මාළු වෙළඳපොළ ජරා ගොඩක් වෙයි…

February 10, 2018 at 2:20 am | lanka C news
මාළු වෙළඳපොළ ජරා ගොඩක් වෙයි…

මන්නාරම මාළු වෙළඳපොළ වසර 15 ක පමණ කාලයක් පුරාවට ප්‍රතිසස්කරණයක් නොවීම හේතුවෙන් මාළු වෙළඳපොළ දැඩි ලෙස ජරාජීර්ණ වීමත් සමග පාරිභෝගික ජනතාව දැඩි අපහසුතාවයන්ට පත්ව සිටිති.

විශේෂයෙන්ම ම්නාරම් මාළු වෙළඳපොළේ අපද්‍රව්‍ය බැහැරකිරීමට විධිමත් කානු පද්දතියක් නොතිබීම හේතුවෙන් වෙළඳපොල තුල හා අවට ප්‍රදේශයේ දැඩි දුර්ගන්ධයක් හැමීමත් මාළු වෙළඳපොළ තුලද අවධිමත් සැලසුම් හේතුවෙන් මාළු මිලට ගැනනීමට පැමිණෙන පාරිභෝගිකයින්ට සිදුව ඇත්තේ අපිරිසිදු ස්ථානයන්හි මාළු ගොඩගසා තැබීම හේතුවෙන් සෞඛ්‍ය ගැටලු රැසක අවධානමක්ද සමගින්ය.

මාළු වෙළඳපොළෙ සිටින ධීවරයින්ගෙන් වෙළඳපොළේ ගැටලු සම්බන්ධයෙන් විමසීමේදී මීට වසර 15 කට පෙර ඉදිකරණ ලද ගොඩනැගිල්ල මේ වනතුරුත් කිසිම ප්‍රතිසංස්කරණයක් නොවීම හේතුවෙන් මෙම තත්වට ඇතිව තිබෙන බවටත් මේ වන විට මාළු වෙළඳපොලේ ජලය මෙන්ම විදුලියද නොමැති වීමෙන් තවත් ගැටලු රැසකට මුහුණ පා ඇති බවටයි.

මේ අතර මන්නාරම් මාළු වෙළඳපොළෙ අපද්‍රව්‍ය සතුන් ආහාරයට ගැනීම හේතුවෙන්ද එම සතුන් මිය යාමේ අවධානමක්ද පිවතින බවට මන්නාරම් ධීවරයින් වැඩි දුරටත් කියාසිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

2,464 Viewers
Main News