මීලග අරලිය වෙඩිම මංගලගේ.. ඊළගට රන්ජන්ගේ.. ක‍්‍රමවේදය අනුව පෝලිම මෙහෙමයි..

September 4, 2018 at 12:00 pm | lanka C news
මීලග අරලිය වෙඩිම මංගලගේ.. ඊළගට රන්ජන්ගේ.. ක‍්‍රමවේදය අනුව පෝලිම මෙහෙමයි..

‘මිනිස්සුන්ගේ අවධානය වෙන පැත්තකට යොමු කරන්න මොකක් හරි කරනවා මේ ආණ්ඩුව.දැන් අරලියගහ මන්දීරයේ මගුලක් තියාගෙන ඒක ගැන කතාකරනවා.අරලියගහ මන්දීරයේ මගුල්ගේ අරගෙන දවස් දෙකක් තුනක් ගිහින් කියනවා කොහාටද සල්ලිබැන්ද කියල.තව නියෝජ්‍ය ඇමතිවරයෙක් කියනවා කසාද බැදපු නැති සියලු මන්ත්‍රීවරු ගෙනහැල්ල අරලියගහ මන්දීරයේ කසාද බන්දන්න කියල’ යයි රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක වක්කුඹුර මහතා කීය.

ඇඹිලිපිටියේ පැවැති උත්සවයකින් අනතුරුව අදහස මාධ්‍ය අදහස් දක්වමින් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ,

‘අර මුදල් ඇමති ඉන්නවා මංගල සමරවීර මම දන්න හැටියට අවුරුදු 60ක් විතර වෙනවා.රංජන් රාමනායක ඉන්නවා එයාටත් වයසයි.මේ .තරුණ අය බන්දන්න කලින් වයසට යන අය බන්දන්න ඕනනේ.නැත්නම් පෝලිමේ අරලියගහ මන්දීරයට ගෙනත් මේ අය  බන්දන්න ඕන.

දැන්මේ අරලිය ගහ මන්දීරය දෙන ගාන තීරණය කලේ කවුද,රනිල් වික්‍රමසිංහද, නැත්නම් අග්‍රාමාත්‍ය ලේකම්ද,ඒ අයට මේක අරයට මේ ගානයි,මෙයාට මෙයාට මේ ගානයි කියල දෙන්න බැහැ මේක රජයේ දේපල.

අපේ කාලයේ මහින්ද රාජපක්ෂ මැතිතුමා ඕකේ මංගල උත්සව ගත්තේ නැහැ.කවුරුහරි වෙඩින් එකක් අත්සන් කරන්න කිව්වට අත්සන් කරනවා.ඒ ඇරෙන්න මේකේ මගුල් නැටුවේ නැහැ.අපේ කාලයේ ගත්තනම් එතුමා එෂ් සී අයි ඩී එකට ගෙනිහිල්ලා එතුමා හිරෙත් දාලා.මේ ඇමතිවරුන්ට බැරිවෙලා තියෙනවා රජයේ දේපල පාවිච්චි කරන්නේ නැතිව මගුල් ගෙයක්වත් ගන්න.

දැන් කියනවා ඉතිහාස ගතවන මගුලක් මේක කියල.මේවා ජනතාවගේ දේවල්.

අපි මේ රැලියට නායකත්වයක් ලබා දෙනවා.ජනතාවගේ කැමැත්තෙන් ඒ අයගේ වාහන අරගෙන එන්නේ.

ආණ්ඩුවට එරෙහි බලවේග මර්ධනය කරන්න ආණ්ඩුව හදනවා.අද බැලුවොත් පොලිස්පතිතුමා අඩනවා.මේ ලගදි පොලිස්පතිතුමා මාධ්‍ය ඉස්සරහට ඇවිත් අඩනවා මගේ පොලිස් නිළධාරීන්ට පඩිනෑ,බටා වැඩිකරල නැහැ කිසිවක් නැහැ ඒක දන්නේ මායි පොලීසියේ නිලධාරීයි කියල දැන් පොලීසිය අඩනවා.ජනාධිපති එක පැත්තකින් අඩනවා ඇමති මණ්ඩලය අඩනවා පොලිස්පති අඩනවා.

