මෙගාපොලිස් පාච රණවක පාර්ලිමේන්තුවේදී කිච කර බින්දුවට දමයි.. ගම්මන්පිල ඇහේ ඉදන් පට්ට ගැසූ කතාව මෙන්න..

December 1, 2017 at 3:29 am | lanka C news
මෙගාපොලිස් පාච රණවක පාර්ලිමේන්තුවේදී කිච කර බින්දුවට දමයි.. ගම්මන්පිල ඇහේ ඉදන් පට්ට ගැසූ කතාව මෙන්න..

පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙගා පොලිස් හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශ වැය ශීර්ෂය විවාදයට එක්වෙමින් පාර්ලිමේන්තුවේදී මෙම අදහස් පල කලේය.

2016 සහ 2017 වසර දෙකේදීම මම මෙගා පොලිස් අමාත්‍යන්ෂයේ වැය ශීර්ෂය මම කතා කරන්න කලේ  නෑ. නමුත් මේ  වසර පුරාවටම ගරු අමාත්‍යතුමන් විවිධාකාරයෙන් මට  මට ආරාධනා කළා මේ වැය ශීර්ෂය මා කතා කළ යුතුයි කියලා. එතුමන්ගේ ඒ අවශ්‍යතාවය ඉටු කරමින් අද මම මේ නතාව කිරීමට බලාපොරොත්තු වෙනවා.

මෙගාපොලිස් නැතිනම් වඩා නිවැරදිව කිව්වොත් මෙගලොපොලිස් යනු කුමක්ද?  එකට ගැට ගැසුණු නාගරික ප්‍රදේශ කිහිපයක්.  It is defined in English as a chain of adjacent metropolitan areas. මෙගලොපොලිස් යන වදනේ මූලය වන ග්‍රීසි භාෂාවෙන් බැලුවොත් දැවැන්ත නගරයක් යන අදහස එනවා.  මේ සංකල්පය දැන් වසර සීයකටත් වඩා පැරණියි.  1915 දී පැට්‍රික් ගේඩ්ස් ලියූ සිටිස් ඔෆ් ඉවලූෂන් නම් පොතෙන් තමයි මෙගාපොලිස් සංකල්පය ලොවට හඳුන්වා දුන්නේ.

ලෝකය පුරා මෙගාපොලිස් අධිකාරි බිහි වූයේ අධිනාගරිකරණයෙන් මතු වුණු ජල සම්පාදනය, කසල කළමනාකරණය මළ බැහැර කිරීම වැනි සංකීර්ණ ගැටළු වලට විසඳුම් සොයන්නයි. ජල සම්පාදනය, විදුලිය සම්පාදනය, කසළ බැහැරකිරීම් වැනි ගැටළු මේවාට උදාහරණයි. ජකර්තා – බැංඩුං මෙගාපොලිස් මේ සඳහා කදිම නිදසුනක්.

අපි දැන් ලංකාවට එමු.  අපි මේ සභාවේ නාගරික සංවර්ධනය කතා කරන්නේ ජල ගැලීම් වලින් මාර්ග යට වෙලා නිවාස යට වෙලා විදුලි සැපයුම බිඳ වැටිලා නාගරික ජීවිතය කඩා වැටුණු මොහොතකයි.  අපට මතකයි 2010 දැවැන්ත වැස්සකට පස්සේ කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගර සියල්ලම ජලයෙන් යට වුණා.  පාර්ලිමේන්තුවට යට වුණා.

නාගරික සංවර්ධන ඇමති ධූරය දැරුවේ එවක ජනපති මහින්ද රාජපක්ෂ මැතිතුමායි.  ඔහු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට සම්පූර්ණ වගකීම භාර දීලා තිබුණේ.  ඒ නිසා 2010-2015 යුගය ගෝඨාභය යුගය.  ස්වර්ණමය යුගය.

2010 ජල ගැලීමෙන් පසු ගෝඨාභය රාජපක්ෂ වැඩේට බැස්සා.  මාධ්‍ය සංදර්ශන පවත්වලා මම කොළඹ හදන්නේ මෙහෙමයි කියලා පුරාජේරු කියෙව්වා නෑ.  නිහඬම වැඩේ පටන් ගත්තා.  මුලින්ම කොළඹ දිස්ත්‍රික්කයේ ඉඩම් ගොඩ කිරීම තහනම් කළා. ඒ තහනම කඩ කළ අයට තරාතිරම නොබලා දඬුවම් කළා.

