මැනිං වෙළදපොල පළතුරු වෙළෙන්දන්ගෙන් ඓතිහාසික තීරණයක්….

July 7, 2018 at 12:01 am | lanka C news
මැනිං වෙළදපොල පළතුරු වෙළෙන්දන්ගෙන් ඓතිහාසික තීරණයක්….

කොළඹ පිටකොටුව මැනිං වෙළදපොල පළතුරු වෙළෙන්දන් පළතුරු ඉදවීම සඳහා කෘතීම රසායන ද්‍රව්‍ය භාවිතය අත්හැරීමට තීරණය කරන ලදි.

මැනිං වෙළඳපොලේ සහ රටපුරා වෙළෙන්දන් පළතුරු ඉදවීම සදහා කෘතීම රසායන ද්‍රව්‍ය අධික ලෙස භාවිතා කරන බව පසුගිය සති කිහිපයක් පෞද්ගලික රුපවාහිනී නාලිකා කිහිපයක් සාක්ෂි සහිතව කරුණු ඉදිරිපත් කළේය.

මහාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහතාගේ මගපෙන්වීමෙන් මෙම තීරණයට එළෙඹි බවත් රසායන ද්‍රව්‍ය භාවිතා කර පළතුරු ඉදවීමෙන් සෞඛ්‍ය අවදානමක් ඇති බව මේ වන තෙක් තමන්ට කිසිවකු හෝ නිසි පරිදි පැහැදිලි කර නොදුන් බවත් සමස්ත ලංකා ඒකාබද්ධ සහ මැනිං වෙළඳ සංගමයේ ජාතික සංවිධායක HM උපසේන මහතා පැවැසීය. සමාගම්වල නියෝජිතයන් සහ කෘෂිකර්ම නිලධාරීන් පැමිණ මීට වසර 12කට පමණ පෙර මේ රසායන ද්‍රව්‍ය තමන්ට හඳුන්වා දුන් බව පැවසූ උපසේන මහතා එතෙක් කල් දුම් ගැසීමෙන් පලතුරු ඉදවීමේ ක්‍රමවේදයක් වෙළෙන්දන් අනුගමනය කල බව පැවසීය. කෘතීම රසායන ද්‍රව්‍ය නැතිව අදටත් පලතුරු ඉඩවීමට වෙළෙන්දන්ට හැකි බවත් හෙට දිනයේ සිටම ඒ සඳහා කටයුතු කරන බවත් ඒ මහතා වැඩි දුරටත් පැවසීය.

1200ක් පමණ වන මැනිං වෙළෙන්දන්ගෙන් 90% බෞද්ධයන් බව පැවසු මැනිං පොදු වෙළඳ සමිතියේ සභාපති ලාල් හෙට්ටිගේ මහතා මෙහි වෙළෙන්දන්ගේ පවුල්වල අය කන්නේද මේ පලතුරු බවත්, මිනිසුන්ට වස කවා, ලෙඩ රෝග ඇතිකර ආදායම් ඉපයීමට මැනිං වෙළෙන්දන් අකමැති බවත්, මෙවැනි පියවරක් හෝ නොගන්නේනම් බෞද්ධ කමේ ඇති තේරුම කුමක්ද යනුවෙනුත් පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ වෛද්‍ය ජයසුමන මහතා “අද බෝධිසත්වයන් වගේ පෙනී සිටින බොහෝ දෙනා රටක්, ජාතියක් ගැන හැගීමක් නැති තක්කඩි; බෝධි සත්වයන් හමු වන්නේ අප අපේක්ෂා නොකරන තැන්වල; මේත් ඒ වගේ පිරිසක්; මැනිං වෙළඳ පොළ කිව්වම අප බොහෝ දෙනාගේ හිතට එන්නේ හොඳ අදහසක් නොවෙයි. මගේ නම් ඒ අදහස අද සම්පුර්ණයෙන් වෙනස් වුණා. තමන්ගේ අතින් වරදක් වුනහම ඒක පිලි අරගෙන වරද නිවරද කර ගන්න බොහෝ දෙනෙක් කැමති නැහැ; එත් ඒ උතුම් ආදර්ශය අද මැනිං වෙළදපොල පළතුරු වෙළෙන්දන් දීල තියෙනවා. පරණ ක්‍රමේට හුරු වෙන්න ටික දවසක් යයි; එත් මිනිස්සු ඔබලාව හොයාගෙන එයි කෘතීම රසායන නැතිව ඉදුණු කෙසල්, අඹ, පැපොල් හොයාගෙන; මේක අමාරු වැඩක්; එත් ඒ අමාරු වැඩේ බොහොම අමාරුවෙන් ඔබල කරලා තියෙනවා; රටේ අනෙක් පලතුරු වෙළෙන්දනුත් ඔබලාව ආදර්ශයට ගනීවි. මේක ජාති ජාතිත් ඵල දෙන පුණ්‍යකර්මයක්” යනුවෙන් පැවසීය.

කොළඹ නගර සභාවේ නිලධාරීන්, මැනිං වෙළඳ පොළ පොලිස් ස්ථානාධිපතිතුමා, සමාජ ක්‍රියාකාරිකයන්, මැනිං වෙළඳ පොළ වෙළෙන්දන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගී වූහ.

