මාව හිරේ දාන්න ආණ්ඩුවේ පිරිසක් උත්සාහ කරනවා..- හිරුණිකා

April 26, 2017 at 10:12 pm | lanka C news
මාව හිරේ දාන්න ආණ්ඩුවේ පිරිසක් උත්සාහ කරනවා..- හිරුණිකා

තමන්ව සිරගත කිරීම සඳහා උත්සාහයක යෙදෙන පිරිසක් ආණ්ඩුව ඇතුළත සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසන්නීය.

ඇය මේබව කියා සිටියේ පුද්ගලයෙකු පැහැරගෙන යාම සම්බන්ධයෙන් ඇයට එරෙහිව ගොනුකර ඇති නඩු විභාගය සඳහා උසාවියට පැමිණි අවස්ථාවේ දී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

“රජයක් පත්වුනා කියල එක එක පුද්ගලයට රජය ඇතුළේ සළකන විදිහ වෙනස්” යැයි පැවසු හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිය “රජයේ කට්ටිය ඉන්නව මාව හිර කරන්න බලාගෙන” යනුවෙන් ද ප්‍රකාශ කළාය.

පුද්ගලයෙකු පැහැරගෙන යාම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු විත්තිකරුවන් නව දෙනෙකුට එරෙහිව පවරා තිබෙන නඩුව විභාග කිරීම සඳහා අද කොළඹ මහාධිකරණය දින නියම කළේය.

ඒ අනුව නඩුව නොවැම්බර් මස 08වැනිදා විභාග කිරීමට දින නියම කළ අධිකරණය එදිනට සාක්කිකරුවන් කැඳවීමට පියවර ගන්නා මෙන් රජයේ නීතිවේදියාට නියම කළේය.

2015 වසරේ දෙසැම්බර් මස 21 වැනිදා දෙමටගොඩදී ඩිෆෙන්ඩර් වාහනයකින් පුද්ගලයෙකු පැහැරගෙන ගොස් පහර දුන් බවට චෝදනා කරමින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු විත්තිකරුවන් නව දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා නඩු පවරා තිබේ.

– BBC

18,242 Viewers

13 Comments to “මාව හිරේ දාන්න ආණ්ඩුවේ පිරිසක් උත්සාහ කරනවා..- හිරුණිකා”

  1. YAMA DUTHA says:

    SADU SADU ! Ratata vinakala me gahaniya vidawala miyayauthi

    • ගෑනුන්ට තව විදියක් ඇයි says:

      උඹ මිනිහෙක් පැහැරගෙන ගිහිල්ල උඹේ ආරක්ෂකයෝ ලවා උඹේ ගෙදරට අරගෙන ඇවිල්ල ඒ මිනිහට ගහලා බලපෑම් කරලා මරණ තර්ජන කරලා ඒ මිනිහට මරණ බය ඇතිකලාම උඹව අත් අඩංගුවට අරගන්නේ නැතිව බොරුවට පොලිසියට කැඳවාගෙන ගිහිල්ල බොහොම ආදරෙන් ප්‍රකාශයක් ලියල පැය බාගෙන් ගෙදර එව්වේ කොහොමද ?මේවගේ චෝදනාවක් ක්රිමිනල් චෝදනාවක් උඹව පරීක්ෂණ නිමකරන තෙක් රිමාන්ඩ් බාරයේ තැබුවේ නැත්තේ ඇයි ?උඹට විශේෂයක් කලේ කොහොමද ?
      මේ අපරාදය ගොහොම පැහැදිලිව උඹ කල බව සාක්ෂි තියෙනවා එනිසා අනිවාර්යෙන් මේ නඩුව ඉවරවෙනකම් බෝව රිමාන්ඩ් එකේ දාන්න ඕනා .මේ ගෑනිට එක නීතියකුත් අනෙක් අයට තව නීතියකුත් මොකටද ?යටිකුට්ටු ගැන්සියේ කෙනෙක් වන මේ ගෑනි අනිවාර්යෙන්ම ශ්‍රීලනිප සිරිසේනගේ කල්ලියේ කෙනෙක් .අගමැතිතුමා මේ ගැහැණිය අනිවාර්යෙන් අත්අඩංගුවට ගන්න .මැය නිදැල්ලේ සිටීම රජයට විශේෂයෙන් unp පාර්ශවයට අගුනයි

      • janaka says:

