මීතොටමුල්ල කුණු කන්දේ උයනක් හදනවා..- චම්පික

May 4, 2017 at 4:40 pm | lanka C news
මීතොටමුල්ල කුණු කන්දේ උයනක් හදනවා..- චම්පික

කොලොන්නාව මීතොටමුල්ල කුණු කන්ද ඇති භූමියේ නාගරික වන උයනක් ඇති කිරීමට ඇමති චම්පික රණවක ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ඒ අනුව මාස පහක කාලයක් අතුලත හමුදාවේ සහායෙන් කුණු කන්දට දැනට කරගෙන යන වැඩපිලිවෙල අවසන් කර එම පරිසරය වන උයනක් ලෙස සංවර්ධනය කරයි.

එසේම කසල බැහැර කිරීමට දැනට ක‍්‍රියාත්මක හා ක‍්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති ව්‍යාපෘතීන්වලට පාරිසරික අනුමැතීන් ලබාදෙන ලෙසද මධ්‍යම පරිසර අධිකාරියට බලය පැවරීමටද තිරණය වී ඇත.

7,461 Viewers

13 Comments to “මීතොටමුල්ල කුණු කන්දේ උයනක් හදනවා..- චම්පික”

  1. Aceman says:

    He will erect (!) a huge penis monument on top of the Meethotamulla kunu kanda.

    That way everybody in the whole of SL can see what a big D%ç& he is!!

  2. Sanjeewa says:

    මිනිසුන් මරලා ඒක උඩ සතුටු උයන් හදන්න් ලැජ්ජ බීටී ගාලද යකෝ

  3. ranjith fernando says:

    හදයි බම්බුව

  4. pura vasiyo says:

    එදා කිව්වේ පාරවල්, කාණු ශුද්ධ කරන්න හමුදාව යොදන්නේ නැහැ කියලා නේද , මෙයා විශ්වාස කරන්න පුළුවන් අයෙක් නොවේ . රට විකුනවා, ජාතිය, ආගම රට විනාස වෙනවා, මෙයාගේ ඇත්තේ වයිර දේශපාලනේ .

  5. sanidu sooriarachchi says:

    ගල්කිස්සේ පාර අයිනේ ලස්සන උයනක් තියනවා, හැබැයි එකේ නම කනත්ත. මොකද මිනී වළලන නිසා. මීතොටමුල්ලෙත් තියෙන්නේ පාරිසරික බලධාරියෝ පන පිටින් මිනිස්සු වලලපු කනත්තක්.

  6. Kolitha says:

    Mechchara kaalekata hadaapu toilet ekakawath naha hama thanama reela nam thiyenawa….dan magulak kiyanawa….

  7. dead says:

    disgusting ! why build a park ? have some respect for the innocent people who lost their lived due to your inabilities

  8. jayasinha says:

    කුණුු කන්දේ වන උයන සරුවට වැවෙනු ඇත​.කොම්පෝස්ට් බහුලව ඇති වන උයනේ වස විස නැති රතනගේ ආශ්‍රමය නිර්මාණය කිරීම ප්‍රධාන සැලැස්මය​.දස සිල් ගන්නා අය සඳහා වෙනම භාවනා කුටිද ,මොල සෝදා විද්‍යුත් ආරෝපණය කරන වෛද්‍ය මධ්‍යස්ථානද වන උයනේ නොපෙනෙන තැන්වල ගොඩ නැගෙනු ඇත​.කුණුු කන්ද තිබූ භූමියට යටින් නිර්මාණය වන උමග පැනමා ඇලට යා කිරීමටද යෝජිතය​.වන උයනේ සැමටම පෙනෙන මනරම් භූමි භාගයක ජාත්‍යන්තර පච විශ්ව විද්‍යාලය ගොඩ නගා නොමිලේම පච චක්‍රවර්තී උපාධිය පිරිනැමීමටද සැලසුම් කර ඇත​.වන උයන වට කර තනනා සක්මන් මළු නිර්මාණය වන්නේ ධාවන ශූරී ජෝන් මැතිතුමාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේය​.සක්මන් මළු දෙපස ක්‍රෝටන් වවා අලංකාර කරන අතර රට තණකොළ වවන්නේ දසසිල්ධාරීන්ගේ ආශ්‍රමය අසලය​.මේ වන උයන නිර්මාණය වූ විට කොළඹ කුණු ප්‍රශ්ණයක් ඉතිරි වන්නේ නැත​.ක්‍රෝටන් කොළ මෙන්ම තණකොළද විටමින් හා අනෙකුත් පෝෂ්‍ය පදාර්ථයන්ගෙන් බහුල වස විස නැති ආහාර බව පහදා දීමට සෞඛ්‍ය හා පෝෂණ අමාත්‍යාංශයේද පූර්ණ අනුග්‍රයෙන් පැය විසිහතර පුරා ක්‍රියාත්මක වන බැඳුම්කර නාලිකාවක්ද ආරම්භ කෙරෙනු ඇත​.ජාතිය නිර්මාංශ කර දැහැමි සමාජයක් බිහි කිරීම මෙහි සැඟවුන අර්ථය වන්නේය​.

