මියගිය කොටින්ගේ පිලිරු ප්‍රභාකරන්ගේ ගමේ හදන්න TNA මන්ත‍්‍රී මුල්ගල් තියන්න යයි…

October 7, 2018 at 11:20 am | lanka C news
මියගිය කොටින්ගේ පිලිරු ප්‍රභාකරන්ගේ ගමේ හදන්න TNA මන්ත‍්‍රී මුල්ගල් තියන්න යයි…

1987 වසරේදී සයිනයිඩ් කා මිය ගිය එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් 12 දෙනෙකුගේ පිලිරු යාපනය වැල්වැටිතුරෙයි ප්‍රදේශයේදී සෑදීම සඳහා මුල්ගල තැබීමට උතුරු පලාත්සභා දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් ඇතුලු පිරිසක් ගත් උත්සහය නැවත්වීමට පේදුරුතුඩුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් තහනම් නියෝගයක් ලබා දී ඇත.

යාපනය වැල්වැටිතුරෙයි තීරුවිල් ක්‍රීඩාංගනයේදී මිය ගිය කොටි සාමාජිකයින් 12 දෙනාගේ පිලිරු සෑදීම සඳහා පලාත්සභා මන්ත්‍රී සිවාජිලිංගම් ඇතුලු වැල්වැටිතුරෙයි නගරසභාවේ නියෝජිතයින් පිරිසකගේද සහභාගීත්වයෙන් මුල් ගල තැබීම සිදු කරන ලද අවස්ථාවේදී වැල්වැටිතුරෙයි පොලීසිය විසින් ලබාගෙන තිබූ අධිකරණ තහනම් නියෝගය හේතුවෙන් මුල්ගල තැබීමට නොහැකි වී ඇත.

පසුගිය 1987 වසරේදී කොටි සාමාජිකයින් 12 දෙනෙකු විසින් ආයුධ නැවක් යාපනයට ගෙන එන අතරතුරදී එම ආයුධ නැව ඉන්දීය සාමසාධක හමුදාවට හසුවන අවස්ථාවේදී එහිසිටි කොටි සාමාජිකයින් 12 දෙනාම සයිනයිඩ් කා මිය යන අතර පසුව එම 12 දෙනා සිහිවීමට කොටි නායකයා වූ ප්‍රභාකරන්ගේ උපන්ගම වූ යාපනය වැල්වැටිතුරෙයි තීරුවිල් ක්‍රීඩාංගනයේදී පිලිරු 12ක් ඉදිකොට ඇත පසුව 1996 වසරේදි ආරක්ෂක අංශ විසින් අදාල පිලිරු12 ම ඉවත් කිරීමට පියවර ගෙන තිබුණි.

අනතරුව සිවාජිලිංගම් ඇතුලු වැල්වැටිතුරෙයි නගරසභාවේ සිටින දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු පිරිසක් විසින් 05 වනදා තීරුවිල් ක්‍රීඩාංගනයේ අදාල පිලිරු නැවත සෑදීමට මුල්ගල තැබීමට සූදානම් වන්නේ වැල්වැටිතුරෙයි නගරසභාවේ සිටි ස්වාධීන මන්ත්‍රීවරුන්ටද නොදන්වාය මුල්ගල තබන අවස්ථාවේදී අදාල මන්ත්‍රීවරුන්ට දැනුම් දීමේදී එම මන්තත්‍රීවරුන් පිරිස තමන්ට මුලින් ඒ බව දැනුම් නොදීම හේතුවෙන් මුල්ගල තැබීමට විරෝධය පා ඇත.

අදාල කාරණාවද සැලකිල්ලට ගනිමින් වැල්වැටිතුරෙයි පොලීසිය විසින් පේදුරුතුඩුව අධිකරණයට කරුණු වාර්ථා කරමින් මුල්ගල තැබීමට තහනම් නියෝගයක් ලබා දෙන ලෙසට ඉල්ලා ඇත.

