහු පේදුරුතුඩුව මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවට පරික්ෂණ සිදු කළ පේදුරුතුඩුව පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

1,325 Viewers

Leave a Comment

Main News