  9. White Shark says:

    ඉස්සෙල්ල එවපු එකේ දෙවෙනි කොටස විදියට මේ ටික කියන්න කැමතියි.

    Sanitary Landfill කියන්නේ මොකක්ද? තේරෙන භාෂාවෙන් කියනවා නම්, කුණු කසල වළලනවා කියන එක.

    මුලින්ම Sanitary Landfill පටන් ගත්තේ 1912 දී එංගලන්තේ. ඊට ශත වර්ෂයකට පස්සේ අපි ඒකම කරන්න යනවා. ලැජ්ජයි.

    අද වෙනකොට මහා බ්‍රිතාන්‍යයේ විශාල landfill 4000ක් තියෙනවා. ඇමරිකාවේ 3500ක් තියෙනවා. පොඩි පොඩි ඒවා කොච්චර තියෙනවද මම දන්නේ නැහැ.

    මේක දියුණු ඉතා විශාල රට වලට හොඳයි. ඒ මොකොද කිව්වා නම් පොලොව යට වළලන නිසා ලොකු වියදමක් දරන්න වෙනව මූලික කටයුතු වලට, හරියට කරනවා නම්. අනිත් එක ඒ රටවල ජනශූන්‍ය ප්‍රදේශ තියෙනවා. අපේ රට වගේ ස්වභාවික පරිසරයක් තියෙන කුඩා රටකට Sanitary Landfill ගැලපෙන්නේ නැහැ.

    මං දැක්ක හමුදාව යොදවලා මුතුරාජවෙල Sanitary Landfill හදන්න යනවා කියලා. මම නම් සම්පූර්ණ විරෝධය පල කරනවා මුතුරාජවෙල හදන්න යන Sanitary Landfill වලට.

    Sanitary Landfill හදන්න ඉඩමක් තෝරා ගන්න පිළිගත් සිද්ධාන්ත තියෙනවා. සාමාන්‍ය විදියට නම්, ඉඩම තියෙන්නේ මුහුදට කිට්ටුව නම් වෙරළ ඉවර වෙන තැන ඉඳන් Sanitary Landfill එක මීටර් 300ක් වත් දුර වෙන්න ඕනේ. අභයභූමියක මායිමේ නම් Sanitary Landfill එක තියෙන තැන ඉඳන් අඩු ගානේ මීටර් 300ක්, ළිං, ගංගා, ඇලදොළ වල ඉඳනුත් මීටර් 300ක් වත් දුර වෙන්න ඕනේ. වඩාත්ම වැදගත්ම දේ Sanitary Landfill එක කරන්න කපන වලේ පතුලේ ඉඳන්, පොලොව යට තියෙන දිය උල්පත් වලට තියෙන දුර මීටර 2කට වඩා වැඩි වෙන්න ඕනේ. සමහර ලංකාවට අදාලව මේ requirements මීටත් වඩා වැඩි වෙන්න පුළුවන්. දැන් මුතුරාජවෙල Sanitary Landfill හෙවත් වලවල් කපලා කුණු වලලන්න යන්නේ මේවා පරීක්ෂා කරලා බලලද? මේ කරන්න් හදන්නේ මහා අපරාධයක්. කවදා හරි මුතුරාජවෙල වගුරු බිම වේලිලා යන වැඩක්. පොළොවේ තියෙන දිය උල්පත් ඔක්කොම හිඳිලා යන වැඩක්.

    පුත්තලම පැත්තේ අත ඇර දැමූ හුණු ගල් පතල් වලට කුණු පුරවලා වහල දාන්න ගෝඨාභය කරපු යෝජනාව හොඳයි කියල හැමෝම කියනවා. ඒකෙ ඇති හොඳක් නැහැ.

    Sanitary Landfill එකක concept එක මේක. මුලින්ම කුණු වලට treat කරන්න ඕනේ.