ත්‍රිවිධ හමුදාවේ සහයෙන් ඇල මාර්ග පිලිසකර කළා.  ඇල මාර්ග ආශ්‍රිතව තිබුණු අනවසර ඉදි කිරීම් ඉවත් කළා ආණ්ඩුවේ ඇමතිවරුගේ දේපලත් ඒ අතරේ තිබුණා.

ගෝලීය උණුසුම නිසා කෙටි කලක් තුල දැවැන්ත වැස්සක් ඇද වැටෙන බව ඔහු තේරුම් ගත්තා.   අධික වැස්සෙන් කොළඹ එකතු වෙන ජලය මුහුදට ගෙන යෑමට ජල ප්‍රවාහන පද්ධතිය ප්‍රමාණවත් නෑ.  යට වෙන්නේ ඒකයි.  කොළඹ දිස්ත්‍රික්කය පුරා වැව් ඉදි කළා.  2010 ජූනි මාසයේ පාර්ලිමේන්තුව යට වුණාට පසු යළි කොළඹ යට වුණේ නෑ.

ඒ වගේම කසල සම්පූර්ණයෙන්ම කොළඹ නගරයෙන් බැහැර කළා.  පොලිසිය සහයට අරන් තැන තැන කසල දමන අයට දඬුවම් කළා.  පදික වේදිකාවේ වෙළඳාම තහනම් කළා.  පෝස්ටර් බැනර් එල්ලා අවලස්සන කිරීම තහනම් කළා.  නගරයට හිසරදයක් වී තිබුණු පාතාලය මර්දනය කළා.  2013 වන විට සංචාරකයින්ගේ ඡන්දයෙන් ලොව පිරිසිදුම නගරය ලෙස කොළඹ තේරුණා.

අද තත්වය කුමක්ද? නගරය යට වෙනවා, කුණු,  පෝස්ටර්,  පදිකා වේදිකා වෙළඳාම, පාතාලය නැවත ඇවිදින්. ඒ අතරේ අපේ ගරු අමාත්‍යතුමන් මාධ්‍ය සංදර්ශන පවත්වමින්  2020 දි 2025 දී  සුහුරු නගර හැදෙන හැටි  ගැන ජනතාවට සිහින විකුණනවා.  සුහුරු නගර හදන්න කලින් 2015ට කලින් තිබුණු නගරේ අපට හදලා දෙන්න.

ගෝඨාභය මාධ්‍ය හමු එකක්වත් පැවැත්වුයේ නෑ.  හැබැයි වැඩේ කලා.  ඒ වගේම එතුමාට නිසි ගෞරවයත් ලැබුණා. ඒ නිසා අපි ප්‍රසිද්ධිප පිටිපස්සේ කීර්තිය පිටිපස්සේ හඹා යනවා වෙනුවට වැඩේ හරියට කලොත් කීර්තිය ප්‍රසිද්ධිය අපි පිටිපස්සේ හඹා එනවා.  Mr Minister, don’t go after fame.  Go after your task.  Then fame will come after you.

මේ වසරේ කසළ කළමනාකරණය පිළිබඳ අතිශයින්ම ශෝචනීය වසරක් අප්‍රේල් මාසයේ මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටිලා විශාල පිරිසක් මිය ගියා.  2007 පෙබරවාරි මාසේ දී බ්ලූ මැන්ඩල් කුණු කන්දේ සිට මාධ්‍ය ඇමතූ එවකට පරිසර ඇමති පා ච රණවක ඇමතිතුමා වසරක් ඇතුලත මෙම කුණු කන්ද ඉවත් කරන බවටත් නැවත මෙවැනි කුණු කඳු බිහි වීමට ඉඩ නොතබන බවටත් ප්‍රකාශ කළා.  නමුත් එතුමා 2010 පරිසර ඇමති ධූරයෙන් සමු ගන්නා විට බ්ලූ මැන්ඩල් කුණු කන්ද එසේම තිබෙන අතරේ මීතොටමුල්ල කුණු කන්දත් බිහි වෙලා.

