‘මේ රටේ අයිතිකාරයා මමයි.. මේ තමයි මං දාපු ජොකියෝ දෙන්නා’ මෝඩි නෝවුඞ්දී කියු කතාව විමල් කියයි..

May 17, 2017 at 3:22 am | lanka C news
‘මේ රටේ අයිතිකාරයා මමයි.. මේ තමයි මං දාපු ජොකියෝ දෙන්නා’ මෝඩි නෝවුඞ්දී කියු කතාව විමල් කියයි..

මෙරටට පැමිණි ඉන්දීය රාජ්‍ය නායකයා මෙරට රාජ්‍ය නායකයා සහ අගමැතිවරයා දෙපස තබාගෙන ඔවුන්ගේ අත්වලින් ඔසවා මුළු ලෝකයටම නොකියා කීවේ ‘මේ රටේ අයිතිකාරයා මමයි. මේ තමයි මම දාපු ජොකියන් දෙන්නා’ කියා යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක, විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

ඊයේ (16) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය.

“ආණ්ඩුව දවසින් දවස කඩාවැටීමේ දිසාවට ගමන් කරනවා. ඒ වගේම මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ප්‍රමුඛ දේශපාලන බලවේගය දවසින් දවස බලවත් වෙමින් මේ ආණ්ඩුව පරාජය කිරීමේ සටනක නිතරව සිටිනවා.

මුලින් පැවසුවේ මෝඩි අගමැතිවරයා වෙසක් දිනයට කලින් මෙරටට පැමිණීමට නියමිත බව. නමුත් ඔහු මෙරටට ආවේ වෙසක් දිනය උදා වුණාට පසුවයි. වෙසක් දිනය උදා වූවාට පසුව මෝඩි නොවෙයි කවරකු පැමිණියත් විරෝධතා පැවැත්වීමේ සංස්කෘතියක් මේ රටේ නැහැ.

කෙසේ නමුත් මෝඩි අග්‍රාමාත්‍යවරයා ලංකාවට ඇවිත් කියපු, කරපු දේවල්වලින් පැහැදිලි වුණේ ඔහු සිතා සිටින්නේ ශ්‍රී ලංකාව තමන්ගේ කොලනියක් ලෙස බවයි. වතුකරයට ගිහිල්ලා වතුකරයේ දෙමළ ජනතාවගේ අතට ඉන්දීය කොඩිය දීලා, ඒ වගේම තමන් මැදින් ඉඳගෙන, ලංකාවේ ජනාධිපතිගේ සහ අගමැතිගේ අත් අල්ලන් ඒවා උස්සලා පෙන්වලා මෝඩි අගමැතිවරයා නොකියා කීවේ ඒකයි. සාමාන්‍යයෙන් ඒ වගේ තැනක මැද ඉන්න ඕනෙ රටේ ජනාධිපති. ‘මේ රටේ අයිතිකාරයා මම. මේ තමයි මම දාපු ජොකියෝ දෙන්නා’ කියලයි එදා ඉන්දීය අඅගමැතිවරයා මුළු ලෝකයටම පෙන්වා දුන්නේ.

වෙන කිසිම රටක එහෙම වෙන්නේ නැහැ. ඒ තරම් පරාධීන තත්වයකට අපේ රට අද ඇද දමලා තිබෙනවා. මෙවර එක්සත් ජාතීන්ගේ වෙසක් දින උළෙලේදී මෝඩි කියනවා ‘වෙළඳාම,තාක්ෂණය හා මානව සම්පත් නිදහසේ ගලා යාමට ඉන්දීයාව සහ ශ්‍රී ලංකාව පියවර ගත යුතුයි’ කියලා.

