මාරක ලෙඩ 06ක් ඇති ඉස්සන් තොගයක් නීති කඩා ලංකාවේ වගා කරන්න සූදානම්.. ඇමරිකාවෙන් ගුවන් ගත කෙරේ.. හෙට කටුනායක..

April 7, 2018 at 6:48 pm | lanka C news
මාරක ලෙඩ 06ක් ඇති ඉස්සන් තොගයක් නීති කඩා ලංකාවේ වගා කරන්න සූදානම්.. ඇමරිකාවෙන් ගුවන් ගත කෙරේ.. හෙට කටුනායක..

ශ‍්‍රි ලංකාවට සතුන් ගෙන ඒම සම්බන්ධයෙන් වන අනපනත් උල්ලංඝනය කරමින් හෙට දිනයේ මෙරටට ඉස්සන් විශේෂයක් ගෙන ඒමට නියමිත යයි ශ්‍රී ලංකා ජලජිවි වගා සංවර්ධන සන්ධානය චෝදනා කරයි.

වනම් (Vannamei) නම් මෙම ඉස්සන් විශේෂය භවානක රෝග කාරකයක් වන බව සදහන් කරන එම සන්ධානය දැනටමත් අදාල ඉස්සන් වර්ගය මෙරටට ගෙන ඒමට ඇමරිකාවෙන් ගුවන් ගත කර ඇති බවත් හෙට දිනයේ කටුනායකට ලගා වනු ඇති බවත් කියා සිටී.

මේ පිලිබදව පොලසියට පැමිණිලි කල බවද ඔවුන් සදහන් කරයි.

මෙම ඉස්සන් වර්ගය දැනට ශ්‍රී ලංකාවේ වගා නොකරන බවත් මෙම ඉස්සන් වර්ගයට හදුනා නොගත් භයානක රෝග 06ක් ඇති බව සංගමය වැඩි දුරටත් අවධාරණය කරයි.

14,175 Viewers

6 Comments to “මාරක ලෙඩ 06ක් ඇති ඉස්සන් තොගයක් නීති කඩා ලංකාවේ වගා කරන්න සූදානම්.. ඇමරිකාවෙන් ගුවන් ගත කෙරේ.. හෙට කටුනායක..”

  1. nanda says:

    Where is the MINISTER OF HEALTH?

  2. SUNIMAL says:

    හෙළයන් විනාස ක‍රන්න තවත් උපායක් මෙය වහාම තහනම් කල යුතුය

  3. Sam says:

    ආහාරයට ගන්නා අය පමණක් නොව පරිසරය ද විනාශ කරයි.

    යහපාලනය දිනේවා!

  4. Power says:

    මියයන්න සූදානම් පැරදුම දරන්..
    සමරන්න එනවාද ඉස්සන් අරන්..

  5. රජින්ද says:

    බලයට කුලල් කා ගන්න රටක ඉස්සන් ගැන කවර කතාද? මේ රටේ ආණ්ඩු පත්වෙන්නේ මේ රටට සොච්චමක් හරි දුක් මහන්සියෙන් උපයලා දෙන මිනිස්සු සහ ඔවුන්ගේ කර්මාන්ත තියා පිරිසිදු වාතය, හුස්ම ගන්න තියෙන ගහ-කොළ රැකගන්නවත් නෙවෙයි. තනිකරම තම තමන්ගේ සුඛවිහරණයටම පමණයි. දවසක් ගානේ පැයක් ගානේ මේ රට හැම අතින්ම දූෂණය වෙනවා. ඒ හැම දූෂණයකටම රටේ පාලකයින්ගේ හෙවනැල්ල වැටිලා තියෙන නිසා මේ රට බේරාගන්න කෙනෙකුත් නැහැ. මේ රටේ ඉරණම අතිශයින්ම ඛේදනීයයි

  6. Gunaruwan says:

    Lankawe Dodamwagawatath mun okamamthamayi kale.

Main News