මාව සෞඛ්‍ය අැමති ධූරයෙන් ඉවත් කරන්න උත්සාහ කරනවා..- රාජිත

May 14, 2017 at 3:26 am | lanka C news | ලංකා සී නිවුස්
මාව සෞඛ්‍ය අැමති ධූරයෙන් ඉවත් කරන්න උත්සාහ කරනවා..- රාජිත

ජාත්‍යන්තර හෙද දිනය සමරමින් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සංවිධානය කළ උත්සවයක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහ සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ පදනම් ආයතනයේ දී පැවැත්විනි.

මෙහිදී අදහස් දක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා

“හෙද දිනයේ දී ලබාදෙන ප්‍රතිඥා පිළිපැදීම තමයි වැදගත්. කිසිම හෙද හෙදියක් රාජකාරී වෙිලාවෙි දී හෝ ඉන් පසුව වෙනත් තැනක සේවය කළ බවට චෝදනා එල්ල වී නැහැ. පෞද්ගලික රෝහල්වල සේවය කරමින් අසාධාරණ අයුරින් මුදල් හම්බ කළ බවට චෝදනා එල්ල වී නැහැ. දැනට පවතින හෙද හිඟය අවම කිරිම සදහා තවත් හෙද හෙදියන් 10,000 ක් වත් අවශ්‍යයයි. සේවක සංඛ්‍යාව වැඩි කළාට වැඩක් නැහැ. හෙද හෙදියන් බිහි කිරීම ප්‍රමාණවත් මදි.

යහපාලන රජය පිහිටුවීමට ගත් ක්‍රියාමාර්ග සමහරුන්ට අමතකයි. නමුත් මට හොදට මතකයි. තක්සේරු කළ නොහැකි අයුරින් වෙනස් කම් සිදු කර තිඛෙනවා. රාජ්‍ය සේවක වැටුප් රුපියල් 10,000 කින් වැඩි කළා. සමහරු අහනවා මොනවා ද කරන්නේ කියලා. යහපාලන රජය ස්ථාපිත කිරීමෙන් පසු සෑම ක්ෂේත්‍රයකටම විවිධ සහන ලැබුනා. සෞඛ්‍ය සේවකයින් සදහා වැඩිකළ අතිකාල දීමනා 2016 ජනවාරි 01 සිට ක්‍රියාත්මක වන පරිදි ලබාදෙනවා. ඊට අදාල චක්‍රලේඛය මුදල් අමාත්‍යවරයා අද නිකුත් කළා.

ඇතැම් වෘත්තීය සමිති වැඩ කරන්නේ ලිං මැඩියෝ වගේ. වෘත්තීයවෙිදීන් ලෙස වැඩ කළ යුතුයි. හෙද හෙදියන් ද වෘත්තීයවෙදීන් බවට පත් කළ යුතුයි. වසර 04 ක් පැවැති හෙද පුහුණුව වසර 03 කට කප්පාදු කළේ විවිධ බලපෑම් මත. එය අසාධාරණයි. වර්තමානයේ ජාතිය සහ ආගම බෙිරා ගැනීමෙි සටනක් තිඛෙනවා. 1959 සිට තමයි අපි ජාතිය බෙිරා ගන්නේ. මෙවැනි මානසිකත්වයක් තිඛෙන පුද්ගලයිනුත් අප අතර සිටිනවා. ඔවුන් දුපත් මානසිකත්වයෙන් කටයුතු කරන්නේ. ඇතැම් සංගම් මට විරුද්ධව කථා කරනවා. ඒ ඔවුන්ට ඖෂධ සමාගම් වලින් මුදල් ගෙවන නිසා. ඖෂධ මිල අඩු කිරිම, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඖෂධ වංචා සහ දුෂණ අවම කිරීමෙන් ඖෂධ සමාගම් කැළඹිලා සිටින්නේ. වෛද්‍ය සංගම්වල උත්සව වලට දැන් ඖෂධ සමාගම් මුදල් ලබාදෙන්නේ නැහැ. සෞඛ්‍ය අරමුදලෙන් එම මුදල් මම ලබාදෙනවා. මම අමාත්‍යධූරයෙන් ඉවත් කරන්න ඔවුන් උත්සාහ කරනවා. මෙම මාෆියාවෙන් වෛද්‍ය වෘත්තිය බෙිරා ගත යුතුයි. මට වෙනත් අමාත්‍යාංශයක් දෙන්න කියනවා. මුදල් ලබාදීලා තමයි එවැනි ප්‍රකාශ නිකුත් කරන්නේ.

