මාළු වැස්සක් වසී.. ජනතාව බය බිරාන්ත වෙති..

December 12, 2017 at 4:40 pm | lanka C news
මාළු වැස්සක් වසී.. ජනතාව බය බිරාන්ත වෙති..

යාපනය නල්ලූර් ඇතුලු මුහුද ආසන්නයේ පිහිටි ප්‍රදේශ වෙතට ඊයේ (11) රාත්‍රියේ හිදීසියේ ඇතිවූ වර්ෂාවත් සමග කුඩා මාළු තොයක් වැටුනු බවට යාපනයේ ධීවරයින් කියා සිටිති.

විනාඩි 20 ක පමණ කාලයක් ඇදහැලුනු වර්ෂාවත් සමග මෙම කුඩා මාළු විශේෂයද වැටී ඇති අතර ඉන් ධීවරයින් බිය වී ඇත්තෙ මුහුද මැද ඇති වූ කිසියම් කුණාට තත්වයක් හේතුවෙන් මාළු වැටෙන්නට ඇති බවටද එම කුණාටුව ගොඩබිමටද බලපෑමට ඉඩක් ඇති යන අවධානම හේතුවෙනි.

කෙසේ වෙතත් අදාල වැස්සෙන් පසුව වෙනත් කිසිදු බලපෑමක්සිදු නොවුනු බවටත් වැස්සත් සමග කුඩා මාළුන්ද වැටීමට හේතුව නිශ්චිත වශයෙන්ම කීමට නොහැකි බවටද ධීවරයින් වැඩි දුරටත් කියා සිටියහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

20,415 Viewers
Main News