වසර 30ක් පුරා පොතුවිල වෙල් යායට කොලොන්නාව නස කුණු බැහැර කළා තමයි. නමුත් ඉන් කුණු කන්දක් බිහිුවනේ නෑ.  කන්දක් නිර්මාණය වුණේ කොළඹ මහ නගර සභාව දවසකට ටොන් 800-1000ක් මෙතැනට බැහැර කිරීම නිසියි මේ කුණු කන්ද නිර්මාණය වුනේ.  කුණු කඳු නිර්මාණය හැරුණු විට වෙනත් දිගුකාලින වැඩපිලිවෙලක් තිබුණේ නෑ.

2010 දී නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ධූරයට පත් වුණේ ගෝඨාභය රාජපක්ෂ මහතා.  ඔහු මාධ්‍ය සංදර්ශන පවත්වා වීර ප්‍රකාශ කරනවා වෙනුවට සද්ද නැතුව වැඩේට බැස්සා.  එතුමාගේ විසඳුම වුණේ බ්ලූමැන්ඩල් සහ මිතොටමුල්ල කුණු කඳු වගේම කොළඹ දිනපතා එකතු වන කුණු පුත්තලම දිස්ත්‍රික්කයේ අරුවක්කාලු ප්‍රදේශයේ ඇති හුණුගල් හැරීමෙන් සෑදුනු වලවල් සනීපාරක්ෂක කසල රඳවන බවට පෙරලා තැන්පත් කිරීමයි.  දුම්රියෙන් කසල ගෙනි යන්න සැලසුම් කර තිබුණේ.  2015 වසරේ ව්‍යාපෘතියේ වියදම් සඳහා රුපියල් බිලියන 2ක් අයවැයෙන් වෙන් කලා.

අවාසනාවට ආණ්ඩු පෙරලියෙන් පසු මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ.  මම මේ පිලිබඳ 2017 පෙබරවාරි 8 පාර්ලිමේන්තුවේ දී මෙගාපොලිස් ඇමතිතුමාගෙන් ප්‍රශ්න කළා. එත්‍රමා අවෙ නෑ ප්‍රශ්නයට පිලිතුරු දෙන්න.  ඊට පිලිතුරු දුන් නියෝජ්‍ය ඇමතිතුමා කිව්වේ විල්පත්තු ජාතික උද්‍යානයේ ස්වාරක්ෂක කලාපය තුලට වැටෙන නිසා වනජීවි දෙපාර්තමේන්තුව විරුද්ධයි කියලා.  එයට හේතුව විල්පත්තුවෙ ජාතික වනෝධ්‍යානයේ ස්වාරක්ෂක කලාපය තුල මේ කටයුතු කිරීමට සිදු වීම.

මම ඒ අවස්ථාවේ නියෝජ්‍ය ඇමතිතුමාගෙන් ප්‍රශ්න කලා වඩාත් පරිසර හානියක් සිදු වන්නේ මේ කුණු කන්ද ජනාකීර්ණ ප්‍රදේශයක පවත්වා ගෙන යෑමෙන් ද නැතිනම් ස්වාරක්ෂක කලාපය මීටර් කිහිපයක් වෙනස් කිරීමෙන් ද කියන එක.  ඊට පිලිතුරු දෙන්න ඒ පිලිබඳ අධ්‍යනයක් කර තිබුණේ නෑ.  නමුත් මීතොටමුල්ල ඛේදවාචකයෙන් පසු ඇමති ප්‍රකාශ කරනවා අරුවක්කාලු පරිසර හානිය සමග සසඳන විට මීතොටමුල්ල පරිසර හානිය දහස් ගුණයකින් වැඩියි කියලා.

ස්වාරක්ෂක කලාපය කියන්නේ ඕනෑම ජාතික වනජීවි උද්‍යායනක සිට සැතපුමක් දුර වනජීවි දෙපාර්තමේන්තුවේ අවසරයකින් තොර මානව ක්‍රියාකාරකම් කළ නොහැකි ප්‍රදේශයක් නම් කරනවා. අවසරය සහිතව එම ප්‍රදේශයේ ක්‍රියාකාරකම් කරන්න පුළුවන්.  එසේ නොහැකි නම් මීටර් තුන් සීයකින් පමණ විල්පත්තු සීමාව ඇතුලට ගෙනි යන්න පුළුවන්.

