මාරක රිය අනතුරක්.. හතර දෙනෙක් එතැනම මරුට..

January 10, 2018 at 8:02 am | lanka C news
මාරක රිය අනතුරක්.. හතර දෙනෙක් එතැනම මරුට..

යාපනය මහනුවර ඒ-9 ප්‍රධාන මාර්ගයේ කිලිනොච්චිය හා මාන්කුලම අතර කොකාවිල් ප්‍රදේශයට නුදුරින් ඊයේ (9) රාත්‍රී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් හතර දෙනෙකු සිද්ධිය වූ ස්ථානයේදීම මියගොස් තවත් අයෙකු බරපල තුවාල ලැබූ බවට මාන්කුලම් පොලීසිය කියා සිටියේය.

කොළඹ සිට යාපනය දක්වා ගමන් කළ වෑන් රථයක් ඒ-9 මාර්ගයේ කොකාවිල් ආසන්නයේ නවතා තිබූ ටිපර් රථයක හා ලොරි රථයක ගැටීමෙන් මෙම් අනතුර සිදුව තිබේ.

අනතුරින් මිය ගිය අයගේ මළ සිරුරු මේ වන විට කිලිනොච්චිය රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර ත්‍රවාල ලැබූ පුද්ගලයාද කිලිනොච්චිය රෝහලේ ප්‍රතිකාර ලබන බවට කිලිනොච්චිය පොලීසියකියා සිටියේය.

වෑන් රථයේ රියදුරු පාර අයිනේ නතර කොට තිබූ ටිපර් රථය නොදැකීම නිසා හෝ වෑන් රථයේ රියදුරුට නින්ද යාම නිසාවෙන් හෝ වෑන් රථය අධික වේගයෙන් ධාවනය වීම නිසාත් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය කියයි.

කිලිනොච්චිය  පොලීසිය හා මාන්කුලම් පොලීය සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

7,757 Viewers

2 Comments to “මාරක රිය අනතුරක්.. හතර දෙනෙක් එතැනම මරුට..”

  1. Jonaa'S Brother says:

    උතුරට මාරක අපළ. විග්නාගේ ශාපය, තව හරියට වුනේ නැහැ, ඊලඟට ටී එන් ඒ ලොක්කාගෙ ශාපය

  2. somapala says:

    රාජපක්ශ පවුලෙ අයගෙ වැඩක් වෙන්නැති

Main News