මුලතිවු ප‍්‍රහාරයට කිසිවෙක් අත්අඩංගුවට ගෙන නෑ.. දේශපාලන බලපෑම්.. උද්ඝෝෂණයට මූලික්තවය දෙමල සන්ධානයෙන්..

August 3, 2018 at 6:48 pm | lanka C news
මුලතිවු ප‍්‍රහාරයට කිසිවෙක් අත්අඩංගුවට ගෙන නෑ.. දේශපාලන බලපෑම්.. උද්ඝෝෂණයට මූලික්තවය දෙමල සන්ධානයෙන්..

මුලතිව් මුහුදේ තහනම් ධීවර කටයුතු නවත්වන ලෙස ඉල්ලා ඊයේ (02) මුලතිව් ධීවර පරික්ෂක කාර්යාලයට කඩා වැදුනු ධීවරයින් එහි දේපල වලට දැඩි අලාබහානි සිදු කල මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැත්තේ දේශපාලන බලාධිකාරිය නිසාදැයි ධීවර පරික්ෂක කාර්යාල නිලධාරීන් කියා සිටිති.

මුලතිව් සහකාර ධීවර පරික්ෂක කාර්යාලය ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත වූ ධීවරයින් අවසානයේ ධීවර පරික්ෂක කාර්යාලයට කඩා වැදී එම කාර්යාලයේ දේපල වලටද දැඩි හානි සිදු කොට තිබූ අතරම උද්ඝෝෂකයින් සමග දේශපාලඥයින් පිරිසක්ද සහභාගී වී සිටි පැවති උණුසම් තත්වය පාලනය කිරීම සඳහා මුලතිව් පොලිස් කැරලි මර්ධන ඒකකයද කැඳවා තිබුණි.

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ශාන්ති ශ්‍රී ස්කන්දරාසා සහ ටී.රවිහරන් යන අය ඇතුලු පිරිසකගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උද්ඝෝෂණයේ නිරත වූ ධීවරයින් පොලිස් බාධා කිරීම්ද නොතකමින් ධීවර පරික්ෂක කාර්යාලයේ දොරටුව සහ වැට කඩා කාර්යාලයට ඇතුලු වී ගල් මුල් ප්‍රහාර එල්ල කල අතරම කාර්යාලයේ දේපල වලට දැඩි හානි සිදුවවුද මෙතෙක් එම හානිය පිළිබඳව කිසිදු පියවරක් ගොන නොමැති.

කෙසේ වෙතත් ධීවර ගැටලුවට විසඳුමක් වශයෙන් ධීවර අමාත්‍යංශයෙන් ගැටලුව පිළිබඳව සොයා විසඳුමක් ලබා දීම සඳහා 10 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කොට ඇත.

ධීවර පරික්ෂක කාර්යාලයට සිදු කර පහරදීම් වලින් වූ අලාභහානිය පිළිබඳව මෙතෙක් කිසුදු පියවර ගෙන නොමැති බවටද එම කාර්යාලයේ නිලධාරීහු වැඩි දුරටත් කියා සිටිති.

– වන්නි රොමේෂ් මධුෂංඛ

4,703 Viewers

2 Comments to “මුලතිවු ප‍්‍රහාරයට කිසිවෙක් අත්අඩංගුවට ගෙන නෑ.. දේශපාලන බලපෑම්.. උද්ඝෝෂණයට මූලික්තවය දෙමල සන්ධානයෙන්..”

  1. ඉන්දියානු දෙමල ෆිල්ම් වගෙ..ලංකාවෙත් ගොන් පාට් නොදකින් පොන්න ආන්ඩුව…සමනල් පොන්නරැල …ජාතකෙ අවුල්…

  2. අඹර දමිළ says:

    හා හා ඒ ළමයින්ව එහෙම අත් අඩන්ගුවට ගන්ඩ එපා. ඒක සන්හිඳියාවට හොඳ නෑ.

Main News