ඒ විකල්ප වෙනුවට ජාඇල වැනි ජනාකීර්ණ තෙත් කලාපයේ කසළ බැහැර කිරීමේ අසාර්ථක උත්සාහයක නිරත වුණා.  ආණ්ඩුවේ මන්ත්‍රිවරුන්ට පාරට බැහැලා විරෝධය.  අන්තිමට අරුක්කාළු විසිදුමට යන්නට ආණ්ඩුවට සිදු වෙනවා. මට මතකයි හර්ෂද සිල්වා ගරු අමාත්‍යතුමන් කිව්වා ගොඨාභයගේ විසිදුම හැර වෙන හොද විසදුමක් නෑ. අපි නැවත ඒකට යනවා කියලා.

එහෙමනම් ඇයි අරුවක්කාලු විසඳුම නතර කලේ ඇයි? ගෝඨාට ලකුණු.  කසළ ප්‍රශ්නය විසඳුවේ ගෝඨා නොවේ මමයි කියන්න නැතිවෙනවා. එය නැවැත්තුවේ නැති නම් මීතොටමුල්ල ඛේදවාචකය වෙන්නේ නෑ.  ඒක ස්වභාවික ව්‍යසනයක් නොවේ.  ඇමතිවරයාගේ උද්ධච්ච කම නිසා සිදු වුුණු මිනීමැරීමක්.

පොලිස් බාර අරගෙන තියේනනේ මෙගා ඩීල් දාන්නද ?

වත්මන් ඇමතිවරයා නාගරික සංවර්ධන අධිකාරිය භාර ගන්නා විට දැවැන්ත ඉඩම් සංචිතයක් තිබුණා.  දැන් ඉඩම් විකුණනවා මිස ඉඩම් ගන්නේ නෑ. මෙහෙම ඉවක් බවක් නැතුව අඩු මුදලට ඉඩම් විකුණන්නේ පැනමා පත්‍රිකා වල මුදල් පුරවන්න ද නැතිනම් සිල් බිඳ ගන්න උදව් කරන නිළියන්ට පුදන්න ද?  එහෙමත් නැතිනම් සතුරන්ට කරන්ට් අල්ලන දොස්තරලාට පුදන්න ද කියන ප්‍රශ්නය අපට මතු වෙනවා.

නිදසුනක්

කොළඹ කොටුව ලේක් හවුස් ඉදිරිපිට අක්කර 2 රූඩ් 1 පර්චස් 4 ඉඩමක් 2007 වසරේ රවි විජේරත්න මහතාට අයත් ලේක් ලෙෂර් හෝල්ඩින්ස් ආයතනයට වසර 30ට බදු දෙනවා රථ ගාලක් ඉදි කරන්න.

2013 වසරේ වටිනාකම මි 2785ක් 20% ගෙවා ඉතිරිය මාස තුනකින් ගෙවිමේ පොරොන්දුව මත අවු 50කට මිශ්‍ර සංවර්ධනයක්. 2013 ජූනි ඇමති මණ්ඩල අනුමැතිය.

සීයට විස්ස ගෙව්වත් ඉතිරි මුදල ගෙව්වේ නෑ.  .  නාගරික සංවර්ධන අධිකාරි පනතේ  14(2)(ආ) යටතේ  ගිවිසුම් ප්‍රකාර මුදල ගෙවා නැති නිසා ගෙවු මුදල රාජ සන්තකයි. ඉඩම නැවත්ත නාගරික සංවර්ධන අධිකාරියට හිමියි.  ඇමති ආපසු ලබා ගැනීමේ නියෝගය 2016 මැයි 11 නිකුත් කරනව. ඉට පස්සේ යනවා මෙගා ඩීල් එකක්.

නැවත ඒ සමාගමටම වසර 50 කට  ලබා දෙන්න 2016.09.06 කළමනාකරණ මණ්ඩලය ඉදිරිපත් කර අනුමැතිය පතනවා.  අර කලින් ගෙව්ව අත්තිකාරමට පොලියකුත් ගෙවලා ඒක ඉඩමේ වටිනාකමෙන් අඩ කරලා ඉතිරිමුදල පමණක් ගෙවීමට  කළමණාකාර මණ්ඩලයේ අනුමැතිය ඉල්ලනවා.  2016.10.18 නීති උපදෙස්  ලැබෙනවා මේ ගැන. ඉන් කියවෙන්නේ කලින් ගිවිසුම අවලංගු බැවින් ඉඩම ද ගෙවා ඇති මුදල ද අධිකාරිය සතු බවයි.

