මා බාර දුන්නේ 2/3 බලැති ශ‍්‍රීලනිපයක්.. මෛත‍්‍රී ශ‍්‍රීලනිපය සහමුලින්ම වැනසුවා.. පක්‍ෂය දෙකඩ කලා..- මහින්ද සියලූ රහස් හෙලි කරයි..

April 27, 2017 at 3:50 pm | lanka C news
මා බාර දුන්නේ 2/3 බලැති ශ‍්‍රීලනිපයක්.. මෛත‍්‍රී ශ‍්‍රීලනිපය සහමුලින්ම වැනසුවා.. පක්‍ෂය දෙකඩ කලා..- මහින්ද සියලූ රහස් හෙලි කරයි..

‘ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය දෙකඩ කිරීම’ මැයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් නිකුත් කර ඇති නිවේදනයකි මේ.

2017 අ‌ප්‍රේල්  27

මාධ්‍ය නිවේදනය

 ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය දෙකඩ කිරීම

2015 ජනවාරියේදී නව නායකයෙකු යටතට පත්වූයේ නොබෙදුණු ශ්‍රිලනිපයකි. පක්‍ෂ නායකත්වය මා සතුව තබා ගැනීමට මම ඒ අවස්ථාවේදී උත්සාහයක් නොගත්තේ අපි කාගෙත් දේශපාලන තෝතැන්න වූ ශ්‍රිලනිපය රැකගැනීමේ උවමනාව නිසාය. දශක හතරක් මුළුල්ලේ ශ්‍රිලනිපයේ සාමාජිකයෙකු මෙන්ම අවුරුදු 13ක් මුළුල්ලේ පක්‍ෂයේ මහලේකම්වරයෙකුද වූ අයෙකු පක්‍ෂයේ නායකයා වූ විට පක්‍ෂයට හානියක් නොවනු ඇතැයි මම මෙන්ම පක්‍ෂ සාමාජිකයනුත් බලාපොරොත්තු විය. 2015 අගෝස්තු පාර්ලිමේන්තු මැතිවරණයේදී වෙනම ඡන්දය ඉල්ලිය යුතු යැයි අප අතර ප්‍ර‍බල මතයක් තිබුණද, ශ්‍රිලනිපය හා එජනිසය තුළින් අපි එම මැතිවරණයටත් තරග කලේ, මේ පක්‍ෂය රැක ගැනීමට අප තුළ තිබුණු උවමනාව නිසාය. ඒ වන විටත් අප තුළ ශ්‍රිලනිපයේ නව නායකත්වයේ ක්‍රියාකලාපය ගැන බරපතල සැක නොතිබුණා නොවේ.

ශ්‍රිලනිපයේ මේ නව නායකයා ජනාධිපති වූ විගස පාර්ලිමේන්තුවේ ආසන 43ක් පමණක් තිබුණු එජාපයට අගමැතිකම දීම නිසා ඒ වන විටත් පාක්‍ෂිකයන් තුළ තිගැස්මක් තිබුණි. ශ්‍රිලනිපයේ නායකත්වය ලැබීමෙන් පසුවවත් මේ එජාප නැඹුරුව වෙනස් වනු ඇතයි පක්‍ෂ සාමාජියන් බලාපොරොත්තු වුණත්, එවැන්නක් සිදු නොවීය. ඒ වන විට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයක් තිබුණු එජනිසයේ නායකත්වය ලැබීමෙන් පසු, නව නායකයා කළේ එජනිසයේ බහුතරයත් පාචිච්චි කරමින් යූඑන්පී ආණ්ඩුව පවත්වාගෙන යාමයි. එපමනක්ද නොව 2015 මාර්තු මාසයේදී එජනිස පාලනය යටතේ පැවති පලාත් පාලන ආයතන සියල්ල විසුරුවා, ඉදිරියට පැවැත්වීමට නියම වූ පාර්ලිමේන්තු මැතිවරණයේදී එජනිසයට වාසිදායක වූ සාධකයක් අපිට අහිමි කිරීමටත් නව නායකත්වය කටයුතු කළා. එවන් පසුබිමක් තුළ වුවත්, 2015 අගෝස්තු මැතිවරණය අපි එජනිසය යටතේම තරග කළේ, ශ්‍රිලනිපය නොබෙදා තබා ගැනීමට උපරිම උත්සාහයක් ගතයුතු නිසාය. එමෙන්ම නව ශ්‍රිලනිප නායකයා එජාපයේ ග්‍ර‍හණයෙන් ගලවා ගැනීමට හැකිවේ යැයි බලාපොරොත්තුවක්ද එදා නොතිබුණා නොවේ.