අනතුරුව කරුනු සැලකිල්ලට ගනිමින් පේදුරුතුඩුව මහෙස්ත්‍රාත් නලිනි සුදාකරන් මහත්මිය විසින් අදාල මුල් ගල තැබීමට තහනම් නියොග්ය ලබා දී ඇත

– වන්නි රොමේෂ් මධුෂංඛ

2,822 Viewers

7 Comments to “මියගිය කොටින්ගේ පිලිරු ප්‍රභාකරන්ගේ ගමේ හදන්න TNA මන්ත‍්‍රී මුල්ගල් තියන්න යයි…”

  1. LION says:

    සංගයාවහන්සේලා වසර 6කට බරපතල වැඩ ක‍රන්න හිරේට දානවා මිනීමරු කොටි නිදැල්ලේ මිනීමරුවන් සමරනවා ලැජ්ජයි

    • මධු අංක says:

      2018 ජනවාරි 08 වනදා මැතිවරන ප්‍රතිඵල….

      නැගෙහිර මුස්ලිම් රාජ්‍ය (මුස්ලිම් පමනයි )
      උතුර දෙමළ රාජ්‍ය (දෙමළ පමනයි )
      මධ්‍යම සංහිදියා රාජ්‍ය ( සියලුම ජාතීන් )
      දකුණ සිංහල රාජ්‍ය (සිංහල පමනයි)

  2. sakalabujan says:

    හොස්ටල් එකේ බුදු මැදුරක් හදන්න ගියා සිසුන් හය දෙනෙකුට යාපනය සරසවිය තහනම් කරයි…

    • sky says:

      TNA POLITICAL PARTY STOP LTTE TERRORISM AGAIN IN SRILANKA
      BAN TNA TERRORIST PARTY SOON AS POSSIBLE
      President Sirisena if you cannot stop TNA LTTE terrorism in our country RESIGN & GO…
      President Sirisena ,Why are you being a LTTE Tamil diaspora puppet ? Shame on you Yahapalanaya

    • JOY says:

      මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් ඇතුලු පිරිස වහාම අත්අඩංගුවට ගෙන නීතිමය දඩුවම් ලබා දෙනු ..මෙලෙච්චේද එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය නැවත ඇතිකිරීමට මේ සිවාජිලිංගම් ඇතුලු පිරිස ගන්නා වෑයම අපි හෙළා දකිමු ..මෙලෙච්චේද ත්‍රස්තවාදී මිනී මරුවන්ගේ පිලිරු අපේ මව් බිමේ සෑදීමට ඉඩ නොදීමට වත්මන් රජය වගබලා ගත යුතුයි ..මේකද සිරිසේනගේ උතුරේ දෙමල සංහිදියාව ? සහජිවනේ ? නැවත මෙලෙච්චේද එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය ඇතිකිරීමට උතු රේ ජාතිවාදී දෙමළ දේශපාලකයන්ට සහය දීමද උතුරේ දෙමල සංහිදියාව ? සහජිවනේ ? ..උතුරේ ආණ්ඩුකාරතුමා ,පොලිස්පතිතුමා මේගැන කටයුතු නොකරන්නේ මන්ද ?
      සිංහලයන්ව බොරු චෝදනා කරමින් සිරගත කරන වත්මන් ආණ්ඩුව උතුරේ දෙමළ ත්‍රස්තවාදීන් අත්අඩංගුවට නොගන්නේ මන්ද ?

  3. LION says:

    කිලිනොච්චි දිස්ත්‍රික්කයේ කරච්චි ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ අදාළ TNA කොටි සංවිධානය සහ සම්බබන්ධ සභාව විසින් එහි තිබෙන ඓතිහාසික බෞද්ධ නටබුන් ඩෝසර් කරමින් විනාශ කර දමන බව වාර්තා වෙනවා.

    සංහිඳියාවේ නාමයෙන් මෙවැනි වාර්ගික හා ජාතිවාදි ක්‍රියා කිසි ලෙසකින් හෝ අනුමත කළ නොහැකියි. නටබුන් ඩෝසර් කරමින් විනාශ කර දමන බව වාර්තා වෙනවා

    • sunimal says:

      නැවත LTTE ත්‍රස්තවාදය ඇතිකිරීමට උත්සාහ දරන සිවාජිලිංගම් ඇතුලු පිරිස වහාම අත්අඩංගුවට ගනු
      TNA පක්ෂය තහනම් කරනු ..විරුද්ධ පක්ෂයේ නායක සම්බන්දන් එම දුරයෙන් ඉවත් කරනු
      පොලිස් පති නිදිද ?m

Main News