මෙන්න මෙගා ඩීල්. මේක මිලියන 200කට වඩා වැඩි ගනුදෙණුවක් නිසා අනිවාර්යෙන්ම අමාත්‍ය මණ්ඩල අනුමැතියට ඇවිය යුතුයි. නමුත් එසේ වන්නේ නෑ. මොකද අමාත්‍ය මණ්ඩලය විරුද්ධ වන නිසා. ඒ නිසා හොර රහසේම මේ ඩීල් එක ඉදිරියට යනවා.

බොහෝ දෙනක් මේ මෙගා පොලිස් අමාත්‍යන්ෂය ගෙනෙද්දී හිතුවේ මෙගා ඩීල් ගැන හොයන්න ගෙනාපු එකක් කියලයි. ඒ ගැන එහෙම හිතපු කාටවත් දොස් කියන්නත් බෑ. මොකද ඇමිතතුමන් කතා කරන්නෙම මෙගා ඩීල් ගැන. ඉතින් ඇමතිතුමන්ට ඒ මෙගා නම තියෙන අමාත්‍යන්ශයක් බාර දුන්නම හැමෝම හිතුවේ ලෝකු පොලීිසයක් හදලා එතුමන්ට බාරදුන්නා කියලා එතුමන් දන්න රට නොදන්න මෙගා ඩීල් ගැන සොයන්න. නමුත් එතුමන් මෙගා පොලිස් බාර අරගෙන තියේනනේ මෙගා ඩීල් දාන්න.

මෙගාපොලිස් ඇමිතතුම්නගේ ප්‍රගතිවාර්තාව අන්තිමයි

මෙගාපොලිස් ඇමති ගරු පා ච රණවක ඇමතිතුමාගේ අමාත්‍යාංශයට මුදල් වෙන් කරනවා මදි කියලා දැන් එතුමා නිරතුරුවම මාධ්‍ය ඉදිරියේ අඬා වැටෙනවා.  ආණ්ඩුවේ නායකයින්ට ආඩපාලි කියනවා.  නමුත් ආණ්ඩුව එතුමාගේ අමාත්‍යාංශයට ඔය මට්ටමට හරි මුදල් ලබා දීම ගැන සතුටු වෙන්න ඕනෑ. මොකද එතුම්නගේ ප්‍රගති වාර්තාව අන්තිමයි.

2018 වසර සඳහා මෙගාපොලිස් අමත්‍යාංශයට  අයවැයෙන් රුපියල් බිලියන 51.1ක් වෙන් කර තිබෙනවා.  2017 වසරේත් බිලියන 39.6ක් වෙන් කරලා තිබුණා.  2016 මහ බැංකු වාර්තාවට අනුව මෙගාපොලිස් අමාත්‍යාංශයට වෙන් කළ මුදල් නිසි ලෙස වියදම් කරලා නෑ.  2016 වසරේ දී පුනරාවර්තන වියදම් ප්‍රතිපාදනයෙන් වියදම් කර තිබෙන්නේ 74.2%යි.  ප්‍රාග්ධන වියදම් ප්‍රතිපාදනයෙන් වියදම් කර තිබෙන්නේ 42.5%යි.

දෙන මුදලින් භාගයක්වත් වියදම් නොකරන ඇමතිවරයෙකුට තව තවත් වැඩිපුර මුදල් වෙන් කරන්න නම් මුදල් ඇමතිට මොලේ අමාරුවක් තිබෙන්න ඕනෑ.  විශේෂයෙන්ම ආණ්ඩුව මූල්‍ය අර්බූදයක සිටින අතරේ වියදම් නොකරන මෙගාපොලිස් ඇමතිට පසුගිය වසරට වඩා බිලියන 12ක් වැඩිපුර ලබා දීම ගැන එතුමා සතුටු වෙන්න ඕනෑ.  එතුමා දැන් කරන්න ඕනෑ තමන්ට දෙන මුදල මදි කියලා අඬා වැටෙන එක නොවේ.  නිළධාරින් සමග වාඩි වෙලා ලැබුණු මුදල වියදම් කර ගන්න බැරි වුණේ ඇයි කියලා අමාත්‍යාංශයේ අකාර්යක්ෂමතාවයට හේතු සොයන එකයි.  වැඩ බැරි ඇමතිලා නටන්න බැරි වුණාම පොලොව ඇදයි කියනවා.

