මුලතිවු නාවික හමුදා කඳවුර වටලයි.. දොරටුව ඉදිරියේ ගිනි තියයි.. වාහනවලට පහර දෙයි..

February 23, 2018 at 3:00 pm | lanka C news
මුලතිවු නාවික හමුදා කඳවුර වටලයි.. දොරටුව ඉදිරියේ ගිනි තියයි.. වාහනවලට පහර දෙයි..

මුලතිව් වට්ටුවාක්කල් ප්‍රදේශයේ ඇති ඉඩම් අක්කර 600 කට අධික ප්‍රමාණයක් එහි මුල් අයිතිකරුවන්ට ලබාදෙන මෙන් ඉල්ලා ඊයේ (22) වට්ටුවාක්කල් පාලම මත සංවිධානය කරන ලද උද්ඝෝෂණයක වැසියන් උණුසුම්ව හැසිර ඇති අතර මිණින්දොරු වාහනයකටද අලාභහානි සිදු කොට ඇත.

වට්ටුවාක්කල් නාවික හමුදා කඳවුර ඇතුලු භූමිය සාමාන්‍ය ජනතාවට ලබා දෙන මෙන් මීට අස්ථා කිහිපයකදීම වට්ටුවාක්කල් වැසියන් පිරිසක් උද්ඝෝෂණය කළ අතර ඊයේ දිනයේද වට්ටුවාක්කල් පාලම අතුලු මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුත්තක් වෙනුවෙන් මිණින්දොරු කණ්ඩායමක් පැමිණි අවස්ථවේදී මෙම උද්ඝෝෂණය සංවිධානය කොට තිබුණි.

දෙමළජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් පිරිසක් හා පලාත් සභා මන්ත්‍රී එම්.කේ.සිවාජිලංගම් යන අයද මෙම උද්ඝෝසණයට සහභාගී වූ අතර එහිදී සිවාජිලිංගම් මන්ත්‍රීවරයා ඇතුලු පිරිසක් පොලීසියට හා නාවික හමුදාවට විරෝධය පාමින් මුලතිව් පුදුකුඩිඉරිපුපු ප්‍රධාන මාර්ගය වැටී ඇති වට්ටුවාක්කල් පාලම මත හිඳ ගනිමින් මාර්ගයේ වාහන ගමනා ගමනය නැවතූ අතර පසුව සිවාජිලිංගම් මන්ත්‍රී වරයා ඇතුලු පිරිසක් විසින් පඹයෙකු නාවික හමුදා කඳවුරු පිවිසුම් දොරටුවට සමීපයට රැගෙන ගොස් ගිනි තැබීය.

අනතුරුව එම අවස්ථාවට පැමිණි මිණින්දොරුවන්ට හා මුලතිව් දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයේ ඉඩම් අංශ නිලධාරීන් අතර උණුසුම් වචන හුවමාරුවක් පැවති අතර එහිදී එම නිලධාරීන් විසින් උද්ඝෝෂකයින් විසින් දැනම් දී ඇත්තේ අදාල නාවික හමුදා කඳවුරු භූමියේ බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු මෙතෙක් අවසන් නොමැති අතරම වැඩි ඉඩම් ප්‍රමාණයක් රජයේ ඉඩම් බැවින් අවශ්‍ය නීතිමය පියවර ඉදිරියට ගන්නා බවටයි.

නමුත් එහිදී උද්ඝෝෂකයින් විසින් උණුසුම්ව හැසිරෙමින් මිණින්දොරු වාහනයකට පහර දී වාහනයට අලාභහානි සිදු කොට ඇති අතරම මුලතිව් දිස්ත්‍රීක් ලේකම් කාර්යාල වාහනයකටද ගමන් කිරීමට නොදී සිට ඇති අතර පසුව මුලතිව් පොලීසියේ මැදිහත් වීමෙන් අදාල ඉඩම් ගැටලුව දිස්ත්‍රීක් සංවර්ධන කමිටු රැස්වීමේදී අදාල නිලධාරීන් සමග සාකච්ඡා කොට විසඳුමක් ලබාගන්නා ලෙසට දැනුම් දෙනු ලැබීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

29,092 Viewers

16 Comments to “මුලතිවු නාවික හමුදා කඳවුර වටලයි.. දොරටුව ඉදිරියේ ගිනි තියයි.. වාහනවලට පහර දෙයි..”

  1. dula says:

    කෝ මේ සිරිසේනයි ….සිරිසේන ගේ කඩුවයි ??

