මිලේච්ඡත්වයෙන් කොටි පරදවයි.. ජනබල පෙලපාලියට වස පෙවීමේ සාහසික කුමන්ත‍්‍රණය සියල්ල හෙලි වේ.. වෑන් රථය මුදල් අමාත්‍යංශයේ.. රියදුරුගේ සටහන මෙන්න..[Video]

September 10, 2018 at 11:10 pm | lanka C news
මිලේච්ඡත්වයෙන් කොටි පරදවයි.. ජනබල පෙලපාලියට වස පෙවීමේ සාහසික කුමන්ත‍්‍රණය සියල්ල හෙලි වේ.. වෑන් රථය මුදල් අමාත්‍යංශයේ.. රියදුරුගේ සටහන මෙන්න..[Video]

පිිවිතුරු හෙළ උරුමය පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවේ දී එම පක්ෂ නායක උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.

වස යෙදූ කිරි පැකට් උද්ඝෝෂකයින්ට බෙදීම මෙරට දේශපාලන ඉතිහාසයේ සිදු වුණු තිරිසන්ම කාරණය විධියටයි අපි දකින්නේ. ශ්‍රි ලංකා ඉතිහාසයේ පළමුවතාවටයි මෙය සිදුවන්නේ. ලෝකයේ බිහි වුණු ම්ලේච්ඡතම ත්‍රස්තවාදි සංවිධානය ලෙස සැලකුණේ කොටි සංවිධානයයි.  නමුත් කවදාවත් කොටි සංවිධානයවත් මෙවැනි දෙයක් කලේ නෑ.  කොටින් මාවිල් ආරු සොරොව්ව වහලා ජනතාවට වතුර නැති කළ බව ඇත්තයි.  නමුත් කොටි වැව් ජලයට වස මුසු කරලා සිංහල ජනතාව මරා දාන්න කටයුතු කලේ නෑ.  ඒ නිසා එක්සත් ජාතික පක්ෂය ම්ලේච්ඡත්වයෙන් කොටි සංවිධානයටත් වඩා පහත් තැනකට වැටිලා කියන එක ඉතාම කණගාටුවෙන් වුණත් කියන්න ඕනෑ.  මේ ආණ්ඩුවේ සමහර මැති ඇමතිවරුන්ගේ අමන හැසීරීම නිසා ගම් වල ඉන්න වැදගත් එක්සත් ජාතික පාක්ෂිකයෙකුට පාරට බහින්න බැරි තත්වයක් ඇති වී තිබෙන බව කියන්න ඕනෑ. මම හිතන්නේ නෑ ශිෂ්ඨත්වය හඳුනන කිසිම කෙනෙක් මෙය  අනුමත කරයි කියලා.

මෙතෙක් එජාපයට ඇඟිල්ල දිගු කරන්න අපට තිබුණේ වක්‍ර සාක්ෂි පමණයි.  පළමු කාරණය තමන් උද්ඝෝෂකයින් කෑම බීම ලබා දෙන බවට ආණ්ඩුවේ මැති ඇමතිවරුන් පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශ.  දෙවැනි සාක්ෂිය වන්නේ කිරි පැකට් බීලා පිරිසක් අසනීප වුණා කියන කාරණය අපටත් කලින් මුජිබර් රහුමාන් මන්ත්‍රිතුමා දන්නේ කොහොමද?  ඕකට තමයි හොරාට කලින් කෙහෙල් කැන වැට පනිනවා කියන්නේ.

