මීතොටමුල්ල ඛේදවාචකයෙන් දෙමාපියන් අහිමි වූ අනුජ පුතු නාලන්දා විද්‍යාලයට..

May 10, 2017 at 8:02 am | lanka C news | ලංකා සී නිවුස්
මීතොටමුල්ල ඛේදවාචකයෙන් දෙමාපියන් අහිමි වූ අනුජ පුතු නාලන්දා විද්‍යාලයට..

මීතොටමුල්ල කසල කන්ද නාය යෑම හේතුවෙන් සිදු වූ ඛේදවාචකයෙන්  කොළොන්නාව කුණු කන්දට එරෙහි ජනතා ව්‍යාපාරයේ කීර්තිරත්න පෙරේරා මහතාගේ බිරිද, දියණිය, බෑණනුවන් සහ මිණිපිරිය යන සියල්ලන්ගේම දිවි අහිමි වෙද්දී මුණුපුරා වන අනුජ නෙත්සර සමග මෙලොව තනි වීමට සිදුවිය.

රජයක් යුතුකම විය යුත්තේ ස්වභාවික අනතුරක් හෝ අත්වැරැද්දක් නොවී ආපදාවට ලක් වූ අනුජ නෙත්සර දරුවාට හොදින් උගනීමට අවස්ථාව සලසා දී රටට වැඩදායි පුරවැසියකු කරලීමට අවශ්‍ය උපරිම දායකත්වය ලබා දීම වේ.

ඒ බව හොදින් අවබෝධ කරගත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා විසින් අධ්‍යාපන ඇමතිතුමාට සිදු කරන ලද ඉල්ලීමකට අනුව අනුජ නෙත්සර පුතනුවන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සදහා කොළඹ නාලන්ද විද්‍යාලයට ඇතුලත් කරලීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලදී.

ඒ අනුව පාසලට ඇතුලත් කර ගැනීම ලිපිය අධ්‍යාපනය අමාත්‍යාංශයේදී අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා අතින් එම පුතනුවන්ට ලබා දීම අධ්‍යාපන අමාත්‍යාංශයේදී සිදු කරන ලදී.

– මිනුර රෂාන්ත

5,219 Viewers

5 Comments to “මීතොටමුල්ල ඛේදවාචකයෙන් දෙමාපියන් අහිමි වූ අනුජ පුතු නාලන්දා විද්‍යාලයට..”

  1. shantha kuru says:

    this college never takes old naladian chilsren – his father to an old naladian – when the father dead only they consider – dirty school

  2. sobana nalanda says:

    this school never takes when their father;s alive when they dead only takes them

  3. Ji says:

    රජයේ ඉඩම්වල බලහත්කාරයෙන් පදිංචිව හිටපු මිනිස්සුන්ටයි යුද්දය නිසා අනාත වුව මිනිස්සුනටත් සලකන විදි වෙනස්

  4. Neela says:

    Now…Marikkar is very good…
    This is Sri Lankan poltician’s style.
    Keep it up Sri Lanka.

  5. Hera says:

    දැන් මේ පාසලෙන් නිතර නිතර ගෙනියන්න කියන දේවල් මේ ළමයට අරන්දෙන්නේ උගෙ බාප්පා ද? මේ ළමය තවත් මානසිකව වැටෙන වැඩක් වෙයිද?

Leave a Comment

Main News