මුලතිව් අයිස් වැස්සක් වහී..

August 3, 2018 at 12:40 pm | lanka C news
මුලතිව් අයිස් වැස්සක් වහී..

මාස තුනකට වැඩි කාලයක් පුරාවට මුලතිව් දිස්ත්‍රීක්කයට බලපෑ අධික පෑවිල්ල නිමාවට පත් කරමින් ඇදහැලුනු ධාරාණිපාත වර්ෂාවත් සමග අයිස්ද වැටුනු බවට මුලතිව් වැසියන් කියා සිටියහ.

මුලතිව් දිස්ත්‍රීක්කයේ මේ වන විටත් නියං තත්වය හේතුවෙන් විශාල පිරිසක් විපතට පත්ව සිටින අවස්ථාවක ඊයේ ඇද හැලුනු අයිස් වැස්ස මහත් අස්වැසිල්ලක් වූවා සේම ඉදිරියෙටත් වර්ෂාව ඇදහැලෙනු ඇතයි බලාපොරොත්තුවෙන් සිටිති.

නමුත් මුලතිව්හි ගොවීහු කියා සිටියේ ඊයේ දිනයේ ඇදහැලුනේ හදීසි අවපාතයකින් ඇතිවූ වර්ෂාවක් හෙයින් ඉදිරියේදී වර්ෂාව පිළිබඳ එතරම් විශ්වාශයක් තබා ගැනීමට නොහැකි බවටයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

7,672 Viewers
Main News