පොලිස්පති අඩන එක සාධාරණයි අද වෙනකොට ඉන්නවා මේ පී.සී කම් ගත්ත අය මේ අයට වසර ගාන හරි ගියාම තමන්ගේ උසස්වීම දෙන්න ඕන.මේ අයට උසස්වීම් දෙන්නේ නැහැ.මේ අය කතනකිරිල ඉන්නේ.ඒ අය හිතුවා මේ ආණ්ඩුව ආවට පස්සේ අපිට සලකයි කියල මේ ආණ්ඩුව කිසි කෙනෙකුට සලකලා නැහැ.හැබැයි තමන්ගේ කට්ටියට සලකලා තියනවා.

අද නිෂ්පාදනය කරන සියලු දෙයක්ම අඩුවෙලා තියෙනවා.අද පොලොන්නරුවේ ගොවියෝ තමන්ගේ අස්වැන්න නෙලන කාලයේ ඒකට නීඩෑ උවදුරක් ඇවිල්ල එවා ගිනිතියනවා.එහෙම රටක් තියෙන්නේ දැන් ක්යනවා අද පොහොසත් රටක්ලු මහින්ද මහත්තයාගේ කාලෙට වඩා හොදයිලු.මේ හොදයි කියන ආණ්ඩුව පසුගිය පෙබරවාරි මාසයේ ජනවරමක් නැහැ කියල ගෙදර යැව්වා.

අද ආණ්ඩුවේ මේ දෙන්නා කරන දේ මේ දෙන්නවත් දන්නේ නැහැ.මේ රට අද අගාධයට ගිහිල්ලා අවසන්.ඒක නිසා තමයි සැප්තැම්බර් 05  මේ රටේ මිනිස්සු පාරට බැහැල මේ ආණ්ඩුව ගෙදර යවන තත්වයට පත්වෙලා තියෙන්නේ.

දැන් සබරගමුවේත් අර බස් බලපත්‍ර දෙන අයට කියල තියෙනවා කොළඹ එම යන්න දෙන්න එපා කියල.අපි මේ රටේ සියලු දෙනාට කියනවා මොන මාර්ග අධිකාරියෙන් කිව්වත් මේක කඩාකප්පල් කරන්න බැහැ.එහෙම කලොත් වෙන්නේ මුලු රටේම සෑම නගරයකම උද්ඝෝෂනයක් ඇති වෙලා ආණ්ඩුවට කිසිම දෙයක් කරගන්න බැරිවෙනවා.මේ රටේ ඇතැම් අය විශ්වාසයක් තියාගෙන ඉන්නවා පොලීසිය හමුදාව දාල මේව මැඩ පවත්වන්න පුලුවන් කියල.යයි මන්ත්‍රීවරයා කීය.

– ප‍්‍රගීත් ජනක

25,429 Viewers

7 Comments to “මීලග අරලිය වෙඩිම මංගලගේ.. ඊළගට රන්ජන්ගේ.. ක‍්‍රමවේදය අනුව පෝලිම මෙහෙමයි..”

  1. Kamal says:

    පාර්ලිමේන්තුවත් මංගල උත්සව සදහා කුලියට දීමේ සැළසුමක්.. ඉන් විදේශ විනිමයත් උපයාගත හැකියි.

    • Amda says:

      මේ රටේ නායකයන්ගෙ නිවහන, රටේ රාජ්‍යත්වය මෙතරම් පීචන් වූ කාලයක් තවත් වෙත්ද

  2. Karu says:

    Temple tree is good for a massage parlour too.

  3. sakalabujan says:

    ගංවතුරෙන් අනාත වූ පවුලකට රජයේ වන්දිය රුපියල් අසූවයි.. චෙක්පත මෙන්න…

  4. Wijebahu says:

    මොංගලයි, ගොන්ජයි දෙන්නම පොන්නයෝ.
    කවුද උන් දෙන්නව බඳින්ඩ කැමතිවෙන ගොන්?

  5. මේ කියන්නෙ ඇත්තමයි. says:

    “මීළඟ අරලිය වෙඩිම මංගලගේ,ඊළඟට රන්ජන්ගේ”
    මේ දෙන්නව බඳින මනමාල මහත්තුරු දෙන්න කවුද යන වග අපට දැන ගන්න පුළුවන්ද?

  6. සම says:

    මුං දෙන්නම බන්දල දාමු. කෙහොමටත් මුං සමනලයොනේ.

Main News