මුලතිව් ඉඩම් මුස්ලිම් වැසියන්ට.. විරෝධය පා දෙමළ වැසියන් විරෝධතා..

July 17, 2017 at 5:30 pm | lanka C news
මුලතිව් ඉඩම් මුස්ලිම් වැසියන්ට.. විරෝධය පා දෙමළ වැසියන් විරෝධතා..

මුලතිව් මුල්ලියාවලෙයි පූලාංමුරිප්පු ප්‍රදේශයේ පිහිටි භූමියෙන් අක්කර 160 ක භූමි ප්‍රමාණයක් මුස්ලිම් වැසියන්ට ලබා දීමට ඇති තීරණය වහාම ඉවත් කරගන්නැයි ඉල්ලමින් උද්ඝෝෂණ පෙලපාලියක් සංවිධානය කොට තිබුණි.

මුලතිව් මුල්ලියාවලෙයි වැසියන් පිරිසක් හා යාපනය සරසවියේ සිසුන් පිරිසක් මෙන්ම දෙමළ ජාතික සන්ධානයේ ක්‍රියාකාරීන් පිරිසක් විසින් මෙම උද්ඝෝෂණ පෙලපාලිය සංවිධානය කොට තිබූ අතර මුල්ලියාවලෙයි කාඩු විනායගර් කෝවිල ඉදිරිපිටින් ආරම්භ වූ මෙම උද්ඝෝෂණ පෙලපාලිය අවසන් වූවේ පූලාංමුරිප්පු මන්සන්ධියෙනි.

මෙහිදී උද්ඝෝෂණයෙහි නිරත වූවන් කියා සිටියේ යුද්දයට පෙර සහ පසුව සිටම දෙමළ ජනතාව පදිංචිව සිටි ප්‍රදේශ වෙනත් පාර්ශවයකට ලබා දීම දැඩි අසාධාරණයක් බවටත් මේ වන විට මුලතිව් පූලංමුරිප්පු රක්ෂිතයෙන් ඉඩම් අක්කර 160 ක් මුස්ලිම් ජනතාවට ලබා දී එම වැසියන් නැවත පදිංචි කරවීමේ සූදානමක් ඇති හෙයින් එම ක්‍රියාවට තමන් දැඩි සේ විරෝධය පා සිටින බවටයි.

එමෙන්ම දෙමළ ජාතාවගේ උරුමය සංස්කෘතිය ඉඩම් වෙනත් ජාතියකට ලබා නොදී එම ඉඩම් වල ඉඩම් නොමැති දෙමළ වැසියන්ම නැවත පදිංචි කරවීමට බලධාරීන් පියවර ගත යුතු බවටයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

7,348 Viewers

6 Comments to “මුලතිව් ඉඩම් මුස්ලිම් වැසියන්ට.. විරෝධය පා දෙමළ වැසියන් විරෝධතා..”

  1. siraa says:

    Mulu ratama demu, kohomath un allaganna plan karala thiyena ekee… Kaalakanni ballo

    • Mahasona says:

      මේ රට TNA බුදලය නොවේ ..උතුරේ සන්හිදියාවද මේ ? සිරිසේන නිදිද ?

  2. රජින්ද says:

    මේ රටේ බලයට එන හැම දුර්ජන ආණ්ඩුවක්ම වගේ මේ තරම් අක්කර ගණන් ඉඩම් කඩන්නේ මුන්ගේ අම්මගේ-අප්පගේ බූදලේ කියල හිතාගෙනද. කලින් උන් මහා වනාන්තර හිතුමතේ උන්ගේ මැති-ඇමති හෙන්චයියන්ට දුන්නා. මුනුත් දැන් කරන්නේ ඒක මේ වගේ කුඩා රටක මෙහෙම ඉඩම් කඩ කඩ එක එකාව පදිංචි කලොත් වෙන්නේ මහා පාරිසරික විනාශයක්. ස්වභාවධර්මයා රිදවලාම මැරෙන්න තරම් පාපයක්.!
    අක්කර 160ක් කියන්නේ පර්චස් 25600ක්. එකෙක්ට පර්චස් 12ගානේ දුන්නොත් තව අවුරුදු කිහිපයකින් පවුල් 2133ක් පදිංචි වේවි. එහෙම උනොත් සොරි තමයි.

    • john the baptice says:

      දෙමළ ජාතාවගේ උරුමය සංස්කෘතිය ඉඩම් මේ රටේ නැත මේ දකුණු ඉන්දියාව නොවේ පලයව් තැමිල් නාඩුවට ..ඔය ඉඩම් සිංහලයන්ගේ උරුමය අක්කර 160ක් කියන්නේ පර්චස් 25600ක් මේ ඉඩම් කිසිවකුටත් නොදිය යුතුයි සිංහල ජනතාව පදිංචි කල යුතුයි සුළු ජාතීන්ගේ පදයට නටන දේශද්‍රෝහී මැති ඇමතිලා අපේ ඉඩම් සුළුජාතීන්ට බෙදීම වහාම නතර කල යුතු යි
      මේ රටේ නියම උරුමක්කාරයා සිංහලයි මේ රටේ සිංහල ජනතාවට පචස් 5 නැති ය කොතරම් සිටිනවාද ? මොකටද අපේ මව් බිමේ උරුමය සුලුජාතිට බෙදන්නේ මේ රට යමපාලන මැති ඇමැතිලාගේ පුද්ගලික දේපල නොවේ ..දෙමල ජාතිකයින් ව්‍යාජ උරුමයක් මවා පෑමෙන් අපේ රට ගිලගන්න හදනවා
      කල්ලතෝනි පලයව් පව් නොදී ආපු ඉන්දියාවට

  3. minimuthu says:

    ඔවුන් ලස්සනට ප්ලෑන් කරලා වැඩකරගන්නකොට අපේ එවුන් ජාතිවාදයක් පටලවාගෙන ඔවුන්ටම ඉඩ දෙනවා. ඉතින් 2025 වෙනකං බලේ ඉන්නවා කියනවානේ.අනිත් අයට රටක් ඉතිරි වෙයිද?

  4. Premasiri says:

    ඊළගට ජෙප්පොන්ට දීපල්ලා උන් තවත් හොදට වැඩේ කරලා දෙවි. ඕකුන්ට කොහොමත් ජාතියක් ජන්මයක් නැති එකේ.

Main News