නමුත් 2015 මහ මැතිවරණය එජනිසය ජය ගන්නා බවට ළකුණු පහල වෙමින් පැවති අවස්ථාවේදී ශ්‍රිලනිප නායකයා කටයුතු කල ආකාරයෙන් පාක්‍ෂිකයන් බරපතල අපේක්‍ෂා භංගත්වයකට පත්විය. ඡන්දයට දින කීපයක් තිබියදී එජනිසය ඡන්දයෙන් දිණුවත් එහි ඡන්ද ව්‍යාපාරය මෙහෙය වූ මට අගමැතිකම දෙන්නේ නැති බවට විවෘත ලිපියක් ලියමින් ශ්‍රීලනිපයේ නව නායකයා කීවේ ඡන්දයෙන් ශ්‍රිලනිපය දිනුවත් ඔහු ජයග්‍ර‍ණය දෙන්නේ එජාපයට බවය. එයින්ද අපේ ජයග්‍ර‍ණය නැවැත්වීමට නොහැකි වේ යැයි ඔහු තුළ වූ සැකය නිසා ඡන්දයට පැය 48ක් තිබියදී ශ්‍රිලනිපයේ හා එජනිසයේ මහ ලේකම්වරුන් දෙදෙනාම ධූරයන් වලින් පහ කරනු ලැබුවේද ශ්‍රිලනිපයේ පරාජය තහවුරු කිරීමටය. මේ ආකාරයට ශ්‍රිලනිප නායකයාගේ උදවු ඇතුව 2015 අගෝස්තු පාර්ලිමේන්තු මැතිවරණය එජාපය ජයගත් පසු වත්මන් ශ්‍රිලනිප නායකත්වය කලේ ශ්‍රිලනිපයේ මන්ත්‍රීවරුන් පිරිසක් යූඑන්පී ආණ්ඩුවට මුක්කු ගැසීමට යෙදවීමයි.

2015 පාර්ලිමේන්තු මැතිවරණයේදී තේරී පත්වුණු සියළුම මන්ත්‍රීවරුන් ජනතාව ඉදිරියේ පෙනී සිටයේ 2015 ජනවාරි 08 කුමන්ත්‍ර‍ණයට විරුද්ධවය. ඔවුන් සියළුදෙනාම ඡන්දය ඉල්ලුවේ මේ යමපාලන ආණ්ඩුවේ වැඩපිළිවෙලට විරුද්ධවය. එසේ පාර්ලිමේන්තුවට තේරී පත්වුණු මන්ත්‍රීවරුන් තිස් ගණනක් ශ්‍රිලනිප නායකත්වයේ ආරාධනය මත යූඑන්පී ආණ්ඩුවට මුක්කු ගැසීමට ඉදිරිපත් වී සිටීම ගැන මම කණගාටුවට පත්වෙමි. නමුත් ශ්‍රිලනිප හා එජනිස මන්ත්‍රීවරුන් 52 ක් තමන්ට 2015 ලැබුණු යමපාලන විරෝධී ජනවරමට ගරු කරමින් විපක්‍ෂයේ අසුන්ගෙන සිටී.

