මේක කොන්ද පන නැති නෝන්ජල් ආණ්ඩුවක්.. මොන මගුලකටද ෆේස්බුක් තහනම් කරන්නේ.. කොමියුනිස්ට් රටවල් ඇරුණම ලංකාවේ විතරයි එහෙම කලේ..- මරික්කාර්

March 13, 2018 at 3:50 pm | lanka C news
මේක කොන්ද පන නැති නෝන්ජල් ආණ්ඩුවක්.. මොන මගුලකටද ෆේස්බුක් තහනම් කරන්නේ.. කොමියුනිස්ට් රටවල් ඇරුණම ලංකාවේ විතරයි එහෙම කලේ..- මරික්කාර්

මේ රටේ 1% ක් කරන වැරදිවලට 99% ක් වූ ජනතාවගේ භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස උදුරා ගැනීම යුක්ති ධර්මයට පටහැනියි බවත්, ෆෙස් බුක් තහනම දිගටම පවත්වාගෙන යාම නෙමෙයි විසදුම නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා ප්‍රකාශ කරන ලදී.

හෙතෙම මෙම අදහස් පළ කරන ලද්දේ, රුපියල් ලක්ෂ 25 ක විමධ්‍යගත ප්‍රතිපාදන යටතේ කොළොන්නාවේ රැකියා විරහිත ප්‍රජාව සදහා පැවැත්වූ වෘත්තිය පුහුණු පාඨමාලාවන්හි අවසන් සහතික පත් ප්‍රදානය කිරීමේ අවස්ථාවකට එක්වෙමින්ය.

‘දැන් බලන්න ෆෙස් බුක් එක තහනම් කරලා සතියක් වෙනවා. කොමියුනිස්ට් රටක් හැර ෆෙස්බුක් තහනම් කරපු එකම රට ලංකාව .ඒ තත්වය පාලනය කරන්න දවසක් දෙකක් ෆෙස්බුක් තහනම් කරපු එක හරි ඉතින් ඇයි තාම තහනම් කරගෙන ඉන්නේ. රජයට තියෙන්න ඕනේ දියුණු තාක්ෂණය භාවිත කරලා , මේ අන්තවාදීන්ගේ ෆේජස් , ෆ්‍රෙපයිල් මොනිටර් කරලා ඔවුන්ව අත්තඩංගුවට අරගෙන නීතිය අනුව කටයුතු කිරීමේ හැකියාවක් තියෙන්න ඕනේ.  ඒ වෙනුවට  ෆෙස් බුක් තහනම් කරලා දිගටම පවත්වාගෙන යන එක නෙමෙයි විසදුම.

මේක මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය වීමක් බව, මං ආණ්ඩුවේ මන්ත්‍රී කෙනෙක් වුනත් ඒක කියනවා. මොකද අපිට භාෂණයේ හා ප්‍රකාශන තියෙනවා. 1% ක් කරන වැරදිවලට 99% ක් වූ ජනතාවගේ භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස උදුරා ගැනීම යුක්ති ධර්මයට පටහැනියි කියන එකයි මගේ අදහස.

සමහර අය කියනවා ඔයත් ආණ්ඩුවේ මන්ත්‍රී කෙනෙක්නේ කියලා. ඒ වුනාට අපි තීරණ ගන්නේ නෑ. අපිට පුළුවන් හඩ නගන්න, පාර්ලිමේන්තුවේ කෑ ගහන්න, මන්ත්‍රී කණ්ඩායම්  වල කියන්න.ඒ නිසා තීරණ ගැනීමේ උදවියට මොලේ පහල වෙලා මේ තහනම ඉවත් කරයි කියලා අපි විශ්වාස කරනවා’ යැයි ද පැවසීය.

– මිනුර රෂාන්ත

23,987 Viewers

6 Comments to “මේක කොන්ද පන නැති නෝන්ජල් ආණ්ඩුවක්.. මොන මගුලකටද ෆේස්බුක් තහනම් කරන්නේ.. කොමියුනිස්ට් රටවල් ඇරුණම ලංකාවේ විතරයි එහෙම කලේ..- මරික්කාර්”

  1. Open mind says:

    පංකාදු උපදේශකයො රොත්තක් දෙන්න තුන්දෙනාටම ඉන්නවා.දැන් සතුටු යි නේද ?

  2. Dushantha says:

    මෝඩයො ෆේස්බුක් තහනම් කොර ගන්ඩ ඕනි හින්ද නේන්නන් පොඩි ෂන්හිඳියා ප්‍රශ්නයක් ඈති කර ගත්තෙ. දෑන් ඉතින් ෂන්හිඳියාව පිටින් දාලා ෆේස්බුක් තහනම් කරලම දෑම්ම හෑකි.

  3. මාතලේ බණ්ඩා says:

    “සිරස” කාරය UNP යට රිංගෙවිව පිල්ලිය මරික්කාර්, ව්‍යංගයෙන් රනිල්ටමයි ගහන්නෙ.

  4. Ponil Wihilu singhe says:

    A man has raped a woman in Katuwadiya .

    I hereby prohibit erection for all the males in Sri Lanka to make this land a rape free country.

    – Hon Ponil Wihilu singhe

  5. Sirisena Yatawara says:

    Marrkier is ISIS agent promoted by Islam extremist ,funded by one TV company.
    He has critical on China is totally wrong . Islam of extremist of Marriker must insult People’s republic of China as member of govt. MP. totally wrong . Keep out of politics do not undermined of nations good friendly countries by Marriker?

  6. ExUNPer says:

    You are very right Mr Marikkar.
    The govt must be able to capture extremists by monitoring the activities in social media networks.

Main News