  2. Nim says:

    62 DAN SATHUTUDA ?
    MOKADA ? ME WENNA
    MAGE RATA TA?
    MAHA WUN GE PILITHURA MOKAKDA?
    KATI ADO MUKAYAI WAHA GE NA
    HITIYA MA HARIDA ?

    • Vasana says:

      මොකද්ද මේ රටේ අවනීතිය ? දෙමල වීම හමුදා කදවුරු වැටලීමට ගිනි තැබීමට ජනපතිගේ විශේෂ අවසර දී තිබේද ?
      දෙමළජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් පිරිස හා පලාත් සභා මන්ත්‍රී සිවාජිලංගම් යන වහාම අත්අඩංගුවට ගත යුතුයි
      BAN TNA TERRORISTS PARTY

  3. Notthischange says:

    When I read this, I get the feeling that people in this area are lack of many basic resources that we have in Colombo. I feel sad for them. We must not be selfish but always accept their rights of equal state of life.
    First of all, they must be provided with water & gasses.

    Water with canons & gasses with cans.
    We in Colombo get plenty of those during protests…
    LMAO…

    • SUNIMAL says:

      Look like you are tamil who live in Colombo… Minorities ( tamil TNA ) are the most racist people in our Country

  4. john the baptice says:

    අපේ දකුනේ කොල්ලන්ගේ කෙල්ලන්ගේ ඔලු පලන පොල්ලේ පොලිස්ලාගේ පොල්ල කෙලින් වෙන්නේ නැද්ද ලැජ්ජයි

    • බුද්ධදාස says:

      සහතික ඇත්ත මචං.
      මෙච්චර සන්දියක් කරලත් හමුදාව, පොලීසිය නොදැක්ක වගේ ඉන්න ඕනේ.
      මේක හමුදා කඳවුරක්! හමුදාවේ ආත්ම ගරුත්වය?
      අපේ කොල්ලන්ට එලව, එලව ගහන පොලීසිය මුන්ටත් ගහල පෙන්නපල්ලකෝ.
      තුක් නොදකින්!

  5. SUNIMAL says:

    සරසවි සිසුන්ගේ ඔලු පලා යහපාලන පොලිසිය

    http://sathhanda.lk/1148-2015-10-29-13-57-01

  6. Sunil says:

    ජාතික කොඩි හෙම පෙන්නව එහෙම නෙවේ.

  7. SALMAL says:

    WAKE UP SINHALESE FOLKS WAKE UP PROTECT YOUR ONLY MOTHERLAND
    Send these Tamil Racist kallathoni back to South India

  8. DAYASIRI says:

    ඊනියා යහපාලනය බලයට පත්කිරීමට වෙහෙසුනු සැමට දැන් සතුටු ද? 1982 සිට පටන් ගත්තේ ඔය ක්‍රමයට බව අමතක කරන්න එපා. මිසිස්.ප්‍රභාකරන් තවම ලංකාවෙද? මේකත් එයාගේ සංහිඳියාවේ කොටසක් ද?

  9. ExUNPer says:

    Yamapalanaya for south….
    ‘Sanhindiyawa’ for noth ….
    Niyamai Sirisena 😀
    Treat them equally….that mean treat them in the way you treat people in the south !

  10. D says:

    Mung okkama illanawa namuth ganna puluwan deyak illanne nehe…
    Adugane ara Maithree mahathmiya illapang…. ekath karanne nehe.
    eKA DEELA DANDA PULUWAN NE.

  11. gaps says:

    Ha…haaaaa….sanhidiyava hutanage ammage…..
    Podi kollo tikak beela pissu natala.

  12. Thepanis says:

    රටවැසියා: වෙනස සැපද?

    අනාචාර්ය විජේසූරිය: නැතුව, නැතුව. මෙව්වගෙ වෙනසක් තමා අපි බලාපොරොත්තු වුනේ.

  13. adrian says:

    why remove land mines? Why not give the land back with land mines included. Let them enjoy land mines.

Main News