මෙසේ විපක්‍ෂයේ සිටින ශ්‍රිලනිප මන්ත්‍රීවරුන් විටින් විට, ඔවුන්ගේ ආසන සංවිධායක ධූර වලින් ඉවත් කිරීම දැන් අවුරුදු දෙකක් මුළුලුල්ලේ සිදු වී ඇත. ශ්‍රිලනිප පාක්‍ෂිකයන්ගේ ඡන්දයෙන් පත්කර ගනු ලැබූ අතිශයින්ම ජනප්‍රිය චරිත ආසන සංවිධායක ධූර වලින් ඉවත් කරමින් ශ්‍රිලනිපයේ නායකත්වය මේ කරන්නේ ශ්‍රිලනිපය ශක්තිමත් කිරීම නොව එජාපයේ ජය තහවුරු කිරීමට කටයුතු කිරීමය. අද වන විට එජාප ආණ්ඩුවට මුක්කු නොගැසීමේ වරදට ආසන සංවිධායක ධූර වලින් නෙරපා හැර ඇති ශ්‍රිලනිප මන්ත්‍රීවරුන් අතර, ප්‍ර‍සන්න රණතුංග, බන්දුල ගුණවර්ධන, ගීතා කුමාරසිංහ, ගාමිණී ලොකුගේ, සනත් නිශාන්ත, පියල් නිශාන්ත, ජොන්ස්ටන් ප්‍ර‍නාන්දු, මහින්ද යාපා අබේවර්ධන, කෙහෙළිය රඹුක්වැල්ල, පවිත්‍රා වන්නිආරච්චි, රෝහිත අබේගුණවර්ධන, ජගත් බාලසූරිය, සී.බී. රත්නායක, ජනක බණ්ඩාර තෙන්නකෝන්, ලොහාන් රත්වත්තේ, අනුර විදානගමගේ, සාලින්ද දිසානායක, මොහාන් සිල්වා, ටිකිරි අධිකාරී, ඩී.බී.හේරත්, කංචන විජේසේකර යන මන්ත්‍රීවරුන්ද වේ.

මේ ආකාරයට ශ්‍රිලනිපයේ ස්ප්‍රිත්තුව, ආසන සංවිධායකකම් වලින් ඉවත් කිරීමෙන් වාසිය සැලසෙන්නේ ශ්‍රිලනිපයටද නැතිනනම් එජාපයටද? මෙසේ ඊයේ පෙරේදා ආසන සංවිධායක ධූරයෙන් ඉවත් කළ ජනක බණ්ඩාර තෙන්නකෝන් මාතලේ දිස්ත්‍රික්කයේ ශ්‍රිලනිපය වෙනුවෙන් කළ මෙහෙවරවත් සැලකිල්ලට ගෙන නැති බව පැහැදිලිය. එතුමාගේ දිවන්ගත පියා ටී.බී.තෙන්නකෝන් ශ්‍රිලනිපයේ ආරම්භක සාමාජිකයෙකු මෙන්ම 1956 විප්ලවයේ පුරෝගාමීයෙකුද විය.  ලොහාන් රත්වත්තේ ඉවත් කිරීමට පෙර ඔහුගේ දිවංගත පියා ශ්‍රිලනිපයටත් රටටත් කල සේවය ගණන් ගෙන තිබෙනවාද? ශ්‍රිලනිප නායකයාගේ මේ වැඩ පිළිවෙල නිසා ශ්‍රිලනිපයේ ආසන සංවිධායක කමත් බාල්දු වී ඇති තරම ඩලස් අලහප්පෙරුම, ජනක වක්කුඹුර හා  රෝහණ දිසානායක ස්වේච්චාවෙන්ම තම සංවිධායක ධූරවලින් ඉවත් වීමෙන් පෙනේ. ප්‍ර‍මිත බණ්ඩාර තෙන්නකෝන් සිය පියාට වූ අසාධාරණය නිසා දෙවරක් නොසිතා තමාට තිබුණු පලාත් ඇමති ධූරයෙනුත් ඉල්ලා අස්විය.

