මුලතිව් මුල්ලිවයික්කාල් වලින් කොටි බෝම්බ තොගයක් හමු වෙයි…

July 16, 2018 at 12:00 pm | lanka C news
මුලතිව් මුල්ලිවයික්කාල් වලින් කොටි බෝම්බ තොගයක් හමු වෙයි…

මුලතිව් වෙල්ලමුල්ලි වයික්කාල් ප්‍රදේශයේදී ඊයේ (15) සවස කොටි සංවිධානයට අයත් බෝම්බ ඇතුලු යුද උපකරණ තොගයක් හමු වූ බවට මුලතිව් පොලීසිය කියා සිටියේය.

වෙල්ලමුල්ලි වයික්කාල්හි නැවති පදිංචියට ගිය වැසියෙකු විසින් සිය ඉඩම එලිපෙහෙලි කරමින් සිටියදී වලදමා තිබු අදාල යුද උකරණ තොගය හමු වී ඇති අතර පසුව ඒ බව මුලතිව් පොලීසියට දැනුම් දීමෙන් පසුව මුලතිව් පොලීසිය අදාල ස්ථානයට ගොස් යුද උපකරණ තොගය ගොඩ ගනු ලැබීය.

ගොඩ ගත් යුද උපකරණ අතර ආර්.පී.ජී. බෝම්බයක්, අත්බොම්බ 02 ක් හා කොටි සංවිධානය විසින් නිශ්පාදනය කරන ලද තමිලන් ගුණ්ඩු නැමති බෝම්බ 3 ක් සොයාගෙන ඇත.

යුද සමයේදී කොටි සංවිධානය විසින් අදාල යුද උපකරණ තොගය වල දමන්නට ඇති බවට සැකකෙරෙන අතර සොයාගත් යුද උපකරණ තොගය අධිකරණ නියෝගයකට අනුව මුලතිව් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් මාර්ගයෙන් නිශ්ක්‍රීය කිරීමට පියවර ගෙන ඇති බවට මුලතිව් පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

5,890 Viewers

One Comment to “මුලතිව් මුල්ලිවයික්කාල් වලින් කොටි බෝම්බ තොගයක් හමු වෙයි…”

  1. Dp says:

    First inform wigneshwaran if its OK to inform police.

Main News