මීතොටමුල්ලේ දැරියන්ට බෙදාදුන් තිසරපට ඇතුළේ සැගවුණු පෙති සහ ජෙල් පැකැට්

May 13, 2017 at 6:48 am | lanka C news
මීතොටමුල්ලේ දැරියන්ට බෙදාදුන් තිසරපට ඇතුළේ සැගවුණු පෙති සහ ජෙල් පැකැට්

මීතොටමුල්ලේ දැරියන්ට බෙදාදුන් තිසරපට ඇතුළේ සැගවුණු පෙති සහ ජෙල් පැකැට් ඇති බවට පල වූ වාර්තා සම්බන්ධයෙන් සොයා බලන්නැයි ජාතික හෙල උරුමය විසින් පොලිස්පතිවරයා වෙත යොමු කරන ලිපියක් පහත දැක්වෙයි.

පොලිස්පතිතුමා,
පොලිස්පති කාර්යාලය.
කොළඹ.

ගරු පොලිස්පතිතුමනි,

මීතොටමුල්ලේ දැරියන්ට බෙදාදුන් තිසරපට ඇතුළේ සැගවුණු පෙති සහ ජෙල් පැකැට්

2017 මැයි මස 12 වැනි දින ලංකාදීප පුවත් පතේ මුල් පිටුවේ මීතොටමුල්ලේ දැරියන්ට බෙදු තිසරපට ඇතුළේ පෙති සහ ජෙල් පැකැට් තිබු බවට වාර්තාවක් පළවෙන ලදි. එම වාර්තාවේ සදහන් වන පරිදි යෞවනියන් සඳහා මෙම ඇඳුම් ලබා දීමට කිසියම් පිරිසක් කටයුතු කර ඇති බවය.

මීට ඉහත දී ද මෙම කාරණය සම්බන්ධයෙන් ප්‍රවෘත්ති පුවත්පත්වල හා සමාජ වෙබ් අඩවි වලින් දිගින් දිගටම පල කරන ලදි. හැම විටම අසරණ සිංහල ජනතාවට මෙවැනි දැ කරන බවට විවිධ අවස්ථාවල දී වාර්තා වී ඇත. ගෝලීය සමාජයේ ප්‍රමුඛම කාර්යක් වන්නේ කුඩා ජන කොටස් යුද්ධවලින් අවසන් කිරිම නොව මෙවැනි දීර්ඝකාලින ව්‍යපෘති මගින් එම ජන කොටස් නැති කිරිමය. (ලෝකය සමග ගත් කල සිංහල ජනතාව) ලෝකයේ වර්ධනය අඩුවෙන් සිදුවන ජන කොටසක් ලෙස සිංහල ජනතාව හදුනා ගෙන ඇත. එවැනි අවස්ථාවකදී මෙවැනි ව්‍යපෘති සිදු කිරිම මගින් සිදු වෙන්නේ සිංහල ජනතාව ලෝකයෙන් තුරන් කිරිමය.

එම නිසා මෙවැනි රාජ්‍ය නොවන ආයතන මගින්ද ඉස්ලාම් (ලංකාවට මත්ද්‍රව්‍ය ගෙන එන ජන කොටස් අතර මුස්ලිම් ජාතිකයන් ප්‍රමුඛ කොට ඇත) අන්තවාදින් විසින් ද සිදු කරන ක්‍රියා සම්බන්ධයෙන් ඔබ තුමාගේ කාරුණික අවධානය යොමු කර මේ සදහා ක්‍රියා කරන ආයතන, සංවිධානවලට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු.

තෙරුවන් සරණයි!

බුදුගල ජිනවංස හිමි
සභාපති
ජාතික හෙල උරුමය

12,087 Viewers

5 Comments to “මීතොටමුල්ලේ දැරියන්ට බෙදාදුන් තිසරපට ඇතුළේ සැගවුණු පෙති සහ ජෙල් පැකැට්”

  1. janaka says:

    මේ ලිපිය ලියන තියන්නේ මුන් සද්බාවයෙන් නෙවෙයි .තනිකරම සිංහල දේශප්‍රේමීන්ගේ ලකුණු දාගන්න .ලියුමේ අන්තර්ගතයෙන් ඒ බව බොහොම පැහැදිලියි .මේ ලිපියේ කිසිම ආකාරයකින් පරීක්ෂණයකට තුඩු දෙන ආකාරයේ ගවේශනාත්මක කරුණු නෑ හෙළ උරුමය කිසිම විසියකින් ඒ ගැන සොයා බලා නෑ නිකන් කට කතාවක් ආශ්‍රිතව ලිපියක් ලියල තියෙනව ඒවගේම මුස්ලිම් අන්තවාදය ගැන එකපාරටම ඒ ලිපියේ ප්‍රධාන අන්තර්ගතයට කිසිම සම්බන්දයක් නැතිව කිසිම විශේෂිත චෝදනාවක් නැතිව පරීක්ෂණයක් කරන්න කියනවා .පරීක්ෂණයක් කරන්න ඇත්තටම උවමනාව තියෙනවනම් මුන්ට කරන්න තිබුනේ ඔය ගැහැණු ළමයි හම්බුවෙලා මේකේ ඇත්ත නැත්ත බලලා සාක්ෂි සහිතව ලිපිය ලියන එක මිසක් ඉන්ටනෙට් එකේ යන ඕපාදුප වලට පරීක්ෂණයක් කරන්න කියනඑක නෙවෙයි .එහෙම ලිපි අපි කාටත් ලියල යවන්න පුළුවන් .මුස්ලිම් අන්තවාදය ගැන ලිව්වේ දේශප්‍රේමින්ව ඇදල ගන්න වැඩි බරක් දෙන්න .මේක මහා විහිලු ලිපියක් ඕක නවතින්නේ පරීක්ෂණ කෙසේ වෙතත් පොලිස් පතිගේ කුණු බාල්දියේ .මම පොලිස්පතිනම් මම කරන්නෙත් ඕක කුණු බාල්දියට විසිකරන එක
    මේකෙන් පැහැදිලි වෙන්නේ මුන් සිංහල ජනතාව ආයෙත් රවටන්න ලැහැස්ති වෙන බව .
    අපි මුස්ලිම් අන්තවාදය ගැන සින්හලයෝ ගැන බලාගන්නම් බොලා unp එකට මුක්කු ගහගෙන තොපේ පචයාගේ බාශාවෙන්ම කියනවනම් නුතන දොන් ජුවන් ගේ දකුණු අත වෙලා හිටපන් ගහලයෝ .

  2. Kamal says:

    ජාතික හෙල උරුමය අන්තිමට බ්‍රෙසියර් ගැන කතා කරන මට්ටමට වැටුනා. ඕවට කියන්නෙ ජෙල් බ්‍රා කියල. නොදන්න එවුන් ගූගල් සර්ච් කරල බලපල්ල.

  3. Notthischange says:

    Sinhalaya thuran karanne wena kauruth newe Partali wage sakkili deshapaluwo…

  4. King Peechang 1 says:

    Check is it Viagra ? then it belongs to sha….

  5. බෙබා says:

    කොහොමද මීතොටුමුල්ලෙ අක්කා කැමරා ඉස්සරහා “වද ගෑනි” කියලා දීපු ටෝක් එකට බැක්ටු බැක් රිටන් එක….., වෙනස සැපද….!

Main News