මේ රජය යටතේ රුපියල බාල්දු වූ මුදලින් සියළු අධිවේගී මාර්ගය, නොරිච්චෝල, මාගම්පුර, මත්තල, මොරගහකන්ද, නෙලුම් කුලුණ නැවත ඉදි කල හැකිය..

June 8, 2018 at 6:30 am | lanka C news
මේ රජය යටතේ රුපියල බාල්දු වූ මුදලින් සියළු අධිවේගී මාර්ගය, නොරිච්චෝල, මාගම්පුර, මත්තල, මොරගහකන්ද, නෙලුම් කුලුණ නැවත ඉදි කල හැකිය..

ලංකා ඉතිහාසයේ පලමුවන වතාවට ඩොලරයේ අගය රුපියල් 160 ඉක්මවීම වත්මන් රජයේ දුර්වල ආර්ථික කලමණාකරනයේ ඍජු ප්‍රතිපලයක් බව දේශප්‍රේමී වෘතිකයින් විසින් කැඳවා තිබූ මාධ්‍ය සාකච්ඡාවක අමතමින් ආචාර්ය නාලක ගොඩහේවා පැවසීය.

‘වත්මන් ආන්ඩුව බලයට එනවිට ලංකාවේ තිබුනේ ශක්තිමත් ආර්ථිකයක්. ආර්ථික වරධන වේගය දෙවෙනි වුනේ ආසියාව තුල චීනයට පමනයි. කොළඹ කොටස් වෙළඳ පොල 2014 වසරේ ආසියාවේ තිරසාරම කොටස් වෙළඳ පොල ලෙස සම්මාන ලැබීමෙන්ම ආයෝජකයින්ට ලංකාව ගැන තිබුන විශ්වාසය තහවුරු වෙනවා. ඒ නිසා තමයි එම වසරේ ලංකාවට ඩොලර් මිලියන 1400කට වඩා විදේශ ආයෝජන ආවේ. නමුත් පසුගිය වසර 3 1/2 තුල ලංකාවේ ආර්තික වර්ධනය දිගින් දිගටම අඩාල වෙලා 2017 වන විට වසර 16 කට පසු අත්කරගත් අඩුම වර්ධන වේගය වන 3.1% වාර්ථා උනා. අපනයනය දුර්වල වෙලා, ආයෝජන අඩුවෙලා විදේශ සංචිත ක්ෂය වෙලා , ණය බර වැඩිවෙලා රට බරපතල ආර්ථික අර්බූදයකට යමින් සිටියදී රටේ වැඩ බැරි නායකයෝ ජනතාවට විහිලු සපයන්නන් බවට පත්වෙලා.

වත්මන් රජයේ වසර 3 1/2 ක් කෙටි පාලන කාලය තුල රුපියලේ බාල්දු වීම 20% ඉක්මවලා. රුපියල බාල්දු වීම නිසා පමනක් රටේ නොපියවූ ණය බර රුපියල් බිලියන 890 කින් පමන වැඩිවෙලා. මේ මොනතරම් විශාල මුදලක්ද කියනවානම් ඒ මුදලින් කොළබ කටුණායක අධිවේගී මාර්ගය, කොළඹ මාතර අධිවේගී මාර්ගය, නොරිච්චෝලේ තාම බලාගාරය, මාගම්පුර වරාය, මත්තල ගුවතොටුපොල, මොරගහකන්ද ජලාශය හා නෙලුම් කුලුණ යලි ඉදි කරන්නට හැකියාව තිබුන පමනක් නොව ඒවාට අමතරව නුවර අධිවේගී මාර්ගයද ඉදිකරන්නට තරම් එම මුදල ප්‍රමාණවත්’

ආන්ඩුවේ දුර්වල මුල්‍ය කලමණාකරනය නිසාමොන තරම් නාස්තියක් රටට සිදුවනවාදැයි මින් වටහා ගත හැකි බව කී ආචාර්ය නාලක ගොඩහේවා පසුගිය රජයේ මෙගා ව්‍යාපෘති ව්‍යාපෘතිවලට සුදු අලීන් කියා අපහාස කල අයට වත්මන් රජය මේ කරණා විනාශය නොපෙනෙන්නේ මන්දැයි ප්‍රශ්ණ කලේය.