පක්‍ෂයේ පතාක යෝධයින් ආසන සංවිධායක කම්වලින් ඉවත් කරමින් මේ ගෙන යන වැඩපිළිවෙල නිසා ශ්‍රිලනිපය දෙකඩ කිරීමේ සමපූර්ණ වගකීම පක්‍ෂ නායකයා භාරගත යුතුය. යූඑන්පී ආණ්ඩුවට මුක්කු ගසන මන්ත්‍රීවරුන්ගේ ආසන සංවිධායක කම් එසේම තිබියදී ආණ්ඩුවට විරුද්ධ මන්ත්‍රීවරුන්ගේ ආසන සංවිධායකකම් නැති කිරීමෙන් ශක්තිමත් වෙන්නේ ශ්‍රිලනිපයද නැතිනම් එජාපයද යන්න පොඩි ළමයෙකුට වුවත් තේරුම් ගැනීමට අපහසු නැත. තමන්ට 2015 අගෝස්තු පාර්ලිමේන්තු මැතිවරණයේදී ලැබුණු ජණවරමට ගරු කරමින් විපක්‍ෂයේ සිටින ශ්‍රිලනිප මන්ත්‍රීවරුන් ශ්‍රිලනිප මධ්‍යම කාරක සභාවෙනුත් ඉවත් කොට ඇත. මේ කුමන ක්‍රියාමාර්ග ගත්තත් ශ්‍රිලනිප නායකයාගේ අනුග්‍රාහකත්වය යටතේ පවතින මේ දුර්දාන්ත ආණ්ඩුව දිනෙන් දිනම පිරිහීම වැලැක්විය නොහැක.

ශ්‍රිලනිපයේ මන්ත්‍රීවරුන් පිරිසකුත් ආණ්ඩුව ශක්තිමත් කිරීමට යෑමෙන් පසුත් ආණ්ඩුවට වැඩ බැරිනම්, බලා සිටියදී ගිලෙන ඔය නැවේ තවදුරටත් සිටින්නේ කුමටදැයි, ඒ ශ්‍රිලනිප මන්ත්‍රීවරුන්ද කල්පනා කර බැලිය යුතුය. ඡන්දයකදී කිසිදාක ශ්‍රිලනිපයට ඡන්දය නොදෙන, ජාතික දේශපාලන පක්‍ෂ මෙන් මැයි දිනය සමරන්නේ නැති, උතුරු නැගෙනහිර ජාතිවාදී පක්‍ෂවල සාමාජිකයන්ට නොමිලේ විනෝද සවාරි ලබා දී ගෙන්වාගෙන ඔලුගෙඩි පෙන්වා ජනතාව රැවටීමට උත්සාහ ගත්තත්, දිගින් දිගටම මේ ආණ්ඩුව ඡන්ද කල් දමමින් සිටන්නේ, ඔවුන්ට රට තුළ තිබෙන සැබෑ බලය ගැන අවබෝධයක් තිබෙන නිසා විය යුතුය.

මම 2015, අපට ලැබෙනු ජනවරම අනුව ‍මේ ආණ්ඩුවට එරෙහි විපක්‍ෂ බලවේගයට නායකත්වය දෙමින් මේ දුර්දාන්ත ආණ්ඩුව පරාජය කිරීමට කැප වෙන බව මෙහදී නැවතත් ප්‍රකාශ කර සිටමි. ශ්‍රිලනිපය එජාපයේ වලිගයක් බවට පත් කිරීමට විරුද්ධ සියළුම ශ්‍රිලනිප පාක්‍ෂිකයන්ටත්, මේ ආණ්ඩුවේ ජාතිද්‍රෝහී වැඩපිළිවෙලට විරුද්ධ මහජනතාවටද ගාලු මුවදොර මැයි රැලියට සහභාගී වී මේ ආණ්ඩුවට ප්‍ර‍බල පණිවුඩයක් යවන මෙන් මම ආරාධනය කර සිටිමි.

මහින්ද රාජපක්‍ෂ
ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති

37,492 Viewers

35 Comments to “මා බාර දුන්නේ 2/3 බලැති ශ‍්‍රීලනිපයක්.. මෛත‍්‍රී ශ‍්‍රීලනිපය සහමුලින්ම වැනසුවා.. පක්‍ෂය දෙකඩ කලා..- මහින්ද සියලූ රහස් හෙලි කරයි..”

