මැතිවරණ නෑ.. ලාම්පු කලගෙඩි ජනමත විචාරණයක් එයි.. ජනාධිපති මෛත‍්‍රී, අගමැති රනිල්, හවුල් ආණ්ඩුව 2025 දක්වාම..

October 7, 2017 at 10:00 am | lanka C news
මැතිවරණ නෑ.. ලාම්පු කලගෙඩි ජනමත විචාරණයක් එයි.. ජනාධිපති මෛත‍්‍රී, අගමැති රනිල්, හවුල් ආණ්ඩුව 2025 දක්වාම..

යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුමත කර ගැනීම පිණිස පවත්වනු ලබන ජනමත විචාරණයට ජනාධිපති නිල කාලය දීර්ඝ කිරීම ඇතුළු තවත් කරුණු තුනක් ඇතුළත් කර ජනතා කැමැත්ත ලබාගැනීමට යයි.

පාර්ලිමේන්තු මැතිවරණය ආසන මට්ටමෙන් පැවැත්වීම, විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ පාර්ලිමේන්තුවේ නිල කාලය තවත් වසර 5කින් දීර්ඝ කිරීම යන කරුණු ජනමත විචාරණයට ඇතුළත් කිරීමට යන බව දැනගන්නට ඇත.

මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ ඉහළ පෙළේ සාකච්ඡා කිහිපයක්ම මේ වන විට පවත්වා ඇති බව වාර්තා වෙයි.

මේ අතර විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත, පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයෙහි තවමත් ඇතුළත් කර තිබීම දේශපාලන අංශවල කතාබහට ලක්ව ඇත.

ආණ්ඩුවේ ඇතැම් මැති ඇමැතිවරුන් පවතින ආණ්ඩුව 2020න් එහාටත් පවතින බවට තැනින් තැන ප්‍රකාශ කිරීමද මේ අන්දමට ජනමත විචාරණය පැවැත්වීමට හේතු සාධක බව දේශපාලන නිරීක්ෂකයෝ පෙන්වා දෙති.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කටයුතු කඩිනමින් අවසන් කර ජනමත විචාරණයකට යෑමට අපේක්ෂිත බැවින් මෙතෙක් මෙහෙයුම් කමිටුව වෙත ඉදිරිපත් වී ඇති කරුණු පුරා දින තුනක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වී සාකච්ඡා කිරීමට දින නියම කර තිබේ.

ඒ අනුව මේ මස 27, 30 සහ 31 යන දිනයන්හි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වීමට නියමිත බව දැනගන්නට ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා පැවැත්වෙන ජනමත විචාරණයට වෙනත් කරුණු ඇතුළත් කෙරෙන්නේ නම් යහපාලන ආණ්ඩුවේ කටයුතු කරන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රිවරු දැඩි ලෙස විරෝධය පළ කිරීමට තීරණය කර ඇති බවත් පූර්ව දැනුම් දීමකින් තොරව ආණ්ඩුවෙන් ඉවත්වී විපක්ෂයේ අසුන් ගැනීමට සූදානමින් පසුවන බවත් දැනගන්නට ඇත.

ජනමත විචාරණයේදී වෙනත් කරුණු 4ක් ඇතුළත් කිරීම සඳහා ආණ්ඩුව සමඟ සිටින සියලුම දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා කර එකඟතාවට පැමිණීමට යන බවටද තොරතුරු වාර්තා වෙයි.

– mawbima.lk

8,149 Viewers

One Comment to “මැතිවරණ නෑ.. ලාම්පු කලගෙඩි ජනමත විචාරණයක් එයි.. ජනාධිපති මෛත‍්‍රී, අගමැති රනිල්, හවුල් ආණ්ඩුව 2025 දක්වාම..”

  1. love nature says:

    නිදහසේ අගය නිරතුරු කියා පෑ මහින්ද හිමියෝ සැබෑ සිංහල කොල්ලෙකු නැත්තේ මන්දැයි ප්‍රශ්න කරති. එය අසනුයේ සම්බුද්ධ ශාසනය සුරක්‍ෂිතව තබා ගැනීම සඳහා ලංකාව රක්නා උපුල්වන් දෙවියන්ගෙනි.

    “බෑ ඉවසන්නට බෑ ඉවසන්නට අම්මෙනි පෙම්බර ලංකා
    මා සිත ගින්නෙනි ලූ ලුණු මෙන් පුපුරන්නෙකු කෝප විකාරෙන්
    ඈ සනසන්නට සිංහල ලේ ඇති සිංහල කොල්ලකු අයියෝ
    දැන් උපදින්නෙම නැද්ද උපුල්වන් දෙව් රජුනේ ලක රක්නා”

Main News