    මේකේ කරන්නේ, වලක් කපනවා හෝ මේ යෝජනාවේ හැටියට තියෙන ආකරයක් එක්තරා හැඩයකට (angle) කපනවා. ඊට පස්සේ වල වටේ high density polythene වලින් ආවරණය කරනවා හෙවත් lining කරනවා. වලේ පතුලට මැටි, කබොක්ගල් කුඩු , වැලි තට්ටු තුනක් දානවා. ඊට පස්සේ තට්ටුවෙන් තට්ටුවට කුණු කසල සහ පස් තට්ටු දානවා. හැම කුණු කසල තට්ටුවකටම පස්සේ පස් තට්ටුවක් දානව උඩට එනකම්. ඊට පස්සේ වල seal කරනවා පොලිතීන් වලින් වැස්සොත් වතුර ඇතුලට යන්න බැරි වෙන්න. ඒ එක්කම වල ඇතුලේ හැදෙන මීතේන් වායුව එලිය එන්න බටයක් දානවා, මොකොද එහෙම නොකොළොත් වල ඇතුලේ මීතේන් එකතුවෙලා කාලෙකදී පුපුරන්න ඉඩ තියෙනවා. ඊට පස්සේ මේ වගේ Sanitary Landfill වලින් එන මීතේන් එකතු කරලා බල ශක්තියක් නිපදව ගන්න පුළුවන්. මේ වලවල් තියෙන තැන් වල අනතුරුදායකයි කියල බෝඩ් එකක් දානවා. වල එක angle එකකට කපන්නේ මේ කුණු වල තියෙන leachate එහෙ මෙහෙ යන්නේ නැතුව පහලට ගලා ගිහින් වලේ පතුලේ සකස් කල පස් තට්ටුවේ තැන්පත් කරවන්න.

    මේක අපේ රටට ගැලපෙන්නේ නැහැ. ලංකාවේ දිය උල්පත් වර්ග 6ක් තියෙනවා. හුණුගල් තියෙන පොළොවේත් දිය උල්පත් වර්ගයක් limestone aquifers කියලා තියෙනවා. යාපනේ තියෙන්නේත් ඒවා. මම උඩ කිව්වා වගේ මේ හුණුගල් ආකර වල පතුලේ ඉඳන් දිය උල්පත් වලට තියෙන දුර ප්‍රමාණය මීටර් දෙකක් වෙන්න ඕනේ. එහෙම බලලද තෝරා ගත්තේ? නැහැ, මේක තෝර ගන්න හේතුව විදියට මට පේන්නේ අත ඇර දමපු හුණුගල් ආකර වීම විතරයි. වෙන මුකුත් බලපු බවක් මට නම් පේන්නේ නැහැ.

    ගෝඨාභය කොළොඹ පිරිසිදු කලාට කුණු කසල ඉවත් කරන්න කිසිම සැලසුමක් කලේ නැහැ. කොළොඹ පිරිසිදු කලේ හමුදාව යොදවලා. හමුදාව ඉන්නේ කුණු කානු සුද්ධ කරන්න පාර අතු ගාන්න නොවෙනවා විතරක් නෙමෙයි ඒ කැලි කසල බැහැර කරන්න කිසිම ප්‍රතිපත්තියක් තිබුනේ නැති නිසා ඊළඟ ආණ්ඩුව ඇවිල්ල හමුදාව කුණු කසල වැඩෙන් අයින් කලාම කොළොඹ කුණු එකතු වුනා. වෙන කවුරුවත් දැනගෙන හිට්යේ නැහැ කරන විදියක්.