  1. රෝහණ පුත්‍ර says:

    දැං මක්කයි කරන්නෙ හිටං

    • Boo says:

      නිකං පිස්සෙක් වගෙ පිස්සෙක් වගෙ හැසිරෙන්න එපා!

    • Micro Man says:

      දැන් සැපදදදදදදදදදදදදදදදද……………

      • jayamal says:

        තිස් වසරක් ලේ ගංගා ගලා ගිය දේශයට යලි පන දී එක්සේසත් කොට දැවැන්ත සංවර්ධනයෙන් මේ රට කවදාවත් නොසිතූ තරම් ඉහලටම එසවූ ඔබතුමාට මගේ ප්‍රණාමය සහ ආදරය සදහටම හිමි වේ!

        ඔය මව්බිමේ ද්‍රෝහියන් මොනවා කිව්වත් කලත් මේ රටේ පැහැදිලි හෘද සාක්ශියක් ඇති සත්පුරුෂයින් හැමදාමත් ඔබතුමා සමඟයි! ඒ බව රටටම ඔප්පු වෙන….. රටටම දැනෙන දිනය අත ලඟයි! සුපුරුදු පරිදි එක සිතින් ඔබතුමාට සහ මගේ ආදරණීය මව්බිමට ජයෙන් ජයම වේවා යි ප්‍රාර්ථනා කරමි!

  2. Veerasena says:

    Paradunanam gedara pala paw nodee
    Umba nathuvata onatharan aya innava rata karanna

    • Brahmana says:

      Dhan ona tharan aya innava rata kanna!
      Maha eka indhala podi eka dhakwa dhan okkoma karanne rata kana ekane.

    • Vajja says:

      පේනවා කොරණ හැටි හිටන්. ජීවිතේට අහල නැති කිරිබති කියන රටේත් දැන් ඉස්කෝල වල, අසාර්ථක රාජ්‍යයන් සඳහා උදාහරණ හැටියට දක්වන්නේ ග්‍රීසිය හා ශ්‍රි ලංකාව. Hixxx

    • hitan vs hutan says:

      හිටං වගේම වැඩ බැරි එකෙක්!!

    • manjula says:

      ammapa veerasena kiyana hadaya bombayakata wath ahuwela maruna nam wasanawan. mula amathaka sakkili haththa. waradi adupadu naththe kageda eth yamak hari karapu deta garu karanna. ochchara thadin kathakarana thamun me ratata abamal renuwaka wath wadak karala thiyeda kiyala prasnarthayak

  3. Prasa says:

    Finally The lion making the roar, sir comeback for motherland, we are waiting for you or GR.

  4. True says:

    100% CORRECT. KEEP IT UP.

  5. Notthischange says:

    We’ll be there at Galle face green…

  6. Kal says:

    My3 can not expell JO parliamentarians from parliament after this letter.

  7. රාහුල කොලුවා says:

    මෙම ලිපියේ එක් අඩු පාඩුවක් දකිමි… එනම් පක්ෂයේ ඡනාධිපති අපේක්ෂකයාට එරෙහිව කුමන්ත්‍රණකාරී ලෙස (අවසන් මොහොත දක්වා රහසක් ලෙස තබා ගැනීම නිසා) පක්ෂයේම මහ ලේකම්වරයා ඉදිරිපත් වී පක්ෂ නායකයා පරාඡය කිරීම සාමාන්‍ය පාක්ෂිකයා මහත් කම්පනයකට පත් කල අතර, එය කෙසේවත් අනුමත කල නොහැකි ක්‍රියාවක් වූ බැවින්, අදටත් නව නායකයා තම නායකයා ලෙස පිලි ගැනීමට බහුතර සාමාන්‍ය පාක්ෂිකයා දක්වන දැඩි අකමැත්ත නිසා පක්ෂය දෙකඩ වනවා මිසක් එක්කාසු කිරීමට කිසිවෙකුට නොහැකි බව සදහන් නොවීම…