එමගින් නොකියා කියන්නේ ‘එට්කා ගිවිසුම අත්සන් කරලා ඉන්දියාවේ, ශ්‍රමිකයන්ට ලංකාවට ඇවිත් මේ රටේ තරුණයන්ගේ රැකියා අවස්ථා, අයෝජන අවස්ථා කොල්ල කන්න ඉඩ දෙන්න ඕනේ’ කියලයි. ඒ වගේම ‘හනුමන් පාලම හදලා මේ රටවල් දෙක භෞතික වශයෙන් යා කරන්න ඕනෙ.’ කියලයි ඔහු කීවේ. මේ සියල්ලටම ඉන්දියාවට ගියපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එකඟ වෙලා ඉවරයි. ඒ ‘එකඟවීමේ සාදය’ තමයි ඉන්දීය අගමැතිවරයා වෙසක් දිනවල ශ්‍රී ලංකාවට ඇවිත් පැවැත්වූයේ. කොහොම වුණත් මේ රට ඉන්දියානු කොලනියක් කිරීමේ උත්සාහයට එරෙහිව ඕනෑම කැප කිරීමක් සිදු කිරීමට මේ රටේ ජනතාව සූදානම් බව හොඳින් මතක තියාගන්න කියා මේ ආණ්ඩුවට කියනවා.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ

15,564 Viewers

16 Comments to “‘මේ රටේ අයිතිකාරයා මමයි.. මේ තමයි මං දාපු ජොකියෝ දෙන්නා’ මෝඩි නෝවුඞ්දී කියු කතාව විමල් කියයි..”

  1. රාහුල කොලුවා says:

    ඉන්දියාව යනු මිත්‍රශීලී වේශයකින් එන ශ්‍රී ලංකාවේ සතුරෙකි. එය තේරුම් ගැනීමට තරම් තවමත් අපේ දේශපාඥයින් බුද්ධියෙන් පරිණත වී නැත.

  2. Police Junta says:

    Well said. What happen to our country .

  3. Raawana says:

    kalu kodiya koheda gahagaththe?

    • sanjeewa says:

      umbe appage ado margaye.

    • බන්ඩා says:

      උඹ අදිරදයන්ට කඩේ යන පරයෙක් නේද?

    • kaniya says:

      අනේ මෝඩ මිහරකෝ රටට සිරිසේන රනිල් ඩබල කරන හානිය නොදකින තමුන් typical මෝඩ unp කාරයෙක් බව කියන්න පුළුවන්
      හරකෝ හෙට අනිද්දා ඉන්දියන් දොස්තරලා ආවම සමහරවිට කළුකොඩි දාන්න වේවි තොගේ ගෑනිගේ ළමයින්ගේ මලගම් වලට බේත් වැරදිලා

    • rajakeeya sirisena says:

      අහපං මෑණියන්ගෙන්,,

    • Hemantha says:

      රටට ආදරය කරන සියලුදෙනා තම තමන්ගේ හිත් වල කලු කොඩි ලක්ෂ ගණන් එසවුවා.

  4. Navin says:

    කොහෙද ඔය මෙච්චර කල් හැංගිලා හිටියේ? මෝඩි ඉන්නකන් මීක් ගෑවේ නැහැ! මහින්ද මහත්තය මෝඩි ගාව දෙකට නැවුනා. ඔය අඩුම තරමේ ගෙදර වත් කළු කොඩියක් දැම්මේ නැහැ. දැන්නං කෑගහනවා!!

  5. ratek says:

    Kalu kodi wimale wachana harawanna hodata dannawa, kai karayao witharai, den unath puluwan wimaleta indian embasay laga kalu kodi danna. ochchara kiyawana eke eka karanna ko kalu kodi wimale

  6. White Shark says:

    විමල් කියන කතාව ඇත්ත. මේ පින්තූරේ ස්වාධීන ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයා තද බල ලෙස හෑල්ලු කිරීමක්. හැබැයි උවමනාවෙන්ම කියල කියන්න බැහැ, නිකම් spontaneous වගේ.

