මුහුදු වෙරල දුෂණයෙන් දෙමළ සංස්කෘතියට දැඩි බලපෑමක් කියා යාපනයේ විරෝධතා…

October 28, 2017 at 2:08 am | lanka C news
මුහුදු වෙරල දුෂණයෙන් දෙමළ සංස්කෘතියට දැඩි බලපෑමක් කියා යාපනයේ විරෝධතා…

යාපනය අක්කරෙයි මුහුදු වෙරල ඇතම් පිරිස් විසින් දූෂිත කිරීම නිසාවෙන් දෙමළ සංස්කෘතියටද දැඩි බලපෑමක් එල්ල වන බැවින් මුහුදු වෙරල ආරක්ෂා කරන්නැයි ඉල්ලා උතුරු පලාත්සභාව ඉදිරිපිටදී උද්ඝෝසණයක් පවත්වනු ලැබීය.

සමාජ සාධාරණත්වය සඳහා වූ බහුජන සංවිධානය හා අක්කරෙයි ප්‍රදේශවාසීන් පිරිසක් විසින් මෙම උද්ඝෝෂණය සංවිධානය කොට තිබුනු අතර අද පැවත්වෙන 108 වන උතුරු පලාත් සභා සැසි වාරය අතරතුර මෙම උද්ඝෝෂණය පැවත්වෙයි.

උද්ඝෝෂණයෙහි නිරත වූවන් කියා සිටින්නේ අක්කරෙයි මුහුදු තීරයට පැමිණෙන බොහෝ පිරිස් විසින් ඉතාමත් අශෝබන අයුරින් මුහුදු වෙරලේ හැසිරෙන බවටත් පැමිණෙන පිරිස් විසින් මුහුදු වෙරලේ මත්පැන් පානය කොට විවිධ වූ දුරාචාරයන් සිදු කිරීම අවට සිටින පුද්ගලයින්ට හිරිහැර කිරීම වැනි ක්‍රියාවන් සිදු වුවද ඒ පිලිබඳ වගකිව යුතු කිසිදු නිලධාරියෙකු මෙතෙක් වගකියා නොමැති බවටයි.

මෙවැනි දූෂිත ක්‍රියාවන් සිදුවන අතර තුර කුඩා දරුවන්ද එවැනි ක්‍රියාකාරකම් වලට ඇබ්බැහි වීම නිසා දෙමළ සංස්කෘතිය සම්පූරණයෙන්ම මෙමගින් විනාශ වන බවටත් එයට වහාම විසදුමක් ලබා දෙන ලෙසට ඉල්ලමින් මෙම උද්ඝෝසණය සංවිධානය කොට තිබුණි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

2,313 Viewers

One Comment to “මුහුදු වෙරල දුෂණයෙන් දෙමළ සංස්කෘතියට දැඩි බලපෑමක් කියා යාපනයේ විරෝධතා…”

  1. රොන් says:

    තමන්ගේම ජාතිය එක්ක ඉන්ට බැරි තොපිට කොහේද සංස්කෘතියක් තියෙන්නේ?

Main News