මුස්ලිම් නීතිඥ සංගමය (MLA) අලුත් ව්‍යවස්ථාවේ “ඔරුමිත්ත නාඩු” වචනයට විරුද්ධයි… විධායක ජනාධිපති ධූරය අවශ්‍යයි… පොලිස් ඉඩම් බලතල නොදිය යුතුය..

October 29, 2017 at 12:00 pm | lanka C news
මුස්ලිම් නීතිඥ සංගමය (MLA) අලුත් ව්‍යවස්ථාවේ “ඔරුමිත්ත නාඩු” වචනයට විරුද්ධයි… විධායක ජනාධිපති ධූරය අවශ්‍යයි… පොලිස් ඉඩම් බලතල නොදිය යුතුය..

අලුත් ව්‍යවස්ථාව වෙනුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුව විසින් සකස් කල අතුරු වාර්තාවේ දෙමළ පිටපතේ සඳහන් පරිදි ශ්‍රීලංකාව “ඔරුමිත්ත නාඩු” ලෙස පිලිගැනිමට නොහැකි බවත් දැනට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වෙනි සංශෝධනය දී ඇති බලතලවලට වඩා කිසිත් පලාත් සභා සඳහා නොදිය යුතු බවත් මුස්ලිම් නීතිඥ සංගමය Muslim Lawyers Association ප්‍රකාශ කොට ඇති බැව් අද 29 වෙනි ඉරිදා සන්ඩේ ටෛම්ස් පුවත්පත වාර්තා කරයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුව විසින් සකස් කල අතුරු වාර්තාවේ “ඒකිය රාජ්‍ය ය Unitary States” යන අරුත් ගැන්වෙන වචනයට යොදා ඇති දෙමල වචනයෙන් අරුත් ගැන්වෙන්නේ “ඔරුමිත්ත නාඩු” යනු ප්‍රාන්ත කිහිපයකින් සැදුම්ලත් රාජ්‍යයක් බව පවසන මුස්ලිම් නීතිඥ සංගමය ඒකිය රාජ්‍ය හි නියම දෙමළ අරුත දෙන වචනය “ඔට්ර්රිච්චෙයි” (Otraiachchi) බවත් ඉංග්‍රීසියෙන් ඇති “Unitary States යුනිටරි ස්ටේට්” නිසියාකාරව සිංහල හා දෙමළ අරුත ගැන්විය යුතු බවටත් පවසයි.

එමෙන්ම වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 1 සිට 9 දක්වා ඇති කරුණු සම්බන්ධව කිසිම සංශෝධනයක් අනවශ්‍ය බවට සහතික කරන මුස්ලිම් නීතිඥ සංගමය කෙසේ වෙතත් එහි දැනට ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගැයිමට විරුද්ධත්වයක් නොමැති බව ප්‍රකාශ කොට ඇත.

පලාත් සභා පිහිටුවීම බලය බෙදීමේ මූලික අරමුණ වුවත් මාධ්‍යම ආණ්ඩුව පාලනය යටතේ බලතල බෙදාහැරීම සිදු කල යුතු බවට අවධාරණය කරයි.
එමෙන්ම එම සංගමය උතුරු නැගෙනහිර එක් කොට එක් පලාත් සභාවක් ලෙස පවත්වාගෙන යෑමට ගෙනෙන යෝජනාව සම්පූර්ණයෙන් ප්‍රතිකේෂ්ප කරන බවත් පැවසිය.

එමෙන්ම අධිකරණය සිදු කිරිමට යෝජිත සංශෝධනයන්‍ය විරුද්ධ බවත් ව්‍යවස්ථා අධිකරණයක් බිහි කිරිම ඒ සඳහා විනිසුරුවන් පත්කිරිම වැනි කාරනාවලට තරයේ විරුද්ධ වන බවත් ප්‍රකාශ කොට ඇත.

ඉඩම් සහ පොලිස් බලතල මධ්‍යම ආණ්ඩුව සතුව තව දුරටත් පැවතිය යුතුය යන්න මුස්ලිම් නීතිඥ සංගමය අදහස බවට ප්‍රකාශ කරන අතර පොලිස් නිලධාරින් බදවාගැනිමෙදි අදාළ පලාත්වලින් වැඩි කොටසක් බදවා ගැනිම යෝග්‍ය බවට යෝජනා කරයි.

එමෙන්ම සමස්ථයක් හැටියට විශාල රටවල් වෙනත් වෙනත් ජනකොටස් පාලනය සඳහා ෆෙඩරල් ක්‍රමයට බලය බෙදාහැරිම සිදු කලත් ශ්‍රීලංකාව වැනි රටකට එම ක්‍රමය සුදුසු නොවන බවත් විධායක ජනාධිපති ධූරය තව දුරටත් රටට අවශ්‍ය බවත් පවසන එම සංගමය දැනටම රටට විශාල බරක් ව පවතින පලාත් සභා ක්‍රමය අහෝසි කිරිමට 13 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අපහසු වුවත් දිස්ත්‍රික් සංවර්ධන සභා ශක්තිමත් කොට පලාත් පාලන ආයතනයන් සඳහා වැඩි බලය ලබාදීම සිදු කල යුතු බවට යෝජනා කොට ඇත.

8,789 Viewers

4 Comments to “මුස්ලිම් නීතිඥ සංගමය (MLA) අලුත් ව්‍යවස්ථාවේ “ඔරුමිත්ත නාඩු” වචනයට විරුද්ධයි… විධායක ජනාධිපති ධූරය අවශ්‍යයි… පොලිස් ඉඩම් බලතල නොදිය යුතුය..”

  1. sutikka says:

    මොලේ කළදක් තියෙන එකෙක් කමතිවෙයිද ලංකාව වගේ රටක බලතල වැඩි පළාත් සභා පිහිටුවන්න.ජාති,කුල මල ගෝත්‍ර මල ඉලව් ඔක්කොමම මතුවෙලා කාබාසිනියා වෙලා පළාත් සභා එකිනෙක ඇන කොටා ගෙන මල ජංජාලයක් වෙන්නේ.ඒවායේ ලොක්කෝ තඩි වාහන වල යන්නේ අපිට කර්චෝප් පාරක් ගෙන.අපිට වෙන්නෙ උන හපුලුවෝ වගේ උන් දිහා බලාගෙන සුසුම් ලන්න.ලනු දීපු රට්ටු හිනාවෙන්නේ යට පැත්තෙන්.හික්,හික්.

  2. Aurora says:

    මේ ව්‍යවස්ථා අටමගලට මොලේ තියන ශ්‍රී ලාංකිකයින් සහ සියලුම වෘතිකයන් මුළු හදින්ම විරුධයි. NGO පරයෝ, නපුංසකයෝ, උපන්ගෙයි මෝඩයෝ විතරයි මේකට පක්ෂ. මුස්ලිම් නීතිඥ සංගමයට බොහොම ස්තුතියි.

  3. කයිසර් says:

    එල ඊට පස්සේ සරියා බැංකුව කැලෑ කපන්ට කුඩු බෙදාහරින්න 16කෙල්ලෙක් බදින්න ඔනම තැන බිල්ලා ඇදුම් අදින්ට 3පාරක් තලාක් කිව්වාම දික්කසාද වෙන්න තව පල්ලිවල නඩු අහන්න දැමු චාන්ස් එක

  4. LION says:

    සුලු ජාතින් මහජාතිය සමග එකට ජිවත් විය යුතුය වැඩි බලතල දීම බයානකය ලේ වැගරිම් වලට මුලය, නිදාගන සිටින සිංහයන් නැගිටීමක් වෙනවා ඇත

Main News