මුලතිව් නැවත පදිංචි කාන්තාවන්ගේ ගැටලු විසඳන්න පියවර…

March 5, 2018 at 2:05 am | lanka C news
මුලතිව් නැවත පදිංචි කාන්තාවන්ගේ ගැටලු විසඳන්න පියවර…

යුද්දය අවසන් වූ මුලතිව් දිස්ත්‍රීක්කයේ නැවත පදිංචියට පැමිණි කාන්තාවන් මේ වන විට විවිධ වූ ගැටලුවලට මුහුණ පා සිටින හෙයින් එම ගැටලුවලට විසඳුම් සෙවීම වෙනුවෙන් විශෙෂ සාකච්ඡාවක් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේදී පැවතිවිණි.

පුදුකුඩිඉරිප්පු සුනාමි මණ්ඩපයේදී මෙම සාකච්ඡාව පැවති අතර එම අවස්ථාව සඳහා දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. සිවමොහන් මහතාද සහභාගී වූ අතර මුලතිව්හි සියලුම කාන්තා සමිති නායකියින් හා සාමාජිකාවන්ද සහභාගී වී සිටයහ.

එහිදී මුලතිව් පුදුකුඩිඉරිප්පු, ඔඩ්ඩුසුඩාන්,මුල්ලියාවේලී ,වෙල්ලමුල්ලිවයික්කාල් යන ප්‍රදේශයන්හි නැවති පදිංචි වූ කාන්තාවන්ගේ ගැටලු වෙනුවෙන් වැඩි අවධානයක් යොමු වූ අතර එහිදී වැන්ඳඹු බාවය, ආර්ථික ගැටලු , විරුකියාව, නිවාස නොමැතිකම, ඉඩම් ගැටලු ආදි ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කොට අදාල ගැටලු උතුරු පලාත් සබාවේදීද ඉදිරිපත් කොට මධ්‍යම රජය හාරහා විසඳුමක් ලබා ගැනීමට අවශ්‍ය සාකච්ඡාවන් මෙහිදී සාකච්ඡා විය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

905 Viewers
Main News