මෙතෙක් ගෙනා සියලු අයවැයට වඩා මෙවර එජාප අයවැය අති විශිෂ්ටයි.. එය ‘සුබමංගල’ අයවැයක්..- ශ‍්‍රීලනිප මාධ්‍ය ප‍්‍රකාශක

November 12, 2017 at 11:20 am | lanka C news
මෙතෙක් ගෙනා සියලු අයවැයට වඩා මෙවර එජාප අයවැය අති විශිෂ්ටයි.. එය ‘සුබමංගල’ අයවැයක්..- ශ‍්‍රීලනිප මාධ්‍ය ප‍්‍රකාශක

පසුගිය වසර දෙක තුල අයවැය ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍යවරයා කලේ ජනතාවගේ මුදල් උදුරා ගත බවයි. එහෙත් එක්සත් ජාතික පක්ෂයේ මුදල් අමාත්‍යවරයා ලෙස මංගල සමරවීර මහතා ගෙනා අයවැය මගින් පලමුවරට ජනතාවට දීම පටන්ගෙන ඇති බැවින් එය අති විශිෂ්ට අයවැයක් බව රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි.

නීල හරිත අයවැයක් හරහා මුදල් අමාත්‍යවරයා ශ්‍රීලංකා නිදහස් පක්ෂයත් එක්සත් ජාතික පක්ෂයක් එකතුකොට ඉදිරිපත් කල අයවැයක් ලෙස තමා දකින බවත් එබැවින් මෙම මංගල අමාත්‍යවරයාගේ අයවැයට සුබ මංගලම් කියා සුභ පතන බවත් පැවසීය.

මින් ඔහු අදහස් කලේ ඉදිරියේදී පක්ෂ දෙකම එක්ව සහජීවනයෙන් ආණ්ඩුව කරන බවක් විය හැකිය.

ශ‍්‍රීලනිප පාක්‍ෂික හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

ඇමති ඩිලාන් පෙරේරා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මාධ්‍ය ප‍්‍රකාශකයා වන බැවින් ඔහුගේ මතය පක්‍සයේ මකතයට සමාන්තර විය යුතුය.

වීඩියෝව මෙතනින්

4,630 Viewers

6 Comments to “මෙතෙක් ගෙනා සියලු අයවැයට වඩා මෙවර එජාප අයවැය අති විශිෂ්ටයි.. එය ‘සුබමංගල’ අයවැයක්..- ශ‍්‍රීලනිප මාධ්‍ය ප‍්‍රකාශක”

  1. Neo says:

    මන්ගලයා පාර්ලිමේන්තුවේදී කිව්වා මේක සියල්ල විවුර්ථ කරන ලිබරල් අය වැයක් 77ට කලින් ආර්ථිකය ලිබරල් කරලා විවුර්ථ නොකරපු නිසා තමයි රට දියුනු නොවුනෙ කියලා. දැන් එතකොට බන්ඩාරනායක ප්‍රතිපත්තිය කියන්නෙ සියල්ල පිටරටට විවුර්ථ කරලා, දේශීය ව්යාපාර ඔක්කොම කුඩු පට්ටම් කරලා ආර්ථිකය ලිබරල් කරන එකද?

    • ප්‍රබා says:

      තිස් අවුරුදු යුද්ධයක් ජයගත් රට වුවද අද
      වැටී ඇත සාමය සමඟිය සැම ජාතියම හද
      බොරුව රජකර මැතිඇමති විඳිත් සැප අද
      තිබුනනම් හොඳය යුද්ධය සැමඳා රටෙ අද

  2. love nature says:

    නංගි පෙන්නලා අක්කා දෙනවා වාගේ.එජාප අයවැය

  3. love nature says:

    කිතුලට ගිය එකාටත් කියන්න දේවල් තිබුනලු.

  4. Lolla says:

    අඩෝ පොන්සියා ……
    රට දිහා ඇස් ඇරල බලපන්
    ඉතියෝපියාවටත් වැඩිය පහතට වැටිලා
    මේවට වග කියන්න ඕනේ දේශපාලනේ කරපු තොපි
    තොපි සේරම මේ රට කෑව
    මේකේ තියෙන දේ හොරකන් කලා
    තව කලකින් තොපිට පාරක බැහල යන්න බැරි වෙයි……

  5. love nature says:

    නොමිලේ වයි පයි දෙනවා අපි ආවොත්
    කියලා කිව්වහම යහපාලන ලොක්කෝ
    වයි (y) සහ පයි (π) දෙකේ වෙනසක් දන්නෙ නැති
    කජු කිරි පැටව් කෑගැහුවා “සිරෝ – වරෝ“
    තව එතකොට කුළියාපිටියේ පැත්තේ
    හදලා පොක්ස්වැගන් පැක්ටරියක් සොඳට
    රැකියා ලක්ෂයක් දෙනවා මල්ලිලට
    හැටපහ පැන්න “අයියා” කිව්වා මතකයි
    මේවා අහල පණ පලයන් පෙරේදා
    ගියහොඳ අලි ඇතුන් දාලා අදින්න ද
    නැකතට හූල්ලන – මගෙ රට වැසියන්ට
    කරුණාවෙන් මයි ලිව්වේ මේ කවිය
    ටොයි ඇමතින් ගෙ නරිවාදම් අහපල්ලා
    කුම්බල මාළු කෑවා නම් ඉවසල්ලා
    නයි රෙදි අස්සෙ දාගෙන කෑගහපල්ලා

Leave a Comment

Main News