මුහුදු වෙරලට ඉන්දියානු ධීවර දැල් ගොඩගසයි

January 9, 2019 at 5:30 pm | lanka C news
මුහුදු වෙරලට ඉන්දියානු ධීවර දැල් ගොඩගසයි

මුලතිව් නයාරු මුහුදු වෙරලට ඉන්දියානු දැල් ආම්පන්න තොගයක් ගෙඩගසා තිබූ බවට මුලතිව් පොලීසිය කියා සිටියේය.

නයාරු මුහුදු වෙරලට දැල් ආම්පන්න තොගයක් ගොඩ ගසා තිබීමෙන් මුලතිව් ධීවරයින් විසින් ඒ බව මුලතිව් පොලීසියට දැනුම් දීමෙන් පසුව අදාල ස්ථානයට ගිය මුලතිව් පොලිස් නිලධාරීන් විසින් ගොඩගසා තිබූ දැල් ආම්පන්න තොගය පොලීසයට රැගෙන ගොස් ඇති අතර එම දැල් තොගය ඉන්දීය ධීවර දැල් ආම්පන්න තොගයක් බවටත් එහි අයිතිකරුවන් පිළිබඳ මෙතෙක් කිසිදු තොරතුරක් නොමැති බවටද මුලතිව් පොලීසිය කියා සිටියේය.

පසුගිය දෙසැම්බර් 30 වනදා නයාරු මුහුදට ඔබ්බෙන් පිහිටි වලයාලමඩ්ම් ප්‍රදේශයේදී අනතුරට ලක් වූ ඉන්දියානු ධීවර යාත්‍රාවේ දැල් ආම්පන්න මෙසේ නයාරු මුහුදු තීරයට ගොඩ ගසා ඇති බවට මුලතිව් ධීවරයින් සැක පල කර සිටි අතර අනතුරට පත් අදාල ඉන්දීය ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් පිළිබඳ මෙතෙක් කිසිදු තොරතුරක් හෙලි වී නොමැති බවටද පරික්ෂණ සිදු කරන මුලතිව් පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

6,006 Viewers

Leave a Comment

Main News