මුළු පාර්ලිමේන්තුවම එකවර රවටති.. බැදුම්කර වාර්තාව පාර්ලිමේන්තුවට නොදෙයි.. අගමැති විශේෂ ප‍්‍රකාශයක.. ඒකාබද්දය සභා ගැබ මැද විරෝධතා.. පාර්ලිමේන්තුව ගිණියම්..[Video]

January 10, 2018 at 11:20 am | lanka C news
මුළු පාර්ලිමේන්තුවම එකවර රවටති.. බැදුම්කර වාර්තාව පාර්ලිමේන්තුවට නොදෙයි.. අගමැති විශේෂ ප‍්‍රකාශයක.. ඒකාබද්දය සභා ගැබ මැද විරෝධතා.. පාර්ලිමේන්තුව ගිණියම්..[Video]

ශ‍්‍රී ලංකා මහ බැංකුවේ බැදුම්කර නිකුතුවේදී සිදුව ඇති බව කියන අක‍්‍රමිකතා සම්බන්ධයෙන් පරීක්‍ෂණ කරන ලද ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව සතියක් ඇතුලත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනාධිපතිවරයා දැනුම් දී ඇති බව කතානායක කරු ජයසුරිය මහතා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

අද කැදවනු ලැබ ඇති විශේෂ පාර්ලිමේන්තු සැසිවාරය අමතමින් කතානායකවරයා මේ බව දන්වා ඇත.

අද දිනයේ මෙම සැසිවාරය කැදවනු ලැබ ඇත්තේද බැදුම්කර වාර්තාව ගැන විවාද කිරීම සදහා අගමැතිවරයා විසින් කරනු ලැබූ විශේෂ ඉල්ලීමක් මතයි.

කෙසේ වෙතත් ඊයේ පස්වරුවේ පැවති පක්‍ෂ නායක රැුස්වීමේදී තීරණය වී ඇත්තේ බැදුම්කර වාර්තාව පාර්ලිමේන්තුවට අද දිනයේ ඉදිරිපත් කිරීමටත් එය ඉදිරිපත් වූ පසු විවාදය පැවැත්වෙන දිනය තීරණය කිරීමටත්ය.

මේ වන විට ඒකාබද්ද විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් පාර්ලිමේන්තු සභා ගැබ මැදට පැමිණ විරෝධතාවයේ යෙදී සිටිති. අගමැතිවරයා විසින් ඉදිරිපත් කල විශේෂ ප‍්‍රකාශයක ඔවුන් මෙසේ විරෝධතාව පල කර සිටිති.

පවතින උණුසුම් තත්වය නිසා පාර්ලිමේන්තුව කල් දැමීමට කතානායකවරයා තීරණය කලේය.

41,274 Viewers

9 Comments to “මුළු පාර්ලිමේන්තුවම එකවර රවටති.. බැදුම්කර වාර්තාව පාර්ලිමේන්තුවට නොදෙයි.. අගමැති විශේෂ ප‍්‍රකාශයක.. ඒකාබද්දය සභා ගැබ මැද විරෝධතා.. පාර්ලිමේන්තුව ගිණියම්..[Video]”

  1. Sirinaanda says:

    බැඳුම්කරේ, දොඹකරේ නෙව ගෙන එන්න ඕන, හරි බරයි නෙව…!

    ඉතින් රුපියල් 200ට දිව්රුම් දීපු සරල ජනාධිපතිට සති දෙකක් යන එක අහන්න දෙයක් ඈ…?

  2. kith says:

    Is he going to appoint another commission to decide and report the day of submission?

  3. චන්ද්‍ර says:

    මුන්ගේ බංකොලොත් භාවය වසාගැනීමට යොදවන කුප්‍රකට උපාය මාර්ග අතරින් බැඳුම්කර වාර්තාව අනිවාර්යවන සින්හල/දෙමල භාශා වලින් ඉදිරිපත් නොකිරීම තවත් උපාය මාර්ගයක් බව පැහැදිලිය. මෙවන් මහජනයා නොමග යවන ක්‍රියාකරාකම් කෙතෙක් ඉවසිය හැකිද?

  4. Sadda says:

    බ්‍රාපති සහසුද්දෙන්ම ඔක කියල දාලා නම් මොකොටද ඕක නොදෙන්නෙ.

    • Mahasona says:

      හරෝ හරා රනිල් හොරා මුදල් හොරා කම්බාහොරා අපට එපා
      මෙවැනි අපරාධකාරයන්ට නිසි දඬුවම් ලබාදෙනු….!!!

  5. Dr Saman Liyange says:

    ජනතාවගේ මුදල් කෝටී ගනනින් වංචා සහගත ලෙස පැහැරගැනීමට විරුද්ධව මින් පසු උද්ගෝෂණය කලයුත්තේ පාර්ලිමේන්තුවේ නොව මජනයා සමග වීදී බැස ජනතාවගේ මුදල් නැවත අයකරගැනීම වෙනුවෙනි. අගමැති වරයා තවදුරටත් වන්චාවෙකින් ආරක්ෂා නොකර ජනතාවෙගේ මුදල් වෙනුවෙන් ජනාධිපතිවරයා කටයුතු කළ යුතුවේ . දුප්පත් ජනතාවට හාල් පොල් 100ට කවා ජනපතිට හා අගමැතිට හා ඔහුගේ ආණ්ඩුවේ පිරිසට ජනතාවෙගේ මුදලින් රටට කිසිදු වැඩක් නොකර තව දුරටත් සුර සැප විඳිමට ඉඩ දෙනවද ?

  6. Dr Saman Liyange says:

  7. WELL DONE EEKABADDA WIPAKSHAYA CHEESE HIM OUT OF PARLIAMENT.

  8. indunil says:

    horagae ammagen paena aseemae saha badumkara waarthawa…………….

Main News