මෙතරම් චණ්ඩිකම් කරන්න අසද් සාලි පසුපස ඇති ශක්තිය කුමක්ද..

June 30, 2017 at 12:00 pm | lanka C news
මෙතරම් චණ්ඩිකම් කරන්න අසද් සාලි පසුපස ඇති ශක්තිය කුමක්ද..

ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි මහතා   විසින් 2017 ජූනි 27 දින පවත්වන ලද  මාධ්‍ය හමුවකදීබෞද්ධ භික්ෂුන් වහන්සේලා මුස්ලිම් පල්ලිවලට පහර දුන් බවට ප්‍රකාෂ කලේය. බෞද්ධ භීක්ෂූන්වහන්සේලා විසින් මුස්ලිම් පල්ලි කැඩු බවට පැමිණිල්ලක් මෙතෙක් පොලීසියට ලැබී නොමැති ත්තවයක් තුල ඔහු විසින් සිදු කල වගකීම් විරහිත පදනම් විරහිත මෙම ප්‍රකාෂයේ  යටි අරමුණ ආගමික ගැටුමක් නිර්මානය කිරීමයි.

අසාද් සාලිගේ මෙම හැසිරීම සම්බන්දයෙන් පිවිතුරු හෙළ උරුමයේ තරුණ කටයුතු ලේකම් සුගීෂ්වර බණ්ඩාර මහතා, සංස්කෘථීක කටයුතු ලේකම් උපුල් කෝණාර මහති සහ නීති ලේකම් රෝහණ තල්පාවිල යන මහත්වරුන් කොළඹ කොටුව අපරාධ පරීක්ෂණ දෙපාර්ත මේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදී. ත්‍රස්ථවාදය වැලැක්වීමේ පනතේ 2(1)(එ) වගන්තිය සහ දණ්ඩ නීති සංග්‍රහයේ 291(අ) වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් අසාද් සාලි මහතා වසින් සිදු කර ඇති බව පැමිණිලි කරුවන් විසින් පෙන්වා දෙන ලදී.

මෙහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වු පිවිතුරු හෙළ උරුමයේ තරුණ කටයුතු ලේකම් සුගීෂ්වර බණ්ඩාර මහතා.

ජාතිය අසමගි පෙරමුණේ නායක අසාද් සාලි පසුගිය 27 වන දින මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් බෞද්ධයන් හා ඉස්ලාම් භක්තියන් අතර ගැටුමක් ඇතිවීමට තුඩු දෙන ආකාරයේ ප්‍රකාශයක් සිදුකරනු ලැබුවා. එහිදී ඔහු ප්‍රකාශ කර සිටියේ පල්ලි වලට, ආගමික සිද්ධස්ථාන වලට පහර දීමට සමහරක් ජරා වැඩ කරපු භික්ෂූන් වහන්සේලා කටයුතු කරන බවයි. එය බරපතළ ප්‍රකාශයක් බවත් බෞද්ධයන් හා ඉස්ලාම් භක්තිකයන් අතර ගැටුම් ඇතිවීමට තුඩු දෙන ආකාරයේ ප්‍රකාශයක් බවත් සඳහන් කළ යුතුයි. ඔහු ප්‍රකාශ කරන ආකාරයේ කිසිම පැමිණිල්ලක් හෝ සාක්ෂියක් මේ වන තෙක් අපට දැනගන්නට ලැබී නැති අතර එසේ සාක්ෂි ඇත්නම් අසාද් සාලි කළ යුතු වන්නේ මාධ්‍ය සාකච්ඡා පවත්වමින් ආගම් අතර ගැටුම් ඇති කිරීමට අරඇදීම නොව ඒ සාක්ෂිත් සමග ගොස් පොලිසියේ පැමිණිලි කිරීමයි.

එසේ නොකොට මෙවැනි ප්‍රකාශ කිරීමේ යටි අරමුණ වන්නේ ආගම් අතර ගැටුම් ඇතිකර පටු පරමාර්ථ ඉටු කරගැනීමට උත්සාහ දැරීමක් බව පැහැදිලි ය.

