මේ ආණ්ඩුව රටක්, ජාතියක්, ආගමක් ගැන හැගීමක් නෑ.. රටම විකුණන් කනවා..අධාර්මික පාලනයෙන් රටම විපතේ..- ගැටඹේ නාහිමි

August 15, 2017 at 4:40 pm | lanka C news
මේ ආණ්ඩුව රටක්, ජාතියක්, ආගමක් ගැන හැගීමක් නෑ.. රටම විකුණන් කනවා..අධාර්මික පාලනයෙන් රටම විපතේ..- ගැටඹේ නාහිමි

රට ස්ථාවර කිරීමට මේ ආණ්ඩුව පැත්තකින් තබා ජනතාව විසින් රටට උචිත වැඩපිළිවෙළක් සහිත නව ආණ්ඩුවක් ගොඩනැගිය යුතු බව ගැටඹේ රාජෝපවනාරාමාධිපති පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමියෝ පවසති.

ඊයේ(14) ජාතික නිදහස් පෙරමුණේ නායකයන් උන්වහන්සේගේ බැහැදැකීමට පැමිණි අවස්ථාවේදී අනුශාසනාවක් සිදු කරමින් සිරිවිමල නාහිමියෝ එසේ පැවසූහ.

එහිදී වැඩිදුරටත් අනුශාසනා කළ උන්වහන්සේ මෙසේ ද සඳහන් කළහ.

‘‘අවශ්‍ය නැති මොහොතකයි මේ ආණ්ඩුව නව ව්‍යවස්ථාවක් ගෙන එන්න හදන්නේ. මේ අයට ඕනේ රට අනෙක් පැත්ත හරවන්න. මේ ආණ්ඩුව රටක්්, ජාතියක්, ආගමක් ගැන හැ`ගීමක් ඇති එකක් නොවෙයි. රටේ තිබෙන දේවල් විකුණන් කාලා රටත් විනාශ කරලා, තමුනුත් විනාශ වන එකයි මේ අෘණ්ඩුව කරමින් ඉන්නේ. ඔබතුමන්ලා වාගේ අය නිසා මේ රට මේ තරමින්වත් රැකිලා තිබෙනවා. මේ අය ඔබතුමාගේ කටට බයයි. නැත්තම් මීට වැඩියෙන් නටනවා. රටට හානි කරනවා. බෙදුම්වාදීන්ට ඡුන්දයේදී පොරොන්දු වුණු නිසා මේ ආණ්ඩුවට ෆෙඩරල් ව්‍යවස්ථාවක් ගෙනෙන්න වෙනවා. ඒක නොකර ඉන්න බැරි වෙලා තිබෙනවා. ඔබතුමන්ලා මේ ෆෙඩරල් ව්‍යවස්ථාව හදන එකට විරුද්ධ වුණු එක ලොකු දෙයක්.

මේ රට ස්ථාවර කරන්න නම් මේ ආණ්ඩුව පැත්තකින් තියන්න වෙනවා. එහෙම පැත්තකින් කියලා රටට උචිත, මහජන සේවයක් හොඳින් සිද්ධ වන වැඩපිළිවෙළක් සහිත ආණ්ඩුවක් අපි ගොඩනැගිය යුතුව තිබෙනවා. හොරු අල්ලනවා කියලා බලයට ආවාට මේ අයට එක හොරෙක්වත් අල්ලා ගන්න තවම බැරි වුණා. දැන් ඒ අය හොරකම් කරනවා. කවදාවත් නොතිබුණු නිය`ගයක් අද තිබෙන්නේ. ධාර්මික පාලනයක් රටක නොමැති වන කොට මේ වගේ තත්වයක් ඇති වෙනවා.

පසුගිය දිනවල විජේදාස රාජපක්‍ෂ මහතා මේ ආණ්ඩුවේ ඇමතිවරයකු ලෙස කරපු ප‍්‍රකාශ අපි අගය කරන්න ඕනෙ. මේ ආණ්ඩුවේ ඇමතිවරයකු ‘මට ඇමතිකමට වඩා රට වටිනවා’ කීම කාගෙත් පැසසුමට ලක් විය යුතුයි. ඔබතුමන්ලා කරන කැප කිරීම ඉදිරියේදීත් අපි බලාපොරොත්තු වෙනවා. ඒ නිසයි මේ රට මේ තරම්වත් රැකිලා තිබෙන්නේ.

විපක්‍ෂයක් තිබෙන්නේ ආණ්ඩුවක් නොම`ග යනවානම් පෙන්නලා දෙන්න. නමුත් අද විපක්‍ෂ නායක ඇතුළු නිල විපක්‍ෂයෙන් ආණ්ඩුවට නිසි බලපෑමක් සිදු වෙන්නේ නැහැ. ඒ නිසා රට අයාලේ යනවා. රටේ ජනතාව බලය දුන්නේ එක නායකයකුට. නමුත් බලය පාවිච්චි කරන්නේ තවත් කෙනෙක්. අද නායකයෝ ගොඩයි.

