මුලතිව් වල් අලින් කෑම වතුර සොයා ගම් වදියි…

July 18, 2017 at 2:35 am | lanka C news
මුලතිව් වල් අලින් කෑම වතුර සොයා ගම් වදියි…

මුලතිව් දිස්ත්‍රීක්කයට බලපා ඇති දැඩි පෑවිල්ල හේතුවෙන් ජලය සහ ආහාර සොයා වල් අලින් මේ දින වල ගම් වැදීම නිසා ගම්මාන කිහිපයක වැසියන් දැඩි පීඩාවට පත්ව සිටිති.

මුලතිව් ඔඩ්ඩුසුඩාන්, තට්ටාර්මලෙයි ,පෙරිය සාලම්බන් හා මුත්තියන්කට්ටු ආදි ගම්මාන වලට වල් අලින් මේ දිනවල නිතරම කඩා වැදී බව භොග විනාශ කිරීමට පටන් ගෙන ඇති බවට එම ගම්මාන වල වැසියන් කියා සිටිති.

වල් අලින් ගම් වැදීම සම්බන්ධයෙන ප්‍රදේශ භාර වනජීවි නිලධාරීන්ට දැන්මු දුන්නද වල් අලින් පලවා හැරීමට එම නිලධාරීන් මෙතෙක් කිසිදු පියවරක් ගෙන නොමැති අතරම වල් අලින් ගම් වැදීම නිසා තමන් දැඩි සේ බියට පත්ව සිටින බවටත් වහාම වල් අලි කරදරය නැවත්වීමට අදාල බලධාරීන් පියවර ගත යුතු බවට ගම් වාසීන් වැඩි දුරටත් කියා සිටිති.

– වන්නි රොමේෂ් මධුෂංඛ

1,497 Viewers

Leave a Comment

Main News