    මේ වගේ රැස්වීමකට මෝඩි ආපු එක රාජ්‍ය තාන්ත්‍රිකව තමන්වමත් හෑල්ලු කිරීමක් වුනත්, ඉන්දියන් දේශපාලනය අනුව නම් මෙහෙම කරන්න ඇත්තේ දකුණු ඉන්දියාව සතුටු කරන්න. අනිත් අතින් කියන්න හදන්න ඇත්තේ මේ වතු ඡන්ද මෝඩිට ඕනේ විදියට හසුරවන්න පුළුවන් කියන එක.

    මේ නිසා තමයි ඊළඟ ජනාධිපති සහ මහ මැතිවරණය ඉතාම තීරණාත්මක වෙන්නේ. කාටද? සිංහලයන්ට. අපිට ඇති වෙන්න හරි නැති වෙන්න හරි තියෙන්නේ ඊළඟ ඡන්දය විතරයි.

    එක පැත්තකින් අපි අපේ රටේ ස්වෛරීභාවයට තද බල බලපෑමක් කරන ඉන්දියන් ව්‍යාප්තකරණයට (මේ වචනේ ගත්තේ විමල්ගෙන්) එරෙහිව, පාට පක්ෂ භේදයකින් තොරව ප්‍රබල විරෝධයක් කරන ගමන්, සුළු ජාතික පක්ෂ වලට ලංකාවේ රාජ්‍ය නායකයන් තේරීමේදී අපිම දීලා තියෙන වැදගත්කම ඉවත් කරන්න ඊළඟ මැතිවරණය පාවිච්චි කරන්න ඕනේ. සුළු ජාතික පක්ෂ වලට සිංහල දේශපාලකයන්ව කේවල් කරන්න ඉඩ හදල දීලා තියෙන්නේ සිංහල අපිමයි.

    සිංහලයන් මින් පස්සේ ඡන්දේ පාවිච්චි කරන්න ඕනේ රට ගැන හිතලා මිසක් පුද්ගලයන් ගැන හිතලා නෙමෙයි. අන්ධ භක්තිය, කෙලෙහිගුණ සැලකීම, අනුකම්පාව සහ පාවෙන්න තියෙන කැමැත්ත පැත්තකට දාලා, රටේ ඉදිරි අනාගතය ගැන හිතලා, හදවතෙන් නැතුව මොලයෙන් කල්පනා කරලා තමන්ගේ ඡන්දය පාවිච්චි කරන්න ඕනේ.

    අනිත් පැත්තෙන් මේ දවස්වල පිටරට සිටින ශ්‍රී ලාංකිකයන්ට ඡන්ද අයිතිය දෙන්න හදන පනතට එක හෙලා විරෝධය දක්වන්න ඕනේ. මේක තනිකරම කරන්නේ ඊළඟ ඡන්දයේ ප්‍රතිඵලය සිංහලයට අහිතකර විදියට සහ රටේ පාලකයන් තීරණය කිරීමේදී සුළු ජාතීන්ට වඩා වැඩි බලයක් ලබා දෙන්න.

    ශ්‍රී ලාංකික ද්‍රවිඩයන් 887,000ක් පිටරට ජීවත් වෙනවා කියලා 2007 සංඛ්‍යා ලේඛන අනුව කියනවා. මේ ඡන්ද හසුරුවන්නේ කොටි ඩයස්පෝරාව කියලා අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. සිංහල අපි ජාතියක් විදියට අපේ රටේම සුළු ජාතියක් බවට පත් කරන්න මේ පනතට පුළුවන්. ඒ නිසා මහා සංඝ රත්නය සහ සියලු සිංහලයන් මේ පනතට විරුද්ධ වෙන්න. ෆෙඩරල් ව්‍යවස්ථාවෙයි මේ පනතෙයි කිසි වෙනසක් මට නම් පේන්නේ නැහැ. ගණන් බලපුවහම මට නම් දැනටම තරු පේනවා.