දැන් අපට ඊටත් වඩා ප්‍රබල සාක්ෂි ලැබී තිබෙනවා.  මෙම කිරි පැකට් ප්‍රවාහනය කිරීම සඳහා භාවිතා කළ එක් වෑන් රථයක් ජාතික ලොතරැයි මණ්ඩලයට අයත් බවට ලොතරැයි මණ්ඩලයෙන්ම අපට සාක්ෂි ලැබී තිබෙනවා.  එන්ඩි 3094 ලියාපදිංචි අංකය දරණ ලොතරැයි මණ්ඩලයෙ වෑන් රථය එදා දවසේ ක්‍රියාකාරි අධ්‍යක්ෂගේ රාජකාරි සඳහා මුදා හැරිය බවට ධාවන සටහන් අනුව පේනවා.  මේ වාහනේ ධාවන සටහන් අනුව එය සිරිකොතට ගිහින් කිරි පැකට් පටවා ගෙන ඇවිත් උද්ඝෝෂණය පැවැති ස්ථාන කරා පැමිණි බව ඔප්පු වෙනවා.  මෙම වෑන් රථය තුල කිරි හැලිලා ඉතිරිලා තිබුණ බවට මේ වීඩියෝ පටයෙන් පෙනී යනවා. අද ඒ වාහනය සර්විස් කරන්න යැවූ බවටත් අපට තොරතුරක් තිබෙනවා. 2018 සැප්තැම්බර් මස 05 වෙනි දා රියදුරා විසින් තබලා තියෙන ධාවන සටහන් එදා උදෑසන සිරිකොතට ගිහින් තියෙනවා මේ රියදුරා කියන විදිහට එදා උදෑසන 8.45 සිට රාත්‍රී 8.45 දක්වා ක්‍රියාකාරි අධ්‍යක්ෂකවරයාගේ රාජකාරි වලට මුදා හැරියා කියලා. ක්‍රියාකාරි අධ්‍යක්ෂකවරයාට වහනයක් වෙන් කරලා තියෙනවා ලොතරැයි මණ්ඩලයෙන්. සුපෝකබෝගී වහනයක් වෙන් කරලා තිබිය දී ඇයි ඔහුට මෙම වාහනය මුදා හැරියේ. එකෙන් උදේම සිරිකොතට ගිය බවට රියදුරාම සටහන් තබලා තියෙනවා. මේ වැන් රථයේ කිරි තිබිලා ඉහිරුණු දර්ශන මෙම විඩීයෝ පටයේ තියෙනවා.    පොලීසිය මේ පිළිබඳ වහාම අවධානය යොමු කරාවි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

ආණ්ඩුවේ මෙයට ඇති සම්බන්ධය හෙළි කරගත හැකි තවත් එක් කාරණයක් වන්නේ නීතිය නමන කුප්‍රකට පොලිස්පති පූජිත ජයසුන්දර මහතා තවම මේ ගැන සොයන්න කිසිම කටයුත්තක් කරල නෑ. වෙනදනම් ගනු කඩුව එනු සටනට කියලා මෙවැනි අමානුෂීය දේවල් පොලිසිය කරන්න දෙන්නේ නෑ කියමින් මේ අපේ මව්බිම මෙතරම් පහත් තත්වෙට වැටිලා ද කියලා මාධ්‍ය ඉදිරියේ කඳුළු සලන පොලිස්පති මේ සම්බන්ධයෙන් දැඩි නිහඬතාවයෙන් පෙන්නුම් කරන්නේ ඔහුට නීතිය නමා ගැනීමට උවමනාවක් තිබෙන බවයි.

– අරවින්ද අතුකෝරල

39,777 Viewers

18 Comments to “මිලේච්ඡත්වයෙන් කොටි පරදවයි.. ජනබල පෙලපාලියට වස පෙවීමේ සාහසික කුමන්ත‍්‍රණය සියල්ල හෙලි වේ.. වෑන් රථය මුදල් අමාත්‍යංශයේ.. රියදුරුගේ සටහන මෙන්න..[Video]”

  1. Darshana says:

    දැන් මොකක්ද UNP මාධ්‍ය ප්‍රකාශක පා.ම. සුනිල් හදුන්නෙත්ති කියන්නෙ?

    • Roshan says:

      Lawyer Kiya Pacha kelinne ….thanage ekatama gema vedichchaeka danne nethuwa. Kiri denna path karapu ekath Salli gahala kunu Kiri deela thamagema team ekatama…den wahanawa ven ekata Kiri halala. Seet eke yatada laxaganang kattiya Kiri bedenne. Hik hik…Thama Salli gahanawoon inne…..

      • Wijebahu says:

        Write it in English or Sinhala. I don’t understand what you are talking about.

      • Wikramabahu says:

        mewage pacha hadala obathuma kiyanne katada mahaththayo?

