මැයි 8දා ආණ්ඩුව අවසන්.. රාජාසන කතාව පරාජය කරන්න සූදානම්..

April 22, 2018 at 9:20 am | lanka C news
මැයි 8දා ආණ්ඩුව අවසන්.. රාජාසන කතාව පරාජය කරන්න සූදානම්..

නව පාර්ලිමේන්තු සැසිවාරයේදී රාජාසන කතාව පරාජය කිරීම සඳහා ඒකාබද්ධ විපක්‍ෂය හා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ කණ්‌ඩායමක්‌ විසින් දේශපාලන මෙහෙයුමක්‌ ආරම්භ කර තිබේ.

නව සැසිවාරය මැයි 8 වැනිදා ආරම්භ වන අතර එහිදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා රජයේ ප්‍රතිපත්ති ඇතුළත් රාජාසන කතාව ඉදිරිපත් කිරීමට නියමිත ය.

රාජාසන කතාවට අවශ්‍ය නම් ඡන්දයක්‌ ඉල්ලා සිටිය හැකි අතර ඒ අනුව විපක්‍ෂය විසින් ඒ සඳහා ඡන්ද විමසීමක්‌ ඉල්ලා සිටීමට නියමිත ය.

එක්‌සත් ජාතික පක්‍ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු ඒ වනවිට අවසන්ව ඇති බැවින් ඊට විරුද්ධ පිරිස්‌වල ද සහාය රාජාසන කතාව පරාජය කිරීම සඳහා ලබා ගැනීමට හැකියාව ඇතැයි ඒකාබද්ධ විපක්‍ෂය පවසයි.

එසේම පසුගිය විශ්වාසභංගය පරාජය කිරීමේදී විවිධ පාර්ශ්වවලට ලබාදුන් පොරොන්දු මෙතෙක්‌ ඉටුකර නොමැති නිසා එම පාර්ශ්වවල ඡන්දය ද රාජාසන කතාවට විරුද්ධව ලබා ගැනීමට හැකි තත්ත්වයක්‌ ද ඇති වී තිබේ.

රාජාසන කතාවේ ඡන්ද විමසීමේදී රජය පරාජය වුවහොත් අගමැතිවරයා ඉල්ලා අස්‌විය යුතු අතර නව අගමැතිවරයකු හා නව කැබිනට්‌ මණ්‌ඩලයක්‌ පත්කර ගැනීමට සිදුවේ. රාජාසන කතාව පරාජය වුවහොත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ඇති අවුරුදු හතර හමාරේ සීමාව අහෝසි වේ.

මීට පෙර 1960 දී රාජාසන කතාව පරාජයට පත්වීම නිසා එවකට අගමැති ඩඩ්ලි සේනානායක මහතාට ඉල්ලා අස්‌වන්නට සිදුවිය.

මේ අතර රාජාසන කතාව පරාජයට පත්වුවහොත් ප්‍රධාන පක්‍ෂ එක්‌ව තුනෙන් දෙකක වැඩි ඡන්දයෙන් යෝජනාවක්‌ සම්මත කරගෙන පාර්ලිමේන්තුව විසුරුවා මහමැතිවරණයකට යැම සම්බන්ධයෙන් ද ඇතැම් පාර්ශ්වවල අවධානය යොමු වී තිබේ.

– Divaina

25,636 Viewers

13 Comments to “මැයි 8දා ආණ්ඩුව අවසන්.. රාජාසන කතාව පරාජය කරන්න සූදානම්..”

  1. අජිත් ජිනදාස says:

    මෙය කිසිසේත්ම සාර්ථක නොවනු ඇත. විශ්වාස භංගයට වූ දේම මෙයටත් වනු ඇත.

    එනමුදු මෙය අවස්ථාවාදී, වැඩකට නැති, ප්‍රතිපත්ති රහිත, කාලකන්නි පොලිටික්කන්ට මුදල් ගස සෙලවීමට හොඳ අවස්ථාවක් වනු ඇත. ඊළඟ මහා මැතිවරණයේදී මොවුන්ගේ අධෝ මුඛ ඉරෙනු ඇත. එය හොඳින් දන්නා බැවින් මොවුහු කරමින් සිටිනුයේ කල දුටු කල වල ඉස ගැනීමය.

    • Samuvel says:

      අපි මොන සටන් කලත් , මොන බලාපොරොත්තු තැබුවත් තමන්ට ලැබෙන මුදලට මුලු රටම උවත් පාවාදෙන 15 දෙනෙක් සොයාගත්තොත් රට කරන උන්ට අර්ජුන් මහේන්ද්‍රන් පිහිට වෙයි.

    • minimuthu says:

      කෙසේ වුවත් අවුරුදු පහ පිරෙන තුරු විශ්‍රාම වෑටුප් ගන්න තුරු මොවුන් මෙය විසිරුවන්නේ නෑ,

  2. සිරිබිරිස් says:

    රාජාසන කතාව අනිවාර්ය නැති නිසා තානාපතිල ඕක කරන්න එපා කියනව. එච්චරයි වෙන්නෙ.