නාගරික සංවර්ධනයේ ගෝඨා යුගය ස්වර්ණමය යුගය අවිවාදිතයි.  එයින් වසර දෙකක් යන විට දෙන මුදලවත් වියදම් කර ගන්න බැරි තරමට මේ ආයතන කඩා වැටෙන්නේ කොහොමද?  එදා නිර්මාණශීලිව වැඩ කළ දවස පුරා රාජකාරි කළ ඒ නිළධාරින් අද කෝ?  ඒ නිළධාරින්මයි අදත්.  ඒ ගෞරවනිය නිළධාරින්ට අද නිසි නායකයෙක් නෑ.  වැඩ බැරි ඇමතිලා නිසා ආයතන කඩා වැටෙනවා.

අරාබි කියමනක් තිබෙනවා සිංහයෙක් නායකත්වය දෙන බැටළු හමුදාවකට බැටළුවෙකු අණ දෙන සිංහ හමුදාවක් පරාජය කරන්න පුළුවන් කියලා.  පළමු ලෝක යුද සමයේ ඉංග්‍රිසි මාධ්‍ය පැවසුවේ ඉංග්‍රිසි හමුදාව බූරුවන් නායකත්වය දෙන සිංහයින් පිරිසක් කියලා.  අද මෙගාපොලිස් අමාත්‍යාංශයට සිදු වෙලා තිබෙන්නෙත් ඒ දෙයමයි කියන එක කණගාටුවෙන් වුවත් කියන්න ඕනෑ.

ගෝඨාභයගේ සපත්තු කුට්ටම චම්පිකට ලොකු වැඩියි

ඒ නිසා තමුන්නාන්සේ  ඉඩම්ගොඩකිරීමේ හා සංවර්ධණය කිරීමේ සස්තාව සතුව තිබුණු ඩී ඒ රාජපක්ෂ පදනම සම්බන්ධ ලිපිගොනු තමන්ගේ බාරයට ගෙනල්ල නීතිඥවරුන්ට පෙන්වමින් සොයනවා මේකට නඩු දැමීමේ නීතිමිය පදනමක් තිබෙනවාද කියලා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ට පහර දීමෙන් ඇමතිතුමනි ඔබේ කීර්තිය වැඩි වේනනේ නෑ. ඔබ ඔහුට වඩා හොදට වැඩ කරල පෙන්වන්න. එයට අපේ කිසිම බාදාවක් නෑ. ඔබ ගෝඨාභය රාජපක්ෂ මහතාට වඩා හොද පාලකයෙක් උනොත් එහි ප්‍රථිලාභය තියේනනේ රටටයි. එහෙම නැතිනම් වෙන්නේ ඔබතුමාට ගෝඨාභය මහත්තයාගේ සපත්තු කුට්ටම ලොකු වැඩි කියන එක රටට පෙනෙන එක විතරයි.

ඒ නිසා 2018 වසරේ හඩා වැටෙනව වෙනුවට මාධ්‍ය සංදර්ශණ පවත්වනවා වෙනුවට, පිටුගනන් පත්තරවල දැන්වීම් දානවා මම වැඩ කාරයෙක් කියනවා වෙනුවට ජනතාව විසින් ඔබතුමා වැඩකාරයෙක් කියල වසරක් බවට පත්වේවා කියලා මම ප්‍රාර්තනා කරනවා. ඒ සදහා ශක්තිය ධෛර්ය වාසනාව හා අවස්ථාව උදාවේවා කියා මම ප්‍රර්ථනා කරනවා.

– අරවින්ද අතුකෝරල

28,686 Viewers

13 Comments to “මෙගාපොලිස් පාච රණවක පාර්ලිමේන්තුවේදී කිච කර බින්දුවට දමයි.. ගම්මන්පිල ඇහේ ඉදන් පට්ට ගැසූ කතාව මෙන්න..”

  1. lesti says:

    A great speech from another genius in our parliament..we count on you sir. Keep up your good work..goodluck

  2. පචයා says:

    වැඩ බැරි වුණත් කට තිබෙන නිසා මම මාධ්‍ය අල්ලා ගෙන වැඩ්ඩා වගේ හිටියා. ඒ අතරේ උදය මගේ සරම ගලවලා අතට දුන්නානෙ.