28,930 Viewers

14 Comments to “මැනිං වෙළදපොල පළතුරු වෙළෙන්දන්ගෙන් ඓතිහාසික තීරණයක්….”

  1. "කර්ත-කොලොම්බ " says:

    අගයමු ඔබල ගත් මෙම තීරනය රටම
    ජාති ආගම් සහජීවන පනදී ගමු ජයම
    රසය ගුණය වැඩිකර කෙල බේරෙනම
    තම ගුණය පෙන්නුවා සැම මුදලාලිලම

  2. daminda says:

    ……………giniyam awae maha warusawae dewiyo wada innae…………

  3. Nuwan says:

    අද අප්‍රේල් පලවෙනිදද කියල බැලුවා ඕන්. ලංකාව ජපානයක් වෙන්න යනවද.

  4. සුමිත් says:

    ඉතාම හොඳ වැදගත් වැඩක්. මිනිස්සුන්ට ඍජුවම බලපාන දෙයක්. හරිනම් හැම මාධ්‍යකම ප්‍රධාන නිවුස් එක වෙන්න ඕන. එත් ප්‍රධාන මාධ්‍ය මගින් මේ සඳහා තැනක් ලැබුනේ නැහැ. ඒවායේ ඉන්න ප්‍රවෘති සංස්කාරකල පුරුදු වෙලා තියෙන්නේ මිනීමැරුම් ගැනයි දේශපාලකයන්ගේ පච කතා ගැනයි ප්‍රසිද්දියක් දෙන්න. කුණු රසයට පුරුදු උන රටක යහපත් වැඩක්.

  5. Thilan says:

    Loku sathutak danenawa…

  6. NAK says:

    ithamath watina punyakarmayak.

  7. නිවැරදි මග, තෝරාගත් නුබලාට ජාතියේ සුබපැතුම්

  8. sanidu sooriarachchi says:

    ඕබට අපේ උපහාරය

  9. Kamal says:

    ඔන්න සිංහලාගේ එකමුතුව….නමුත් රටින් බෙහෙත් ගෙන්වන උන් මේවට ඉඩ තියයිද?

  10. Kings says:

    කොහෙවත් යන රටට වින කරන කූඨ දේශපාලුවන්ට වඩා මේ එදිනෙදා වේල හොයාගන්න වෙහෙසෙන මිනිස්සු කොච්චර හොඳද. ඔබ සැමටත්. චන්න ජයසුමන මහතාටත් අපේ උත්තමාචාරය.

  11. Trumph says:

    Hats off to you all

  12. nimantha says:

    මෙය ඉතා ප්‍රසංසනීය දෙයකි. මෙයට උරදෙන වෙළද සහෝදරයන්ට මෙන්ම, ඔවුන් දැනුවත් කරන විද්වතුන්ටද අපේ ගෞරවය පුද කරමු.
    වස විස ආහාර තුලින් ජනතාව බෝ නොවන රෝග වලින් දවසින් දවස අකර්මන්‍ය වෙද්දී, එය යම් තරමිකින් හෝ අඩු කිරීමට මෙයත් යම් තරමක දායකත්වයක් ලබා දෙනු ඇත.
    මෙය දේශීයව ඇති පලතුරු සදහා පමණක් කල හැකි දෙයකි. කෙසේ වෙතත් පලතුරු වගා කරුවන් සහ බෙදාහරින්නන් විසින් යොදන විෂ රසායනික තව දුරටත් පවතින බව අප අවබෝධ කරගත යුතුව ඇත. ඒ සදහාද යම් වැඩපිළිවලක් රටට ආදරය කරන පිරිස තුලින්ම ඇතිවේවායි ප්‍රර්ථනා කරමු.
    එසේම, අධික රසායනික ද්‍රව්‍ය යෙදු ඇපල්, මිදී, දොඩම් වැනි ආනයනික පලතුරු වල ඇති විෂ තත්වය එසේම පවතින නිසා ඒවා විකිණීම පිලිබදව වෙළෙන්දන් මෙන්ම, ඒවා මිලදී ගැනීම ගැන පාරිබෝගිකයන්ද නැවතත් සිතිය යුතුය.
    තවද, මෙසේ විෂ රසායනික වලින් ඈත් වී, වස විස නොමැතිව ජනතාවට පලතුරු ලබා දීමේදී, රසායනික ද්‍රව්‍ය ආනයනික සමාගම් වලට පහර වදින නිසා, නැවත විෂ ද්‍රව්‍ය ජනතාවගේ ආහාර වලට යෙදවීමට, එම සමාගම් විවිධ ප්‍රතිලාබ සහ වැඩසටහන් හරහා වෙළෙන්දන් නොමග යවමින් ඔවුනට සමීප විය හැක.
    පලතුරු වෙළද සංගම් මේවා ගැනද කල්පනාවෙන් සිටිය යුතුය.

  13. dinesh says:

    පාර්ලිමේන්තුවේ ඉන්න දෙසිය ගණනක් මහජන මුදලින් නඩත්තුවෙන ජනතා නායකයන්ට කරන්න බැරි වුන දෙයක්, මේ පුංචි මිනිස්සු එකතුවෙලා තමන්ගේම පාරිබෝගික ජනතාවට කරන්න යෑම ඉතා විශිෂ්ටයි.
    රටට ආදරය කරන යහපත් මිනිසුන් එකතු වෙමින්, පරිහානියට යමින් සිටින රට ගොඩගැනීමටත්, මිනිසුන් වස විසෙන් බේරා ගැනීමටත් පටන් ගමු. සියලු දෙනා දැනුවත් බවින් තම තමන්ගේ ක්ෂේත්‍රය තුලින් මිනිසුනට යහපතක් කරන්නට කටයුතු කරමු. ඒක ලොකු පිනක්.

Main News