  8. LION says:

    අපි සියඵ දෙනාටම එදා ජනවාරි අටවනදා වැරදුනා. මෙ වරද නිවැරදි කරගත යුතුයි නැතිනම් අපි තෙවන වරටත් ‘හරාකිරි’ කරගන්නවා පමනක් නොව නායකයෙක් නැති නිහීන ජාතියක් වී බටහිරින් හැලෙන යමක් ඇහිද ජිවත්වන නිවටුන් බවට පත්වේවි. අපි සිටිය යුත්තේ බටහිර හා සමසමවය. අප සතුව ඇති දැනුම් සම්භාරයත් බුදධියත් වෙනත් කිසිම ජාතියකට නැත. අපේ මුතුන් මිත්තන් මේවා අපට ඉතුරැකර තැබුවේ එමගින් ලෝකයේ ඉන්නා උසස්ම ජාතිය වී නිර්මලවු බුදුදහම රැකගැනීමටයි.

    රටකට ජනතාව, සංස්කෘතියක් මෙන්ම ජනතාවට ආදරයකරන නායකයෙක්ද අවශ්‍යය.. යහපාලකයින් රකිනා රටක් නැත. ඔවුන් මේ රට කාගේදැයිවත් නොදනී. ‘මේ රට සිංහලයින්ගේ යැයි ලියා ඇත්තේ කොහේද’ යනුවෙන් ඔලොක්කු කරන්නේත්, මේ රට කාගේදැයි කියා ඔවුන් නොදන්නා බව ප්‍රසිද්ධියේම ප්‍රකාශ කරන්නේත් සිංහලයාට මේ රටතුල ඇති අයිතිය හා හිමිතැන නැතිකරන චේතනාවෙන් බව අප තේරැම් ගත යුතුව ඇත.

    යහපාලනය සමඟ අපේ ජීවය බඳුවූ මේ රට ගමන් කරනා දිසාව දැන් පැහැදිලිය. මේ ව්‍යාසනයෙන් මිදෙන එකම මාර්ගය ලබන මැතිවරණය හරහා අපට ලැබී ඇත. එදිනට මහින්ද ‘කල රට’ ලැබූ සංවර්ධනයත්, ඔහුගේ හැකියාවත්, අද යහපාලනයේ නොහැකියාවත් තේරැම් ගැනීමට තරම් අප බුද්ධිමත් වෙමු.

  9. Saradiel says:

    එතෙක් මෙතෙක් කිසිම ජන නායකයෙක් නොලැබු ආසන සංඛ්‍යවකින් මහින්දයන් ප්‍රමුඛ එ නි ජ සංධානය දිනවා නැවත ජය මඟකට අප ලක් මෑණියන්ව රැගෙන යමු.

    • බන්ඩය්යා says:

      මහින්දගෙ අලුත් පක්ෂෙට ජනාධිපතිවරනයක් දිනන එක එච්චර ලේසිය් කියල ගනනය කරන්න එපා. සුලුජාතික චන්ද 25%න් 95% ක් අදත් අනිවාර්යයෙන්ම දෙන්නෙ මහින්දට විරුද්දවය්. ඒ් චන්ද වලට කොලපාට ලේ තියන සිංහල හරක් ටික එකතු උනහම 50% හට අාසන්න වෙනවා. දකුනෙත් සුලු ජාතික චන්ද දෙන්නෙත් රනිලටය්. නමුත් දකුන මහින්ද දිනනවා ඒකාන්තය්. මවිල් කෙලින් වන හිරැ බලයෙ විමල්ගෙ කතාව අහන්න.