ඒ වගේම ජාතිය අසමගි කිරීමේ පෙරමුණේ නායක අසාද් සාලි ප්‍රකාශ කරන්නේ ඔහු අත්අඩංගුවට ගැනීමට කිසිවෙකුට නොහැකි බවයි. එම මාධ්‍ය සාකච්ඡාවේ දී මෙරට අධිකරණ හා බුද්ධශාසන අමාත්‍යවරයාට ද ඔහු අභියෝග කරනවා.

මේ සියල්ල දෙස විමසිල්ලෙන් බලා සිටින අපට මතුවන සාධාරණය සැකය වන්නේ මෙසේ අභියෝග කිරීමට ඔහු පසුපස ඇති ශක්තිය කුමක් ද යන්න ය.

මේ ආණ්ඩුව රට බෙදන ව්‍යවස්ථාව ගෙන ඒමට සූදානම් වෙමින් පවතින මොහොතක ඊට අවැසි වටපිටාව සකස් කිරීමට දරණ උත්සාහයකැයි දෝ විටෙක අපට තවත් පැත්තකින් සැක මතුවෙනවා.

පසුගිය දිනවල පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් ජාතික සංහිඳියාවට හානි වන අකාරයේ ප්‍රකාශ සිදුකළා යැයි කියමින්, ඒ හිමියන් අත්අඩංගුව ගන්නට වරෙන්තු නිකුත් කළ ආණ්ඩුව මෙවැනි බරපතළ ප්‍රකාශ හමුවේ මුනිවත රකිමින් සිටින බවක් අපට පැහැදිලිව ම පෙනෙනවා.

එහෙයින් අද අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගොස් ඒ පිළිබඳව පැමිණිල්ලක් සිදුකරනු ලැබුවා. මේ සඳහා ඔවුන් ක්‍රියාත්මක වන අකාරය දෙසත්, වත්මන් ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් නීතිය නවන ආකාරය දෙසත් විමසිල්ලෙන් බලාගෙන සිටින බව අවධාරණය කර සිටින්නට කැමතියි.

– අරවින්ද අතුකෝරල

13,859 Viewers

6 Comments to “මෙතරම් චණ්ඩිකම් කරන්න අසද් සාලි පසුපස ඇති ශක්තිය කුමක්ද..”

  1. Siraa says:

    Un dhannawa rata unta awith iwarayi kiyala, napunsakayo wage thopi maraa ganilla.

    • අතුල කාෂ්‍යප says:

      ඇත්තටම රිෂාඩ් බදූර්දීන්ගැන මගේ ලොකු විරෝධයක් නෑ.
      මන්නාරමෙන් පන්නපු මුස්ලිම් මිනිස්සු නැවත පදිංචිකරන්න ගියහම දෙමල බෙදුම්වාදීන් විරුද්ධවුනා. දෙමල ජාතිවාදීන්ට අවශ්‍ය මන්නාරම තනිකර පිරිසිදු දෙමල ප්‍රදේශයක් ලෙසට පවත්වාගෙන යෑමට. ලංකාවේ ආණ්ඩුවලට, දෙමල බෙදුම්වාදීන්ගේ විරෝධය නොසලකා නැවත මුස්ලිම් මිනිස්සු පදිංචිකරන්න හයියක් තිබුනේ නෑ. ඉතින් වෙන විකල්පයක් නැතිනිසා ඒ මනුස්සයා, විල්පත්තු කැලේ කපලා තමුන්ගේ මිනිස්සු පදිංචිකරා.

      නමුත් අසාද් සාලිලා, රවුෆ් හකීම්ලා වගේ මිනිස්සු ඉ‍ටුකරන්නේ දෙමල බෙදුම්වාදීන්ගේ, ඇමරිකන් (රාජ්‍ය දෙපාර්තුමේන්තු) සහ නෝර්වේ රාජ්‍යවල උවමනාව. බල බෙදීමට විරුද්ධ හිටපු අගවිනිසුරුතුමා එලවන්න මූලිකව කටයුතුකරපු එක් පුද්ගලයෙක් තමයි අසාද් සාලි. ඒ වෙනුවෙන් වැඩකරපු ලොක්ෂාන් ඩොයස් නම් “නීති අඥයා” ඇතුලු “නීති අඥයෝ” 10ක කණඩායමකට, මොහාන් පීරිස් මහතා පැන්නීමේ කොන්ත්‍රාත්තුව අවසන්වුන ගමන්ම ඇමරිකානු සංචාරයක් ලබාදුන්නා.

