මුලතිව් නන්දිකඩාල් කලපුවෙන් අනවසර මාළු උගුල් 800ක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට…

April 9, 2018 at 2:09 am | lanka C news
මුලතිව් නන්දිකඩාල් කලපුවෙන් අනවසර මාළු උගුල් 800ක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට…

මුලතිව් නන්දිකඩාල් කලපුවේ නීතිවිරෝධී ආම්පන්න යොදාගනිමින් මසුන් ඇල්ලූ ධීවරයින් දෙදෙනෙකු සමග මත්ස්‍ය උගුල් 800 ක් (08) අළුයම අත්අඩංගුවට ගත් බවට මුලතිව් ධීවර පරික්ෂක කාර්යාල නිලධාරීන් කියා සිටියහ.

නන්දිකඩාල් කලපුවේ මසුන් ඇල්ලීම සඳහා අනවසර කූඩ විශේෂයක් යොදා ගනිමින් මසුන් ඇල්ලීම සිදුවන බවට මුලතිව් ධීවර පරික්ෂක කාර්යාලයට ලැබුනු තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් විසින් 08 අළුයම් කාලයේදී සිදු කරන ලද විශේෂ වැටලීමකදී මෙම කූඩ තොගය අත්අඩංගුවට ගෙන ඇත.

එම අනවසර කූඩ යෙදීමෙන් මත්ස්‍ය බිත්තර විනාශ වන අතරම මාළු පැටව්ගේ සිට කූඩ වලට හසුවීමෙන් මතස්‍ය ගහනය විනාශ වී යාම හේතුවෙන් මෙම කූඩ භාවිතය ධීවරයින්ට තහනම් කොට තිබුණී.

අත්අඩංගුවට ගත් ධීවරයින් දෙදෙනා මුලතිව් පොලීසියට භාර දී අද දිනයේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවට මුලතිව් ධීවර පරික්ෂක කාර්යාල නිලධෘරීන් වැඩි දුටත් කියා සිටියහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

2,360 Viewers
Main News