    මම අමාත්‍යාංශයට දෙන සල්ලි මදි කියලා අඩන අතරේ 2016 දී දුන්නු සල්ලි වලින් භාගයක් වත් වියදම් කරලා නෑ කියලා වාර්තා කරපු මහ බැංකු නිලධාරින්ට මම සුකීට වගේ කරන්ට් අල්ලලා සංදීප්ට වගේ මග දී හප්පලා එක්නැලිගොඩ වගේ අතුරැදහන් කරනවා. නදීෂ හේමමාලි පල්ලා මම එහෙම කරනවා

    • අකිල says:

      උදයගේ කතාවට වඩා මේ කමෙන්ට් එක මරැනෙ. වැඩබැරි රණවකට ලස්සනට ගහලා තිබෙනවා

    • ඔටුවා says:

      මුළු පච ජාතකයම මේ වාක්‍ය දෙක තුනේ තියෙනවා! 🙂

  3. saman says:

    ගෝඨාභයත් හැම තැනම දැන් පොස්ටර් ගහල තියෙනවා නේද?

  4. Ranil says:

    ගෝඨාභය හිරේ නොයාමෙන් සනාථ වන්නේ දූෂණ චෝදනාවලට හිරේ ගිය සියල්ලෝ ඇත්ත හොරැම බවද? මේ කියන ගම්මන්පිලත් හිරේ ගියානේ…ඒ කියන්නේ මෙයත් හොරා බවද?

    • අකිල පොඩි පුතා says:

      හිරේ ගිය හැමෝම හොරැ නොවේ. ගෝඨා මේ පලි ගැනීම වසර තුනක් පුරා දැක්ක නිසා කලින්ම ඉහළ උසාවියට ගිහින් අත්අඩංගුව තහනම් කරන නියෝගයක් ගත්තා. නැතිනම් ඔහුත් මේ වන විටනිරපරාදේ හිරේ

    • Sara says:

      හිරේ යනවා කියන එකයි
      සැකපිට රිමාන්ඩ් ගත
      කිරීමයි දෙකක් බව
      තේරැම් ගන්න.

  5. Wimals says:

    Me gembage haaalla kawda ban kiyawanne ?
    Mu ratata karapu kengediyak naha jaathiwadeta udagedi denawa harenna .

  6. NAK says:

    Pachaya is in the last leg of his political life. Soon he will be banished in to political oblivion.

  7. කන්සෙප්ට් හොරා says:

    පච ඇමති තුමා ගොටගේ concepts copy කරලා , UDA එකේ පරණ master plan එකේ නම වෙනස්කරලා Megapolice plan කියල ලොකු පොතක් හැදුවා.
    එක පත්තරවල දැම්ම, සෙත්සිරිපාය ලගින් යනකොට පෙන එකේ වැටේ එල්ලලා තියෙන බෝඑර්ඩ් දැම්මා.
    ඒවා දකිනකොට උදය ගම්මන්පිලට ඊරිසියද ?
    කොළඹ කුණු ගොඩවල් , කුණු ගඳ ගහන ඇළවල් ලඟින් ඔබතුම යන්න එපා. ඇස් පියාගෙන නහය වහගෙන අර board වල තියෙන සුපිරි නගරය මතක් කරගන්න .

    කොළඹේ හදල ගෝටා ලකුණු දාගෙන ජනාධිපති අපේක්ෂක කමටත් සුදුසුඉ කියල මිනිස්සු කියනවා. මෙගා පොලිස් ප ච ඇමති තුමත් මෙගපොලිස් ප්ලැන් හදල ලස්සන බෝඩ් දාපු හින්ද ජනාධිපති කමට මිනිස්සු තෝරාගනී . UNP එකේ එකට හරියන කෙනෙකුත් නැති හින්ද එතුමා සිංහල බෞද්ධ කම ගැන කතාකරන එක පැත්තක තියල UNP එකට සෙට් උනේ. ගම්මන්පිල ට කොහෙන්ද එහෙම වාසනාවක්. ඊරිසිය කරන්න එපා

  8. Gunaruwan says:

    Definitely a great speech.

  9. Vichi says:

    I have never seen a video of Gammnapila on this website. Only texts. Hmmm..

Leave a Comment

Main News