    එහෙම නෙමෙයි නේ කරන්න තිබුනේ. කරන්න තිබුනේ කොළොඹ නම් මහා නගර සභාවේ ස්ථිර සේවකයෝ 100ක් විතර තෝරා ගෙන ඔවුන්ව නාගරික සංවර්ධන අධිකාරියට අරගෙන ඔවුන්ව කුණු කසල ඉවත් කරන්න එක clear ප්‍රතිපත්තියක් හඳුන්වා දීලා ඒකට පුහුණු කරන එක. මේ මිනිස්සුන්ව දිරි ගන්වන්න මහා නගර සභාවේ වැටුපට අමතරව නාගරික අධිකාරියෙනුත් පොඩි incentive එකක් දෙන්න තිබුන. ඊට පස්සේ මේ 100 දෙනා ලව්ව අනිත් සේවකයෝ හමොමවත් පුහුණු කරන්න තිබුනා. ඊට පස්සේ හැම දෙනාටම නිශ්චිත ප්‍රදේශයක් හෝ නිශ්චිත අංශයක නිශ්චිත රාජකාරියක් පවරන්න තිබුනා. එහෙම කරලා තිබුනා නම් හමුදාව දෛනික කම්කරුවෝ වගේ මංතීරු පිරිසිදු කරන්න කුණු අදින්න දාල හමුදාවේ ගෞරවයත් අභිමානයත් පෞද්ගලිකව හමුදා භටයන්ට දැනෙන ආත්මානුකම්පවත් නැතිවෙලා කොළොඹ කුණු කසලත් පිළිවෙලකට ඉවත් වෙනවා. ආණ්ඩු වෙනස් වුනා කියලා සේවකයන්ට නියම කරලා තියෙන රාජකාරි වෙනස් වෙන්නේ නැහැ. ඒ මිනිස්සු තමන්ට අයිති වැඩ ටික කරනවා. හදිසි ආපදාවකදී හෝ සුභ සාධක වැඩ වලදී හමුදාව යොදා ගැනීම ගැන නෙමෙයි මේ කියන්නේ. ඒ අවස්ථාවල හමුදාවේ දායකත්වය අපි ඉතාම අගය කරනවා. ඔවුන් වුනත් ඒ කටයුතු වල යෙදෙන්නේ තමන් කරන සේවය ගැන ආඩම්බරයෙන්. මීතොටමුල්ලේ අපි දැක්ක හමුදාව හුගක් කැපවීමෙන් වැඩ කරනවා. සාමාන්‍යයෙන් වෙන අවස්ථාවල නොවෙන විදියට හමුදාපතිතුමා සහ ඉහල නිලධාරීනුත් එතනට ගිහින් ඒ වැඩ කටයුතු, විපතට පත් මිනිසුන් ගැන විතරක් නෙමෙයි සහ එතැන වැඩ කරපු හමුදා භටයන්ගේ සුභ සාධනයත් සොයා බැලුවා. යුධ හමුදා විතරක් නෙමෙයි අනිත් හමුදා වලත් පොලිසියත් ප්‍රශංසනීය සේවයක් කළා.

    මට මතකයි ගම්මන්පිල කියනවා ගෝඨාභය යුධ සහ නාවුක හමුදා යොදවලා ඇළ මාර්ග සුද්ධ කරවලා ඒවා නඩත්තු කලා කියලා. ඒකට දෙන්න තියෙන්නෙත් උඩ දීල තියෙන උත්තරේමයි. ඒවා හමුදාවේ දෛනික රාජකාරි නෙමෙයි. ඒවාට අදාළ ආයතන වල මිනිස්සුන්ට කරන්න දෙන්නේ නැතුව හමුදාව ලව්වා ලේසියට හැම දේම කරගත්ත හින්දා තමයි කොළොඹ පරිසරය පරිපාලනය සම්පූර්ණයෙන් කඩා වැටුනේ ආණ්ඩුව වෙනස් වුනාම.

    ඊට වඩා හොඳයි විමල්ට නිවාස අමාත්‍යංශ දෙන වෙලාවේ නාගරික සංවර්ධන අධිකාරිය විමල්ගෙන් අයින් කරලා ගෝඨාභයට දෙන්නේ නැතුව විමල්ටම දුන්න නම්. එහෙනම් විමල් කරන්නේ ඇවිදින මංතීරු, ලයිට්, පාරවල් ලස්සන කෙරිලි අරක මේක කරන්න ඉස්සෙල්ල කොළොඹ කුණු ප්‍රශ්නේ විසඳන්න, අදටත් පවතින පැහැදිලි ප්‍රතිපත්තියක් හදන එක. ඊට පස්සේ අනිත් sewage, waste water, drainage/flood water operation එකට අත ගහයි. විමල් නම් කවදාවත් හමුදාව යොද වන්නේ නැහැ කුණු කසල අදින්න. එහෙනම් නගර සභා වල resources වැඩි කරයි, සේවකයන් වැඩි කරයි. මෙච්චර විශ්වාසෙන් කියන්නේ විමල් තමන්ට ලැබුණු පලවෙනි ඇමතිකමේදීම (2010-2014) හදපු නිවාස ජාතික ප්‍රතිපත්තිය දැකපු නිසා. ගෝඨාභය හිටපු අවුරුද 10ටම වැඩ කලේ ප්‍රතිපත්තියකට සැලසුමකට නෙමෙයි.

  10. Kala Veddah says:

    Kaiwaru King !

  11. Ratata Adare says:

    During the last presidential elections held in Jan 2015, this bugger said that the’d make a paradise out of the island if Appa Sira wins the election.

  12. බකලදාස says:

    ” mechchara kaalekata hadaapu toilet ekakawath naha”

    ටොයිලට්?
    ඒව ආමි එකට අයිති වැඩ අයිසෙලා!

    අපි ඇවිල්ල මෙගාපොලිස්!
    Overhead monorail- underground metro -integrated blah blah blah…..
    Etc.

    ඉන්නවලකො මේ ව්‍යවස්තාව FIX කොරනකං!

Main News