මීළග ජනාධිපතිවරණයට ගෝටා එපා කියා ඇමරිකාව කිවුවේ නෑ..- මහින්ද

June 13, 2018 at 11:20 am | lanka C news
මීළග ජනාධිපතිවරණයට ගෝටා එපා කියා ඇමරිකාව කිවුවේ නෑ..- මහින්ද

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ හා මෙරට ඇමරිකානු තානාපති අතුල් කේෂාප් අතර හිටපු ජනාධිපති නිල නිවසේදී සාකච්චාවක් පැවැත්වූ බවත් ඒ සම්බන්ධයෙන් විකෘති කරුණු මාධ්‍ය හරහා පලවෙමින් ඇති බවත් හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.

ගෝටාභය රාජපක්‍ෂ මහතා මීළග ජනාධිපතිවරණයට තරග කිරීම සම්බන්දයෙන් ඇමරිකාව අකමැති යයි තානාපතිවරයා ප‍්‍රකාශ කර ඇති බවට මාධ්‍ය වාර්තා ගණනාවක් පලවිය.

මේ සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ඒකකය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය මෙසේය.

මාධ්‍ය නිවේදනය

ශ්‍රී ලංකාවේ ඇමරිකානු තනාපති අතුල් කේෂාප් මහතාගේ ධුර කාලය අවසන් වී තම මව්රටට යාමට පෙර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග සුහද හමුවක් විජේරාම මාවතේ එතුමාගේ නිල නිවසේ දී පසුගිය ඉරිදා පැවැත්විණ.

එම අවස්ථාවට තනාපති තුමා සමග ඇමරිකානු තනාපති කාර්යාලයේ, නියෝජ්‍ය තනාපති කාර්ය මණ්ඩල ප්‍රධානි රොබට් හිල්ටන් මහතා සහ ජනාධිපති තුමාගේ පෞද්ගලික ලේකම් උදිත ලොකුබණ්ඩාර මහතා ද සහභාගී විය.

එම අවස්ථාවේ සුහදව සාකච්ඡා කල කරුණු විකෘති කර මේ දිනවල විවිධ මාධ්‍යයන් ඔස්සේ පළ වෙමින් තිබේ.

එම ප්‍රවෘත්ති හිටපු ජනාධිපති තුමාගේ මාධ්‍ය ඒකකයෙන් නිල වශයෙන් නිකුත් නොකරන ලද අතර එම ප්‍රවෘත්ති පිළිබදව මාධ්‍ය ඒකකය වග කියනු නොලැබේ.

රොහාන් වැලිවිට
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ
මාධ්‍ය ලේකම්

23,248 Viewers

15 Comments to “මීළග ජනාධිපතිවරණයට ගෝටා එපා කියා ඇමරිකාව කිවුවේ නෑ..- මහින්ද”

  1. Nalaka says:

    ගෝඨා ඕනෑ කියලද කිව්වේ…..

    • Mahasona says:

      Ow ai aulda?

      • ජයමල් says:

        උබ අර බේත් කලවම් කරන එකාගෙන් ගුටි කාපු මහසෝනද?

    • silva says:

      ai baya unada

      • darshana says:

        ඇමෙරිකාවත් කැමති ඇති ඇමෙරිකානු පුරවැසියෙක් ලන්කාවේ ජනාධිපති වෙනව දකින්න. මහ ලොකු දේශප්‍රෙමියොන්ට තාම පුරවැසිකම අත ඇරගන්න බැරිවුනා.

  2. Karu says:

    අපේ රටේ ජනාධිපති කවුද කියල තීරණය කරන්නෙ ඉන්දියන් කාරයොයි ඇමෙරිකන් කාරයොයි නෙවෙයි, අපි.ගෝටා කළේ ත්‍රස්තවාදය නිර්දය ලෙස පරාජය කිරීමක් නොවෙයි.ජේ.ආර්.කරන්න හැදුවේ ඒකයි. බැරි වුණා. ගෝටා යුද්ධය කළමණාකරණය කළා.යුද්ධයෙන් පසු විශාල වැඩ ටිකක් කළා.ඇමෙරිකාව ඉරාකයට කළා වගෙ යාපනය විනාශකරල දැම්මෙ නෑ.

  3. LION says:

    ට්‍රුම් TRUM තම රටට ආදරය කරන තැනැත්තෙක් ගොටාබයත් එසේමයි බොරු ප්‍රචාර වලට අසුවෙන්න එපා

  4. Shamal costa says:

    Gr

  5. Sepala says:

    If Gota not winning the next Presidential election, why the US ambassador so worry about it. Let Gota go ahead and lose.

  6. LION voice says:

    Hon: Gotabaya our PRESIDENT in 2020…….jayen jayama wewaaaaaaaaaaaaaaaa!!!!

  7. ධනපාල says:

    ලෝකෙට ඕන විදියට නායකයෝ පත්කරන්න ඉඩ දීලා දැන් කෙලෝගෙන ඉන්නේ

  8. Sam Fernando says:

    Anyone can tell anything. The choice of the people is GOTABAYA RAJAPAKSHE.

  9. David Milli-banda says:

    Mervyn danatama bayawela…. Ratath daala Iran ekata yanna hadanawa.

    Americawa bayawena eka ahanda deyakda?

  10. sanjaya says:

    Mewa Mangalage wada bawa Mahinda Mahathage media unit eka dana gatha yuthui..

  11. Nana says:

    If They try to stop GOTA coming from SLPP, and MR agrees to such US Pressure, he should contest as an independent candidate. How come they dice all our internal matters ?

Leave a Comment

Main News