        මේ ගෑනි අර වාස් ගුනවර්දනගේ ගෑනි වගේ තමයි ඒ අසරණ මනුස්සයාට ගහල තියෙන්නේ .වාස් ගුනවර්දනගේ ගෑනි අර ශිෂ්‍යාගේ බෙල්ල උඩින් කකුල තියලා පාගල තමයි ගැහුවේ .මේ ගෑනි මේසයක් උඩ නැගල මිනිහගේ බෙල්ලෙන් අල්ලලා තල්ලු කරලා පොලවට වැටුණු මිනිහට ගහල තියෙන්නේ .ඉන්නෙනම් දෙකට ගනින්න බෑ වගේ හැබැයි කෙරුවාව .මේ කතාව ඇත්ත කියල ඕනෑම කෙනෙකුට පැහැදිලි වෙන්නේ මේ ගෑනි අර බොරැල්ලේ ගොඩනගිල්ලකට කඩා වැදිලා එකේ ඉන්න මිනිසුන්ට තර්ජනය දාපු එක මුළු රටම දැක්ක නිසා .එනිසා මෙයා මේ දාන සාන්ත දාන්ත බබා පාට් වලට කව්රුත් අහුවෙන්නේ නෑ නඩුකාරයන් අහුවෙන්නෙත් නෑ .
        මේ රටේ අදිකරණයේ ස්වාදිනත්වය පෙන්වන්න මේ ගෑනිට දඩුවම් කලයුතුයි

        • nimesha says:

          මේවගේ ගෑනුන්ව චන්දෙ දීලා පාර්ලිමේන්තු යවපු උන්ටයි ගහන්න ඕනා .මෙන්න තාරුණ මෝඩයන්ගේ ෆේස් බූක් තේරීම .පෙන්වා නේද ?මුන්ට අනුකම්පාව නෑ සයිබර් අවකාශයෙන් එහා මිත්‍රයෝ නෑ මිනිස් සබඳතා නෑ .මුන් සමාජ සේවය කියල කරන්නේ අයිස් බකට් කරන එක ,ඔකියුපයි කියල කොහේ හරි තැනකට එකතුවෙලා බදාගෙන ඉඹ ඉඹ කෑගහන එක .මේ තරුණ කොම්පියුටර් ,ෆේස් බූක් බොළඳ ඇක්ටිවීස්ට් ලා කියල කියාගන්න එවුන්ගේ විහිලු ජිවිතේ .මුන් ඉන්නේ ලෝකේ පය ගහල නෙවෙයි සිහින ලෝකේ .මුන් වගේ එවුන් තමා ෆේස් බූක් වීරයෝ මුන්ගේ පන්තිය මේ රටට විතරක් නෙවෙයි ලෝකෙටම වැඩක් නෑ .මුන්ට ගහල පන්නන්න ඕනා

  2. පාසානම් කෑ මියා says:

    වැරදි යි එක එක්කෙනාට ඕනෙ හැටියට කොරන්න දෙන්න බෑ මයි. අනික නඩුව දවසට බඩුවට බබා ලැබෙන්න ඉන්න නිසා හිරේ දාන්න බෑ ආණ්ඩුවට. මගේ මානව හිමිකම් කඩන්න එන්න එපා. ගෙන්වා තව ඩ්ෆෙන්රඩයක්. උස්සනවා උසාවියේ ඔක්කොම.හැ..හැ..හැ.

  3. හඳුනා says:

    ඒ දවස්වල පොල් ගහපුව දැන් ටික, ටික වැඩ කරගෙන එනව වගේ. ගහමු තව
    වටයක් පොල්, යහපාලන මහ එවුන් හැත්ත බුරුත්තම හැඳි ගෑවිල යන්ඩ කියල.

  4. gon thadiya says:

    CCTV wala api dakka kudu rajage doni andege ragum

  5. Yasantha says:

    මෙයා මේ අර මීතොටමුල්ල කුනුකේස් එක වෙලාවේ හැංගිලා හිටපු එක ගැන එන චෝදනා වලින් බේරෙන්න දාන පොඩි මීඩියා සෙල්ලමක්! ගණන් ගන්න එපා අම්මණ්ඩිගේ හැටි කට්ටිය දන්නවනේ!

  6. Manel says:

    karana kalata paw meeriya me se
    vindina kalata duk dadiwei ginise
    andina epaw duralana…….(I realy forget the rest)

  7. Asitha says:

    You should be chased out of politics very soon.Everybody knows your father started the drug business in kollonawa and you came to politics on sympathy votes selling your father’s body and the garbage dump.People now have realised what a Shit hole you are and waiting to teach you a lesson.You are a woman who has no moral values and you called MR your father and betrayed him.You are nothing but a white piece of Shit..

  8. nima says:

    see you soon duminda silva in welikada………..

  9. හිරු නිකර් (ම්‍යිලානඳ) කොළොන්නාවේ බෝක්කු කටානී කුනුකඳ යටවී ඇතයි අපි සිතා සිටියේ??

Main News