සයිටම් ආයතනයට එරෙහිව දින 02 ක වැඩවර්ජනයක් කරන්න කියලා හෙද හෙදියන් යොමු කළ වෘත්තීය සමිතිත් තිඛෙනවා. ඔවුන්ට සයිටම් ආයතනය තමයි හොද නැත්තේ. ඔවුන්ගේ උත්සව වලට මුදල් ලබාදෙන විශ්ව විද්‍යාල හොදයි. එම විශ්ව විද්‍යාල හොද නම් සයිටම් ආයතනය ඇයි හොද නැති වෙන්නේ. බොරු වීර චරිත රඟපානවා. උසස් පෙළ විභාගය සමත්වන සිසු සිසුවියන්ගෙන් විශ්ව විද්‍යාලවලට යන්නේ සියයට 17 යි. අනෙක් අයට සරසවි වරම් හිමි වන්නේ නැහැ. එය ගැටළුවක්. විශ්ව විද්‍යාල අධ්‍යාපනය අපි විනාශ කරන්නේ නැහැ.

හෙද ආචාර්යවරුන්ගේ දීමනාව තිඛෙන්නේ රුපියල් 10,000 යි. මම එම දීමනාව රුපියල් 20,000 දක්වා වැඩි කිරීමට අනුමැතිය ලබාදුන්නා. වැටුප් ගැටළුව හෙද අධ්‍යාපනය දියුණු කිරීමට ප්‍රශ්නයක් වෙලා තිබුනා. දැනට හෙද විද්‍යාලවල ආචාර්යවරුන් 168 ක් පමණ සේවය කරනවා. ඉදිරි වසර 02 ක තුල හෙද සේවාව කිර්තිමත් සේවාවක් බවට පත් කිරීම මගේ අරමුණයි.”

මෙහිදී හෙද හෙදියන් සදහා සාමවිනිසුරු පදවි 15 ක් ද සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් පිරිනමන ලදි. එමෙන්ම විවිධ කුසලතා දැක්වූ හෙද හෙදියන්ට සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් මෙහිදී සහතික පත්‍ර ද පිරිනමන ලදි.

මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන රවී කරුණානායක, සරත් ෆොන්සේකා, චම්පික රණවක, දුමින්ද දිසානායක, යන මහත්වරුන් මෙන්ම නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් එම්.බී.එල් රහුමාන් ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්, රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා ඇතුලු හෙද හෙදියන් එක්ව සිටියහ.

මාධ්‍ය ඒකකය
සෞඛ්‍ය අමාත්‍යංශය

10,087 Viewers

4 Comments to “මාව සෞඛ්‍ය අැමති ධූරයෙන් ඉවත් කරන්න උත්සාහ කරනවා..- රාජිත”

  1. ඇත්ත says:

    සිංහලයට ටයි එකක් දැම්මනම් ඕන දෙයක් කරව ගත්තහැකි…

  2. GAMARALA says:

    ගැඹුරු මුහුදේ මසුන් ඇල්ලීම සඳහා වංචනික ලෙස නැව් 08ක් ගෙන්වීම.

    දත් ගලවා මිළදී ගත් නැව් 08 දැන් කෝ

  3. බෙම්පියා says:

    බස්ගැමුණුවත් ආරාධිත අමුත්තෙක් වෙන්ටෑ..

  4. sinha le says:

    පුළුවන්කාරයන් හමුවේ දනින් වැටී

    සුළු මිනිසුන්ට අඩි හප්පා රවා සිටී

    බලුකම්වලින් අන්තිම බලු කමේ හැටී

    බැලුමට කැමති නම් මුන් දෙස බලනු වටී”

Leave a Comment

Main News