කෙසේ නමුත් මේ තත්වයෙන් රට බේරා ගන්න ඕනේ. ජාතිය ආරක්‍ෂා කර ගන්න ඕනෙ. ජේ.ආර්. ජයවර්ධන මහතා වගේම මේ ආණ්ඩුවත් රටේ ඉතිහාසය වෙනස් කරන්න හදනවා. ඉතිහාසය වෙනස් කළාම මේ අයට මේ කරන වැඬේ ලේසියෙන්ම කර ගන්න පුළුවන්. වෙනසක් ගෙන එනවා කියලා මේ ආණ්ඩුව මේ රටට ලොකු විනාශයක් කළා. ඒකට මිනිස්සු විරුද්ධ වන කොට දැන් කැති, පොලූවලින් උත්තර දෙන න්‍යායකුත් මේ ආණ්ඩුව හදාගෙන තිබෙනවා’’

මෙහිදී අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා,

‘‘මහානායක හිමිවරුන්ගේ ඉල්ලීම පරිදි අපි ආණ්ඩුවේ ව්‍යවස්ථා සංශෝධන ක‍්‍රියාදාමයෙන් ඉවත් වුණා. එහිදී ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයෙන් අපේ මන්ත‍්‍රීවරු පස් දෙනා කථානායකවරයාට ලිපියක් භාර දෙමින් නිල වශයෙන් ඉවත් වුණා. 2015 ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපතිවරයා ජනවරමක් ඉල්ලා සිටියේ ජනමතවිචාරණයකට තුඩු නොදෙන ව්‍යවස්ථා සංශෝධන ගෙන එන්න. මහ ඡුන්දයේදී කිසිම පක්‍ෂයකට මන්ත‍්‍රී ධුර 113 ඉක්ම වූ බහුතර බලයක් ලැබුණේ නැහැ. ඒ නිසා නව ව්‍යවස්ථාවක් ගෙන ඒම සඳහා මහ මැතිවරණයේදී කිසිම පාර්ශ්වයකට ජනවරමක් ලැබුණා කියනවා නම් ඒක බොරුවක්. මේ ආණ්ඩුවේ අය සහ නව ව්‍යවස්ථාවක් සඳහා පෙනී සිටින අය කියන්නේ ‘ජනවරම අනුව නව ව්‍යවස්ථාවක් ගෙන ආ යුතුයි’ කියලනේ. නමුත් නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට කිසිවකුටත් ජනවරමක් ලැබී නැහැ.

මේ ආණ්ඩුව කඩිනමින් ඉවත් නොකළහොත් රටටත්, ජනතාවටත් තවත් ප‍්‍රශ්න ගණනාවක් ඇති කරනවා. දැන් සමෘද්ධිලාභීන්ගේ දීමනාව කපන්න යනවා. මත්තල ගුවන් තොටුපළ ඉන්දියාවට විකුණන්න යනවා. ආර්ථිකය දිනෙන් දිනම කඩා වැටෙනවා. උතුරේ නීතිය හා සාමය පවත්වාගෙන යාමට පොලිසියට බැරි වෙලා තිබෙනවා. හොරු අල්ලනවා කියලා බලයට ආපු මේ අයට දැන් තමන්වම අල්ලා ගන්නයි වෙලා තියෙන්නේ.’’

මෙම අවස්ථාවට ජානිපෙ ජාතික සංවිධායක, හිටපු සංස්කෘතික කටයුතු අමාත්‍ය පියසිරි විජේනායක, නියෝජ්‍ය ලේකම්වරු, මධ්‍යම පළාත් සභා මන්ත‍්‍රීවරු වන නිමල් පේ‍්‍රමවංශ සහ නිමල් පියතිස්ස යන මහත්වරු ද එක්ව සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ

13,995 Viewers

8 Comments to “මේ ආණ්ඩුව රටක්, ජාතියක්, ආගමක් ගැන හැගීමක් නෑ.. රටම විකුණන් කනවා..අධාර්මික පාලනයෙන් රටම විපතේ..- ගැටඹේ නාහිමි”

  1. Sujeewa Dematagoda says:

    Ane hamuduruwane….. Pinbath kaala padikkam parawana eka nambui …. me hora nade kiyana dewal ahanawata wada…

  2. sinha le says:

    ශ්‍රි ලංකාවේ මුස්ලිම් අන්තවාදයක් පවතිනවාද – මැත කාලීනව ඉස්ලාමිකයින් බහුතරය වූ ප්‍රදේශ වල දකින්න ලැබුනු සිදුවීම් (ගැටුම් , බෞද්ධ ආගමික ස්ථාන අත්පත් කරගැනීම් ආදීය ) ශ්‍රි ලංකාව තුල ඉස්ලාම් අන්තවාදයක් ඇති බව මූලික සාධකා සපයනවා . නමුත් වඩාත් ප්‍රභලව සමස්ථ ශ්‍රි ලංකාව තුල දක්නට ලැබෙන ගැටලුව වෙන්නේ ඉස්ලාම් ව්‍යාප්තවාදය , තවත් විදිහකින් කියනවා නම් ශ්‍රි ලංකාවේ ජනවාර්ගික අනුපාතය වෙනස් කරවමින් සෙමෙන් මුස්ලිම් ජනයා මෙරට බහුතරය බවට පත්වීම (සමහර නාගරික ප්‍රදේශවල දැනටමත් මෙය සිදුවෙලා අවසන් )

  3. deshapremiya says:

    Ratak,jathiyak saha aagamak gana hangeemak naththe napunsakayantai, apathyantai. Yahapalane hungak ewun ewage. Ratama witharak nemei unge ganunwath wikunan kanna puluwan ewun.

  4. මං දන්නේ නෑ says:

    ආන්න අර.කේ.ගෙදර පව්ලයි දුවලා තුන් දෙනයි ආදරෙන් විකුනලා. මැ දන්නේ නෑ. ඉතින් රට වික්කම මොකෝ?

Main News