    • daham says:

      aththatama sirath dan napunsaka wela wage neda

    • Alapaluwa says:

      Absolutely your correct I agree with you 100% they knew country has been taken away by them unofficially.

  2. ලොකු බණ්ඩාර says:

    යූ එන් පී ආණ්ඩුව මහාරාජාගේ සාක්කුවෙ තියෙද්දි ඌට ඕනෙ දේ කරන්න අධිකරණය නෙවෙයි හැම එකාම රෙඩි වගේ බං….ඒවා තමයි තොපි දකින්නේ.දැන් සැපද?

  3. LION says:

    මෙරට බොහෝ සිංහල බෞද්ධයන් හා පොදුවේ සිංහලයන් බොහොමයක් හැරෙන්න අනෙක් සියලු දෙනා ම පාහේ ජාතිවාදීන් හෝ ආගම්වාදීන් හෝ බව පැහැදිලියි. සිංහල බෞද්ධයන්ට මෙරට හිමි විශේෂිත තත්වයක් තිබෙනවා. ඒ විශේෂත්වය අවුරුදු දහස් ගණනක් තිස්සේ පැවතෙනවා. ඉංගිරිසින් වුවත් ඒ විශේෂත්වයට ගරු කළා. 1815 ගිවිසුමෙන් පමණක් නොව 1892 ආඥා පනතෙන් ද ඉංගිරිසින් මේ විශේෂත්වයට ගරු කළා. ඕල්කට් බෞද්ධයන් ඊනියා ජාත්‍යන්තර බෞද්ධයන් ලෙස සිංහල බෞද්ධයන්ගෙන් වෙන් වූ පසු සිංහල බෞද්ධයන්ට හිමි ව තිබූ විශේෂත්වය නැති වීමට පටන් ගත්තා.

    ඒ ඒ රටේ ඒ ඒ ජාතියේ හෝ ජනවර්ගයේ හෝ සංස්කෘතියට හිමි තැනක් තිබෙනවා. මේ තැන නැති කිරීම ජාතිවාදයක් ආගම්වාදයක් ලෙස හඳුන්වන්න පුළුවන්. මෙරට අනාදිමත් කාලයක සිට පැවතෙන දෙමළ සංස්කෘතියක් නැහැ. දෙමළ සංස්කෘතියක් මෙරට ඇති වීමට පටන් ගත්තේ දොළොස්වැනි සියවසෙන් පසුව. එයත් ඉතා සීමිත වශයෙන්. මෙරට දෙමළ සෙල්ලිපි කීයක් තිබෙනවා ද? මෙරට ලියැවුණු දෙමළ පොතපත කවරේ ද? බොහෝ දෙමළ ජනයා වත්මන් දකුණු ඉන්දියාවේ ලියැවුණු පොතපත දෙමළ පොතපත ලෙස ඉදිරිපත් කරනවා. එය වංචාවක්.

    මුස්ලිම් ජනයා මෙරටට පැමිණියේ දහහතරවැනි සියවසෙන් පසුව. ඔවුන් පැමිණියේ මලබාර් ප්‍රදේශයෙන්. අරාබියෙන් නො වෙයි. ඔවුන් දෙමළ කතා කෙළේ එබැවිනුයි. එහෙත් දැන් ඔවුන් සිංහල කතා කරන්න පටන් අරන් ඒක හොඳයි. ඔවුනුත් ලියූ පොතපත නැහැ. මෙරට ඉතිහාසය හා සංස්කෘතිය ගොඩ නගා ඇත්තේ සිංහල බෞද්ධයන්. එංගලන්තය ඇංග්ලිකන් ක්‍රිස්තියානි රට වන්නා සේ ම ලංකාව සිංහල බෞද්ධ රට. මුස්ලිමුන් එංගලන්තයේ ඇංග්ලිකන් ක්‍රිස්තියානිය යටපත් කිරීමට කටයුතු කිරීම ජාතිවාදීයි.

