මුවකු මැරූ පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට….

August 29, 2018 at 2:06 am | lanka C news
මුවකු මැරූ පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට….

මුලතිව් පුදුකුඩිඉරිප්පු තිම්පුලි රක්ෂිතයේදී මුවෙකු දඩයම් කොට මස් පිණිස රැගෙන යමින් සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බවට පුදුකුඩිඉරිප්පු පොලීසිය කියා සිටියේය.

අදාල මුවා දඩයම් කොට රහසිගතව රැගෙන යමින් සිටියදී ඒ පිළිබඳව පුදුකුඩිඉරිප්පු පොලීසියට ලැබුනු තොරතුරකට අනුව පොලිස් නිලධාරීන් පිරිසක් රැකවලා යොදා සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර එම අවස්ථාවේ සැකකරු සන්තකයේ මිය ගිය මුවාගේ සිරුරද හමු වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු පුදුකුඩිඉරිප්පු කොම්බාවිල් ප්‍රදේශයේ පදිංචි 70 හැවිරිදි පුද්ගලයෙකු වන අතර සැකකරු මුලතිව් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවට පරික්සණ සිදු කරන පුදුකුඩිඉරිප්පු පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

840 Viewers
Main News