    ලංකාවම ත්‍රස්ත වෙන ඡන්ද ප්‍රතිඵලයක් ලැබෙන්න ඉඩ තියෙන නිසා සිංහලයන් දැන් දැන්මම මේකට කරන පිළියම ගැන හිතන්න ඕනේ.

    දැනටම මම හිතනවා හුඟ දෙනෙකුට තේරිලා ඇති කියලා රට යන්නේ මොන පැත්තටද කියලා. සිංහලයන්ට තරු පේන දෙයක් ඊළඟ ඡන්දෙදි වෙන්න පුළුවන් නිකම් උඩ බලාගෙන හිටියොත්.

    අපි අනිවාර්යයෙන්ම තනි සිංහල පක්ෂයක්, සිංහලයන් වෙනුවෙන්ම පක්ෂයක් ඉල්ලන්න ඕනේ. මීට පස්සේ ඡන්ද කාලෙට රට හිලව්වට තියලා ද්‍රවිඩ මුස්ලිම් පක්ෂ පස්සේ යන සිංහල දේශපාලකයන්ව එක හෙලා ප්‍රතික්ෂේප කරන්න ඕනේ. අපිට ඕනේ දේ අපි demand කරන්න ඕනේ. සමහර දේශපාලකයෝ බලයට කෑදර කමින් රට වුනත් විකුණන්න ලෑස්තියි.

    සිංහල අපි අපේ රට අපේ ජාතිය අපේ ආගම රැකෙන විදියේ ඉතාම විප්ලවකාරී වෙනසකට යන්න ඕනේ.

    ඊළඟ ඡන්දෙදි සිංහල මිනිස්සු මොන විදියකටවත් දෙමල මුස්ලිම් පක්ෂ එකක් හවුල් සිංහල දේශපාලන පක්ෂ කිසි එකකට ඡන්දය නොදිය යුතුයි. මම ජාතිවාදියෙක් නෙමෙයි. නැහැ මම ජාතිවාදියෙක් තමයි. මම මගේ රටට මගේ ජාතියට මගේ ආගමට ආදරෙයි. හැබැයි මම කවදාවත් අනිත් ජාතීන් තලා පෙලන්න කතා කරලවත් උදව් කරලා වත් නැහැ. මම කියන්නේ දෙමළ මිනිස්සුන්ට වෙන් වෙච්ච දෙමල පක්ෂ තියෙනවා. මුස්ලිම් මිනිස්සුන්ට වෙන් වෙච්ච මුස්ලිම් පක්ෂ තියෙනවා. සිංහල අපිටත් අපේම කියල කියන්න සිංහල පක්ෂයක් ඕනේ. මම කැමතියි මේ පක්ෂේ වාමාංශික ප්‍රතිපත්ති තියෙන පක්ෂයක් වෙනවට. එතකොට ඒ පක්ෂෙට ජාතිවාදී ලේබල් ඇලවෙන්නේ නැහැ. හේතුව වාමාංශික ප්‍රතිපත්ති හැම ජාතියකටම සමානව අදාළ වෙන නිසා.

  7. john the baptice says:

    එස්.ඩබ්ලිව්.ආර්.ඩී මහතා “යූන් ඇන්පීය එපා, තොපි එපා” කියා පාරට බැස්ස බව සිරිසේන අමතක කරලා

  8. aruna says:

    What fools we were to defeat a great leader and appoint these puppets who imitated the dress code of Narendra Modi through out the election campaign.

  9. Aruna says:

    කිසිම රටක නායකයෙක් කවදාවත් වෙනත් රටක නායකයෙක් අනුකරණය කරන්නේ නෑ. 2015 ජනවාරි 8 වෙනිදා අපි නරේන්ද්‍ර මෝදිගේ කබාය ඇඳගත්තු අපේක්ෂකයෙකුට චන්දය දෙන්න තරම් නිවට ජාතියක් උනා. මෝඩි අපේ මුළු ජාතියම ඇන්දුවේ එදයි. අපි වගේ හරක් ලෝකේ කොහෙවත් නැතුව ඇති.

Main News