      • Amda says:

        ඉතින් බන්…මුන්ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද?

        ඕවා ගැන මුලින් හිතලා පෙර සූදානම් ඇතුව ආරක්ශා වෙන්න තිබුනා

  2. PULATHISI says:

    බටලන්ද කොමිසමේ නිර්දේශ අනුව රනිල් ප්‍රමුඛ වරදකරුවන්ගේ ප්‍රජා අයිතිය අහෝසිකිරීමට අමතරව, නීතියට අනුව ඔවුන් සිදුකර අැති අපරාධවලට දඬුවම් කළ යුතුය.
    එහෙත් හොරගොල්ලේ චෞර රාජිනි චන් ද්‍රිකා එම නිර්දේශ ක්‍රියාත්මක කළේ නැත.
    එදා නීතිය ක්‍රියාත්මක කළා නම්, සිරිසේන ජනාධිපතිවරයාට පිං අගමැතියකු පත් කිරීමත්, අර්ජුන් මහේඳ්‍රන් නමැති විජාතිකයා ලංකාවට ගෙන්වා අපගේ ආර්ථිකය වසර තිහකටත් අධික කාලයක් යනතුරු අගාධයට යැවීමේ ක්‍රියාත්මක කරන්න දේශ ද්‍රෝහියෙකු නොසිටිනු අැත.

    • harsha says:

      ඒ වුණාට මහින්දට ඒවා ක්‍රියාත්මක කරන්න තිබුණනේ.

      • Fyhg says:

        ඒකෙත් ඇත්තක් තියෙනවා.. ඇයි මහින්ද එහෙම නොකළේ … සමහර විට මෛත්‍රී සහගතව හිතලා මූ දැන් හැදිලා කියලා සමාවක් දෙමු කියලා හිතුවද දන්නෙ නෑ… හැබැයි ආයේෙ ආපු දවසක හරියටම වැඩේ කරයිද දන්නෑ .. දන්නවනේ මහින්දගේ වැඩ

    • Asaranaya says:

      කුප්‍රකට කුජීතයා නීතිය නමනවට අමතරව රානි අලයට පස්ස පැත්තත් නමලා දෙන බව කවුරුත් දනී

    • වසල සරත් සිල්වා නීතිය නොනමා හරියට කරානම් සුනාමි ආධාර හොරකමට පර්සිත් හිරේ යනවනෙ.

  3. Nim says:

    MAGE ADAHASA
    ME KARUNA PODU JANATHA WAGE
    DENE THATA ANENA WEDIYATA
    SRI LANKA WA PURA HAMA MAHA
    JANATHAWA TA PENENA SEE
    AKAMA DENAYAKA POSTARA YAK
    MAGIN PRADARSANAYA KALAUTHU I
    GAME RATE JANATHA WATA
    UNP MURGA YANGE THARAMA
    AWABODA WEVI.

  4. WMFernando says:

    JVP, without clothes is going behind UNP . Sunil Hudunneththi is a shameless person to support UNP.

    • Neutral Man says:

      ,
      Mr. Fernando,

      In today’s Srilanka ( for that matter whole world) we should not see people as Sinhalese, Muslims Tamils, UnPers, JVPers SLFPers. It is only HAVES and HAVE NOTS. For those who HAVE, there is no race, religion , ethics, patriotism, …….. They eat, drink dance sleep together and enjoy the life at our expense and we HAVE NOTS, enjoy our life watching them enjoy, with the only satisfaction that it is we who elevated them.

      Well as for Sunil Hadunnethi who I believe was the ONLY HAVE NOT in JVP finally must have got his price, automatically elevating him to HAVE.

      I am sure all JVP HAVE NOT supporters must be ecstatic..

  5. Saroja pamporige says:

    Oluwala deshapalanaya hara wena mokuthma naha. Mun hamotama pissu hadigena enawa wage.

  6. Ranga Bandara says:

    ane ithin

  7. DUDI says:

    That driver has two type of hand writings. see the running chart closely.

  8. Somapala says:

    This government idiots without backbone should be jailed with Gammanpila whose mouth is stinkier than the toilet pits in Pettah market.

Main News