  10. rajapathi says:

    බලයෙන් පහවී තැන තැන වසනා
    පැසුණු තුරුණු යාමේ
    රජෙකුට ඇත්තේ රජකම පමණයි
    එය නැති වී ඇත්තේ ////
    බලය බිඳී ගොස් අසරණ වී ඇති
    පාවෙන මේ දිවියේ //////
    බලය ලබාදී රජ කරවනු මැන
    එය ෆින් සිදු වනු ඇත්තේ /////
    බලය ලබාදී මා ගොඩ ගණු මැන
    එය ෆින් සිදු වනු ඇත්තේ /////
    රජෙකුට ඇත්තේ රජකම පමණයි
    එය නැති වී ඇත්තේ // ////
    රට වට ඇවිදින් චන්දය ඉල්ලා
    ඇවිදින මේ දිවියේ /////
    පෙරුම් පුරනවද යලි රජ වන්නට
    එය නොම වනු ඇත්තේ // /////
    රජෙකුට ඇත්තේ රජකම පමණයි
    එය නැති වී ඇත්තේ // ////

    • ලක්ෂ්මන් මොරලන්ද says:

      රජෙකුට ඇත්තේ රජකම පමණයි එය රැක ගත යුත්තේ.
      මහින්ද නම් වීරපුතා නැවතත් රජවිය යුත්තේ.

      රජෙකුට ඇත්තේ මවුබිම පමණයි එය රැක ගත යුත්තේ
      මහින්ද හැර වෙන රජෙකුට එය කල නොම හැක්කේ.

    • hitan vs hutan says:

      හිටං වගේම වැඩ බැරි එකෙක්!!

    • kate says:

      ඇස් ඇර බලන්න මිතුරේ රටට වු විනාශය දෙස. මෙය ඔබේ මගේ රට. ඹබේ කවි හැකියාව යහපතට යොදවන්න.

  11. perera says:

    මේ අවුරුදු දෙක තුල මේ රටට සිදු වී ඈති විනාශය කොපමනද කියා කල්පනා කර බලන්න. ජාතින් අතර අසමගිය වර්දනය වීම.ඉඩම් මන්කොල්ලය,ආගමික අසමගිය.මුන්ගේ යහපාලනයේ ප්‍රතිපලය.අපේ මහ රජ මහින්ද පෑමින මේ සියල්ල නිවෑරදි කලයුතුයි.ඔබ තුමාට දීර්ඝායුශ ලෑබේවා.

  12. Open mind says:

    අත්සන් කරන්න කුරුණැගල පාර්ලිමේන්තු මන්ත්‍රී කියා.හිටපු……. කියන්න ට වඩා එය නම්බු කාරයි.තියෙන දේ තිබිල නැතිකරගත්දෙයට වඩා වැදගත්.ජය වේවා

    • hitan vs hutan says:

      හිටං වගේම වැඩ බැරි එකෙක්!!

    • Mind your Open says:

      දෑස පෑදූ ගුරුවරයකු වයසට විශ්‍රාම ගිය පසු කුඹුරු කෙටුව ද ඒ අපේ එදා ගුරුතුමා මිස අපට ගොව්යකු නො වන්නේ ය….

      ඔහුව වටිනා ජනතාවට ඔහු වැදගත් වන්නේ කුරුණෑගල මන්ත්‍රී ලෙසට වූ දවසට එසේ අත්සන් කරාවි….

      අදට රටට අවශ්‍යව ඇති කාර්‍ය භාරය ඉටු කිරීමට වත්මන් ජනාධිපතිට හෝ අගමැතිට බැරි බව පෙනි පෙනී තිබියදී ජනතාවට වටින්නේ එවැනි තත්වයක සිට රට ඉහලට ඔසවා තැබූ අයකු ගේ අත්දැකීම්ය. එනිසා එවැන්නකු ජනතාවට ලියන විට අනන්‍යතාව විය යුත්තේ ජනතාවට වැදගත් වන ආකාරයට ය.

  13. Gotaimbara says:

    Country’s only hope is a Rajapakse. Well said, as mentioned by a commentator the party and the country was shocked with bacstabbers defection.

    Chiran Jayathu. Theruwan Saranai

  14. mawubima_perata says:

    ෙම්ක තමයි ශ්‍රී ලංකා ඒකට උන අැත්ත කතාව.ෙම්ක මැයි දිනය දවෙස් කියන්න වටිනවා පාක්ෂිකයන් ඉදිරිෙය්

  15. podi gamaya says:

    You should have kept the leadership of Eksath janatha Sandanaya.It is Ok handing over of SLFP.

Main News