    • Rupa says:

      හරිටටම ඔබ හරි සිරිබිරිස් , මෙයාගෙ උපදේශයෝ තමයි බටහිර රටවල තානාපතිවරු. ඒ රටවල් ඒ වෙනුවෙන්ම අමන රාජ්ය නායකයින් රැවටීමට දක්ශ පුද්ගලයින් ඒ තනතුරු වලට පත් කරල තියෙන් නේ. රට අකර්මන්ය කර කැබලි තුනකඩ කඩා ඔවුනට වඩාත් පහසු වෙන් පාලනයට ඇඟිලි ගැසීමේ තත්වයක් සාදා ගැනීම ඔවුනගේ ඩියුටියයි. උදාහරන ලිබියාව, සුඩානය, ඉරාකය , හයිටිය කලින් හිබූ යුගෝස්ලිවියාව, චෙකොස්ලොවැකියාව,නැගෙනහිර ජර්මනිය, ඉතියෝපියාව , යෙමනය. තවත් ඕනනම් මෙන්න,රුසියාව තවම සවිමත්ව සිටියත් දැන් අර මහා බල සම්පන්න සෝවියට් දේශය කෝ. ඒවා එසේ වූවා නම් අපේ එකිනෙකා කුලල් කාගන්න දේශපාලන අමන දේශද්‍රෝහීන් ඉන්න මේ අහින්සක දේශය, ස්‍රී ලන්කාවට පිහිට වෙන්නේ දලදා හිමි සරන පමනි.

  3. kate says:

    Pissu thamai. Never happen when analyse the all past situations. Daily all MP s sale for money.
    “මොහාන් සමරනායක මහතා සදහන් කලේ අද වන විට පාර්ලිමේන්තුවේ සිටින්නේ වැඩි දෙනා පොතපත නොකියවන, නූගත්, අඥාණ, ස්වාර්ථය මිස අන් කිසිවක් නොසලකන ඉතාම වසල පිරිසක් බවයි.” This is the utter truth. This flock of idiots never do anything except daily eating our country.

  4. මේ වෙලාවේ රට ගැන හිතන සිරිබිරිස්ලා නොව පාර්ලිමේන්තුවේ ඉන්නේ තමාගේ බඩවඩා ගන්නේ කොහොමද කියලා ඉන්න සිරිබිරිස්ලාය​???

  5. Indika says:

    රාජාසන කතාවට ඡන්දයක් ඉල්ලා සිටීම විපක්ෂයේ කාර්ය භාරයක්. නමුත් ගැටලුව තියෙන්නේ ජනාධිපතිවරයා මේ අවදානම තේරුම් අරගෙන රාජාසන කතාවක් පවත්වයි ද කියන එක.

    • Samuvel says:

      කිසිම ප්‍රශ්නයක් නැත .. රාජාසන කතාව ප්වැත්වේ. ද්‍රොහ්හියෝ 15ක් පමන එයට පක්ශ වේ .දියවන්නා චන්දෙන් රජය දිනයි. රනිල් එය තමන්ට රට කැමතියි යයි මෝඩයෙක් සේ සිතයි. රට කාබාසිනි යා කරන්නට ඉදිරි කාලයේ උන් උත්සාහ කලත් එය පොහොට්ටුවේ හොඳ විවේචකයින් නිසා වලක්වා ගත හැකිවේ.

  6. Sooraseana says:

    Oya kiyana sellama hariyanetha!UNP Atulea mandala prasna tibbath pakshaya ekamutui! Hollanda Amauri 2020 dakwaa.soo

  7. David Milli-banda says:

    Traitor Members of Parliament are for sale???
    Advance bookings accepted.
    Please quote the highest bid as the tenders to close shortly.

  8. Gadol says:

    නියම වසලයන් මෙදිනට දැකගන්න පුලුවන්

  9. DAYASIRI says:

    විවිධාකාරයේ බලවේග සහ මහබැංකු මගඩිය අැතුලු විවිධාකාරයේ මූල්‍ය බලයෙන් අගමැතිට එරෙහි වස්වාශ භංගය ඉතා විකෘති අයුරින් පරාජය කළා සේ මේ රාජාසන කතාව පිළිබඳව ද කුමන්ත්‍රණකාරී ලෙස දේශ ද්‍රෝහීන් ක්‍රියා කරනු අැත. එබැවින් ඔවුන්ට ඒ සඳහා ඉඩ ප්‍රස්තා සලසන්නේ නොමැතිව ආප්පයාගේ ආප්ප න්‍යායෙන්ම ආප්පයා ප්‍රධාන යමපාලකයන්ට පිළිතුරු දී අපේ මව්බිම රැකගත යුතුය.

Main News