මුහුද රළු වෙයි.. ධීවරයින් මුහුදු යාමෙන් වලකියි… මාළු මිල වැඩි වන ලකුණු…

July 26, 2018 at 2:08 am | lanka C news
මුහුද රළු වෙයි.. ධීවරයින් මුහුදු යාමෙන් වලකියි… මාළු මිල වැඩි වන ලකුණු…

මේ දිනවල මන්නාරම් මුහුදේ සුලං අධික ලෙසින් වැඩි වීමත් සමග මුහුදේ පවතින රළු ස්වභාවය හේතුවෙන් මන්නාරමේ ධීවරයින් බොහෝ පිරිසක් මසුන් ඇල්ලීමෙන් වැලකී සිටීම නිසා ධීවරයින්ගේ ආර්ථිකයටද බලපා ඇති අතරම මාළු මිල ගනන් වැඩි වීමේ අවධානමක්ද පවතින බවට මන්නාරම් ධීවර පරික්ෂක කාර්යාලය කියා සිටියේය.

දැඩි සුලං තත්වයක් දිවා රාත්‍රි දෙකෙහිම පැවතීම නිසාවෙන් දවසක් පුරා මසුන් ඇල්ලීමේ නිරත වුවද කිලෝ 10 කදු මසුන් හසු නොවන බවට මන්නාරම් ධීවරයින් කියා සිටිති.

එමෙන්ම මන්නාරමේ ධීවරයින්ගෙන බහුතරය පවතින සුලං තත්වය හේතුවෙන් මුහුදු ගමන් නොයෑම හේතුවෙන් ඔවුන්ගේ දෛනික ආර්ථිකයටද බලපා ඇත අතරම මෙ තත්වය සෑම වසරකම පැවතියද මේ වසරේ පසුගිය කාලයන්ට වැඩා වැඩියෙන් සුලං තත්වය පවතින බවට එම ධීවරයින් කියා සිටිති.

දෛනිකව පවතින ඉල්ලුමට මසුන් නොමැති වීඹ හේතුවෙන් ඉදිරියේදීද සුලං තත්වය පැවතියහොත් මාළු මිල ගනන් ඉහල යාමේ අවධානමක්ද පවතින බවට මන්නාරම් ධීවර පරික්ෂක කාර්යාල නිලධාරීන් විසින් පෙන්වා දෙති.

– වන්නි රොමේෂ් මධුෂංඛ

769 Viewers
Main News