    සිංහලයන් දෙමළ ජනයාට හෝ මුස්ලිම් ජනයාට හෝ ඔවුන්ට හිමි තැන දීම ප්‍රතික්‍ෂෙප කර නැහැ. දෙමළ හින්දු සංස්කෘතියට හෝ මුස්ලිම් සංස්කෘතියට හෝ අසාධාරණයක් කර නැහැ. සිංහල බෞද්ධයන් සිංහල ක්‍රිස්තියානි සංස්කෘතියට සාධාරණය ඉටු කර තිබෙනවා. එසේ නම් සිංහල බෞද්ධයන් ජාතිවාදී වන්නේ කෙසේ ද? එහෙත් සිංහල බෞද්ධ සංස්කෘතියට මෙරට හිමි සුවිශේෂ තැන නැති කිරීමට නම් අනෙක් සියල්ලන් ම මෙන් කටයුතු කරනවා. ආණ්ඩුවත් කටයුතු කරනවා. මෛත්‍රිපාලත් මහින්දත් ව්‍යාජ සමාජවාදීන් පමණයි. ඔවුන් බෞද්ධ සංස්කෘතියට හිමි විශේෂිත තත්වය දෙන්න කටයුතු කරන්නේ නැහැ. ඔවුන් සිංහල සංස්කෘතිය වෙනුවෙන් එකතු වන්නේත් නැහැ.

    රන්ගිරි දඹුල්ලට ලැබෙන ආදායම කළමනාකරණය කිරීම ආණ්ඩුවේ රාජකාරියක් නො වෙයි. ආණ්ඩුවට ඒ සම්බන්ධ ඇඟිලි ගැසීමට බැහැ. මෙරට සංඝයා වහන්සේ ඇත්තේ දේශපාලනඥයන්ට උඩින් බව දේශපාලනඥයන්ට ද අන්‍ය ආගමිකයන්ට ද අමතක වෙනවා. එය සිංහල බෞද්ධ සංස්කෘතියට මෙරට හිමි විශේෂිත තත්වය නිසා අනාදිමත් කාලයක් තිස්සේ ඇති වී තිබෙන සම්ප්‍රදායක්. එංගලන්තයේ රජු (රැජන) ඇත්තේ කැන්ටබරියේ ආච් බිෂොප්තුමාට උඩින්. එහෙත් ලංකාවේ එසේ නො වෙයි. සාමණේර ස්වාමීන් වහන්සේ නමක් වුවත් කසිකබල් ඇමතිවරුන්ට උඩින් වැජඹෙනවා. එය අශෝක බුද්ධාගමේ කොටසක්. නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ ගැන අකිල විරාජ් දන්නවා ද?

    අකිල විරාජ් කාරියවසම් ඔහුගේ නොදැනුවත්කමට හෝ දඩබ්බරකමට කමට හෝ රන්ගිරි දඹුල්ල පවරා ගැනීමට යනවා. එහි යම් විෂමතා ඇත්නම් ඒ විසඳිය යුත්තේ ආණ්ඩුව නොව සංඝ සභාවයි. අකිලට අවශ්‍ය ම නම් ඒ ගැන සංඝ සභාවේ අවධානය යොමු කරන්න පුළුවන්. එයට වැඩි දෙයක් කරන්න බැහැ. ජනාධිපති ඒ ගැන බකංනිලා ගෙන ඉන්නවා. ඒ සිංහල බෞද්ධයන් උද්ඝෝෂණ නොකරන නිසා ද? මෛත්‍රිපාල දොස්තරලාට මොනව පොරොන්දු වුණා ද කියා දන්නේ නැහැ. ඒ ගැන රජයේ වෛද්‍ය නිලධාරි සංගමයේ මාෆියාව කියන දේ විශ්වාස කරන්න බැහැ. එහි එක් නිලධාරියකුට අනුව සයිටම් ඉවරයි. ඒ කුමක් වුවත් මෛත්‍රිපාල වෛද්‍ය නිලධාරීන් සමග සාකච්ඡා කිරීමට ඇති තදියම සිංහල බෞද්ධයන් සමග සාකච්ඡා කිරීමට නැහැ.

