මුලතිව් පාසල්හි ගුරුවරුන් හිග විෂයන් වෙනුවෙන් සම්මන්ත්‍රණ පැවත්වීමට යුදහමුදාවේ අවධානය….

November 15, 2017 at 2:14 am | lanka C news
මුලතිව් පාසල්හි ගුරුවරුන් හිග විෂයන් වෙනුවෙන් සම්මන්ත්‍රණ පැවත්වීමට යුදහමුදාවේ අවධානය….

මුලතිව් දිස්ත්‍රීක්කයේ මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් පෙනී සිටින සිසු සිසුවියන් වෙනුවෙන් ගුරුවරුන් හිග විෂයන් වෙනුවෙන් සම්මන්ත්‍රණ මාලාවක් පැවත්වීමට මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය විසින් පියවර ගෙන ඇත.

මේ අනුව මුලතිව් පුදුකුඩිඉරිප්පු මධ්‍යමහා විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී ඉතිහාසය හා ඉංගීසි යන විෂයන් වෙනුවෙන් සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසු සිසුවියන් 400 කට අධික පිරිසකට විශේෂ සම්මන්ත්‍රණ වැඩසටහනක් පැවත්වුණි.

මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ඒ.ඩබ්ලිව් රාජගුරු මහතාගේ මගපෙන්වීම මත 68 වන සේනාංකාධිපති මේජර් ජෙනරල් එච්.ආර්.එම්.ප්‍රනාන්දු තුමන්ගේ අධීක්ෂණයෙන් හා ප්‍රධානත්වයෙන් මෙම සම්මන්ත්‍රණ වැඩසටහන් සංවිධානය කොට තිබුණි.

මුලතිව් පුදුකුඩිඉරිප්පු කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂක සුබ්‍රමණියම් මහතා ගුරු උපදෙශක රාහු උදයකුමාර් මහතාද ඉංග්‍රීසි සම්මන්ත්‍රණය සඳහා කේ.සෙල්වරාසා මහතා සහ ඉතිහාසය වෙනුවෙන් ආර්.ආර්.ආනන්දන් මහතා යන අය සහභාගී වූ අතර සම්මන්ත්‍රණයන් වෙනුවෙන් සහභාගී වූ සිසු සිසුවියන්ට ප්‍රවාහන පහසුකම්ද යුද හමුදාව විසින් සපයා තිබුණි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

950 Viewers

Leave a Comment

Main News