රුපියල බාල්දු වීමට එක් ප්‍රධාන හේතුවක් නම් ජාත්‍යන්තර අරමුදල පිනවීම සඳහා වැඩිපුර විදේශ සංචිත පෙන්විමේ අරමුණින් මහබැංකුව දිගින් දිගටම දේශීය විනිමය වෙළඳ පොලින් ඩොලර් මිලදී ගැනීම බව පැවසූ ආචාර්ය නාලක ගොඩහේවා වත්මන් මහබැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතාම පසුගියදා ප්‍රවෘති සාකච්චාවකදී මහ බැංකුව මසකට ඇමෙරිකානු ඩොලර් මිලියන 200 ක් පමන මිලදී ගන්නා බව ප්‍රකාශ කල බව මතක් කලේය.

2017 වසරේ පමනක් මහ බැංකුව දේශීය විනිමය වෙළඳ පොලෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 1,664 ක් මිලදී ගෙන තිබුනි. මහබැංකුවේ විදේශ විනිමය සංචිත 2017 අවසන් වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 8 දක්වා ඉහල ගොස් තිබුනේ මෙවැනි හේතු මතය. රුපියල් බාල්දු වන විට ඩොලර් මිලදී ගැනීම සඳහා වැඩිපුර මුදල් ගෙවන්නට මහ බැංකුවට සිදුවේ. එසේ වැඩිපුර මුදල් ගෙවීම සඳහා වැඩි වැඩියෙන් මුදල් අච්චු ගසන්නට මහබැංකුවට සිදුවන අතර මුදල් අච්චු ගසන විට රුපියල තව තවත් අවප්‍රමාණ වේ. ජාත්‍යන්තර අරමුදලට විදෙශ සංචිත පෙන්වීම සඳහා දේශීය විනිමය වෙළඳ පොලෙන් ඩොලර් මිලදී ගැනීම හරියටකුඹුරේ අස්වැන්න ඉහල යැයි පෙන්වීමට කඩෙන් වී මිලදී ගෙන අටුව පිරවීම වැනි අනුවන කියාවක් බව ආචාර්ය ගොඩහේවා පෙන්වා දුන්නේය.

– චාමින්ද කරුනාරත්න

9,524 Viewers

3 Comments to “මේ රජය යටතේ රුපියල බාල්දු වූ මුදලින් සියළු අධිවේගී මාර්ගය, නොරිච්චෝල, මාගම්පුර, මත්තල, මොරගහකන්ද, නෙලුම් කුලුණ නැවත ඉදි කල හැකිය..”

  1. Gayantha says:

    Pita ratin salli ena loku ( godak sinhala ) wiyaparikayange salli pissu hitan apu gaman naiwattuwa saha digatama ewa passe elewwa. Eken hira wuna hirawilla thama dan digatama thiyenne. Dan dollar laksheta wada salli pitin awahama badu gahana nisa podi podi business saha pita rata waida karana ayat genne naisaha podi ganan ewanne. Imf harakge lanu kala rata winasa karala thiyenne. imf nisa ratawal winasa wuna misak diyunu wunai nai.

  2. බන්ඩා says:

    අාර්තික විශේසඥයන් නොවන අපට රටේ අාර්තික හැසිරීම ගැන දැනුවත් කිරීම ගැන නාලකට අපේ ප්‍රනාමය.

  3. john the baptice says:

    29 වතාවක් පැරදුන රනිල්ව සිරිසේන අගමැතිකල වරද දැන් විදපල්ලා

Main News