    වෛද්‍ය නිලධාරීන් හා අන්තරේ නොයෙකුත් ප්‍රශ්න ගැන කතා කළත් සිංහල බෞද්ධයන්ගේ ප්‍රශ්න ගැන කතා කරන්නේ නැහැ. සිංහල බෞද්ධ සංස්කෘතිය ගැන කතා කිරීම යනු රටේ සංස්කෘතියේ වැදගත් ම සංස්කෘතිය ගැන කතා කිරීමයි. දොස්තරලා වැඩියෙන් ආදායම ලබන්නේ සිංහල බෞද්ධයන්ගෙන්. මා හිතන්නේ දොස්තරලාගෙන් බහුතරයත් දැන් සිංහල බෞද්ධයන්. සිංහල බෞද්ධයන්ගේ ප්‍රශ්න ගැන කතා නොකිරීම යනු සිංහල බෞද්ධයන්ට එරෙහිව කතාකරන්නන්ට රුකුල් දීමක්. අද වෛද්‍ය සභාවත් වෛද්‍ය නිලධාරි සංගමයත් සිවල් සමාජත් සිංහල බෞද්ධ සංස්කෘතියට විරුද්ධව කටයුතු කරනවා.

    අන්තරේ එයටත් එහා. ඔවුන් ජනමාධ්‍ය සාකච්ඡාවක් පවත්වා ඇත්තේ සමාජයීය හා සාමයික කේන්ද්‍රයේ. එය තිස්ස බාලසූරිය පූජක තැනගේ නිර්මාණයක්. මේ ආයතනය සිංහල බෞද්ධයන්ට තිබිය යුතු විශේෂත්වය ගැන කතා කර නැහැ. ඔවුන් කරන්නේ ඊනියා බහු සංස්කෘතික, අනාගමික කතා කියා සිංහල බෞද්ධ සංස්කෘතියෙට හිමි විශේෂත්වයට අකුල් හෙළීම. පෙරටුගාමීන්ට සිංහල බෞද්ධ සංස්කෘතියක් නැහැ. ඔවුන් තවමත් සිටින්නේ කිසි දිනෙක වලංගු නොවුණු මාක්ස්වාදී සංකල්පවල. මාක්ස්වාදය හා බුදුදහම අතර කිසිම සමානකමක් නැහැ. බුද්ධාගම හා සමාජවාදය එකතු කිරීමට කතා කරන්නේ නිරවුල් සංකල්ප නැති අය.

    සිංහල බෞද්ධයන් උද්ඝෝෂණය නොකරන නිසා මෛත්‍රිපාල, මහින්ද ආදීන් ඔවුන් ගැන නෙසලකා හරිනවා වෙන්න පුළුවන්. රනිල් ගැන කතා කරන්න දෙයක් නැහැ. ඔහු සිංහල බෞද්ධ සංස්කෘතියේ නො වෙයි. අද ජාතිවාදීන් වන්නේ සිංහල බෞද්ධ සංස්කෘතියට හිමි විශේෂිත තත්වය නැති කිරීමට කටයුතු කරන වෙනත් සංස්කෘතීන්ට අයත් අය. කුරගල බෞද්ධයන්ට අහිමි කරන්නේත් නැගෙනහිර පළාතේ මුහුදු මහා විහාරය වැනි සිද්ධස්ථාන බෞද්ධයන්ට අහිමි කිරීමට කටයුතු කරන්නේත් උතුරු පළාතේ බුදුපිළිම වහන්සේ අස්ථාන කරන්නේත් අන්‍යාගමිකයන්, අන්‍ය සංස්කෘතීන්ට අයත් වූවන්.

    මෛත්‍රිපාල බටහිර වෛද්‍යවරුන්ට දක්වන සැලකීමෙන් අංශු මාත්‍රයක් සිංහල බෞද්ධයන් වෙනුවෙන් දක්වනවා ද? සිංහල බෞද්ධයන් වෙනුවෙන් කතා කිරීමට අද දේශපාලනඥයන් නැහැ. සිංහල බෞද්ධ රටේ සිංහල බෞද්ධයන් අනාථ වෙලා. අස්ගිරි හා රාමඤ්ඤ ප්‍රකාශ ගැන රනිල් හා අකිල කෙසේ වෙතත් මෛත්‍රිපාල අවධානය යොමු කළ යුතුයි.

    නලින් ද සිල්වා- Lanka web

Main News