මේ නිවසට තෙරුවන් සරණයි.. සියළු දෙවි රැකවරණයි..- පොහොට්ටුවේ අමුතු ප‍්‍රචාරයට එරෙහිව ශ‍්‍රීලනිපයෙන් පැමිණිලි..

January 8, 2018 at 10:40 am | lanka C news
මේ නිවසට තෙරුවන් සරණයි.. සියළු දෙවි රැකවරණයි..- පොහොට්ටුවේ අමුතු ප‍්‍රචාරයට එරෙහිව ශ‍්‍රීලනිපයෙන් පැමිණිලි..

පළාත් පාලන මැතිවරණය සදහා නඋල ප‍්‍රාදේශිය සභාවට තරග කරන ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂකයෙකු ආගමික සංකේත හා අපේක්ෂකයින් නොවන පුද්ගලයින්ගේ රුව භාවිත කරමින් මැතිවරණ ප‍්‍රචාරනයේ යෙදෙන බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය කියයි.

මාතලේ සහකාර මැතිවරණ කොමසාරිස් ශානීක රූපසිංහ මහතා වෙත ලිපියක් යොමුකරමින් මාතලේ දිස්ත‍්‍රික් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක සුසිල් පේ‍්‍රමරත්න මහතා මේ බව ස`දහන් කර තිබේ.

මැතිවරණ කොමිසමේ සභාපති,ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය, නිදහස් පක්ෂ මාතලේ දිස්ත‍්‍රික් නායක ලක්ෂ්මන් වසන්ත පෙරේරා, පොලිස් මැතිවරණ කාර්යාලය සහ සියළුම ජනමාධ්‍ය ආයතන වෙත ඉකුත් දා(06)යොමුකර ඇති මෙම ලිපියේ වැඩිදුරටත් සදහන් කර ඇත්තේ මෙවැනි ප‍්‍රචාරක කටයුතු වල නිරත වීම මැතිවරණ නීතිය අනුව වරදක් බවයි.

ඊට අමතරව දණ්ඩ නීිති සංග‍්‍රහයේ 169 (ඈ)වගන්තියේ සහ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනත (262 අධිකාරිය) 78 වගන්තිය යටතේ මෙවැනි කටයුත්තක් නීති විරෝධි බව ද සුසිල් පේ‍්‍රමරත්න මහතා නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ ස`දහන්ය.

ඡන්ද ප‍්‍රචාරක කටයුතු සදහා 30 දෙනෙකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් කටයුතු කරන බවත් ප‍්‍රශ්න ගත ආගමික සංකේත සහිත අත් පත‍්‍රිකා මේ වන විට අන්තර් ජාලයට ද මුදාහැර ඇති බවත් එම ලිපියේ වැඩිදුරටත් සදහන් කර තිබේ.

මේ සම්බන්ධයෙන් අවශ්‍ය ඉදිරි පියවර ගන්නා ලෙස සුසිල් පේ‍්‍රමරත්න මහතා මාතලේ සහකාර මැතිවරණ කොමසාරිස් ශානීක රූපසිංහ මහතාගෙන් ඉල්ලා තිබේ.

– ඉන්දික අරුණ කුමාර

25,292 Viewers

5 Comments to “මේ නිවසට තෙරුවන් සරණයි.. සියළු දෙවි රැකවරණයි..- පොහොට්ටුවේ අමුතු ප‍්‍රචාරයට එරෙහිව ශ‍්‍රීලනිපයෙන් පැමිණිලි..”

  1. Sunil says:

    පොහොට්ටුව කොච්චර බංකොලොත් වෙලාද කිව්වොත් ඝන දෙවියොත් පොහොට්ටුවට එකතු කරගෙන

    • අපෙ-Last Chance says:

      යුද්ධ දිනවා රට දියුනුවටම තැබුව
      වරාය අධිවේග ජලාශද සැම සැදුව
      මහින්ද විශ්වාස මතු සැම හද පුදව
      පොහොට්ටුව දිනවමු අප ජන හදව

    • NAK says:

      Yako learn to write fist. It is not ghana it is gana

    • siranil.com says:

      මූ වගේම අවලමෙක් ඉන්නව මේ සයිට් එකේ.උගෙ නම පෙරේර​.සමහර විට මූ ඒ අවලමාගෙ පුතෙක් වෙන්න ඇති.

  2. Great JOB SLPP……….jayawewaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa!!

Leave a Comment

Main News