මැතිවරණය අල්ලපනල්ලේ දේශපාලක සහචරයෝ තම්මැන්නා ඇල ගොඩ කරයි…

February 10, 2018 at 8:40 am | lanka C news
මැතිවරණය අල්ලපනල්ලේ දේශපාලක සහචරයෝ තම්මැන්නා ඇල ගොඩ කරයි…

සිකුරාදා (09) හවස් කාලයේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පිටුපසින් ගලා යන තම්මැන්නා ඇලට පස් හා කුණුරොඩු දමා ගොඩකරමින් සිටි . මෙම ඇල මීට වසර කීපයටකට පෙර වැසි සමයේ පීටාර ගැලිම නිසා ඇලකපා පුළුල් කරිමේ කටයුතු සිදුකර දෙපස ගල්බැමි යොදා සකස්කර ඇත.

එහෙත් එහි ඇතුල ශුද්ධ පවිත්‍ර නොකිරිම නිසා විශාල ලෙස අවහිර වි ඇති අතර හිටිහැටියේ ඇලටට පස්දාමා ගොඩකර මාර්ගයක් සැකසීමේ කටයුතු සිදුකරණ බවට අසල් වාසින් විසින් දඹුල්ල මහානගර සභාවට හා පොලිසියට පැමිණිලි කර ඇත .

ඒ අනුව දඹුල්ල මහා නගර සභාවේ තාක්ෂණ නිලධාරියකු පැමිණ ඇලට දමා ඇති පස් ඉවත් කරණ ලෙස එම ගොඩ කීරිම් කල පුද්ගලයින්ට දැනුම් දී ඇත.

ඒ ස්තානයට යන විට දඹුල්ල ආසන සංවිධායක වරයකුගේ (නිදහස්පක්ෂ) ආධාරකරුවන් කිපදෙනකු හා බැකෝ යන්ත්‍ර තුනක් යොදාගෙන අක්කර දෙකක පමණ ඉඩමක් ශුද්ධ කරණ ආකාරය දැකගත හැකිවිය.

එසේ ඉඩම ශුද්ධ කර ඉවත් කරණ කුණු රොඩු හා පස් ඇලට අල්ලු කර තිබුණ අතර අප එම ස්ථානයේ සිටින විට ඒ ස්ථානයට පැමිනි දඹුල්ල මහා නගර සභාවේ තාක්ෂණ නිලධාරියක්වන දිනේෂ් මහතා ඇලට රොඩු දාන පුද්ගලයින් සමග සාකච්ජා කරල අතර දමන ලද රොඩු ඉවත්කරණ බව පැසසු බවද පොලිසියට දැන්ම පැමිණිලි නොකරණ බවද ප්‍රකාශ කරමින් එම ස්ථානයෙන් ඉවත්ව ගොස් තිබේ

මේ පිලිබදව දඹුල්ල පොලිසියෙන් විමසීමක් කල අතර නිලධාරාරියකු ඒ ස්ථානයට යොමුකල බව පැවසුවද හවස 6 30 පමණ වන තුරුත් පස් හා කුණුරොඩු දමා ගොඩකරණ අන්දම දැකිය හැකිවිය

– මහින්ද දඹුල්ල

4,973 Viewers
Main News