මේ රටේ වැඩිපුරම ලේ දන් දෙන්නේ සිංහලයන්…

August 4, 2018 at 8:10 am | lanka C news
මේ රටේ වැඩිපුරම ලේ දන් දෙන්නේ සිංහලයන්…

යුද්දය අවසන් වී රට සාමකාමී මාවතකට පිවිසි අවස්ථාවේදී උතුරු මහ ඇමතී සී.වී.විග්නේෂ්වරන් බොරු කතා කියමින් අන්තවාදී පිලිවෙතක් අනුගමනය කරන බවට උතුරු පලාත් ආණ්ඩුකාර රෙජිනොල්ඩ් කුරේ මහතා කියා සිටියේය.

ආණ්ඩුකාරවයා මේ බව කියා සිටියේ සුජාත දරුවෝ සංකල්පය යටතේ පාසල් දරුදැරියන්ගේ ගුණාත්මක අධ්යාපනය වර්ධනය කිරීමේ අරමුණින් ඉදිකරන ලද දෙමහල් ගොඩනැගිල්ලක් පොළොන්නරුව නුගගහදමන මුස්ලිම් කනිෂ්ඨ විද්යාලයට උතුරු පළාත් ආණ්ඩුකාරවර රෙජිනෝල්ඩ් කුරේ මහතාගේ සුරතින් ප්‍රධානය කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.

ළමුන් 115කින් ආරම්භ කල නුගගහදමන මුස්ලිම් කනිෂ්ඨ විද්යාලයේ මේ වනවිට 1 වසරේ සිට 11 වසර දක්වා පංති පැවැත්වෙන අතර මෙම දෙමහල් ගොඩනැගිල්ල ලබාදීම තුලින් දරුවන්ගේ අධ්යාපනයට මහත් පිටිවහලක් ලැබිණ.

එහිදී අදහස් දැක්වූ උතුරු පළාත් ආණ්ඩුකාරතුමා,

දැන් විග්නේෂ්වරන් මහතා අන්තවාදී කතා කියනවා යුද්ධය අවසන් වී දුක් විඳි මිනිස්සු මේ රට සාමකාමී වී එන විට එය අවුල් කිරීමට බොරු කතා කියනවා. උතුරේ පන්සල් හදන්න එපාලූ. නමුත් දකුණේ පන්සල් පල්ලි හැදුවට කාගේවත් ප්රශ්නයක් නැහැ. අපේ පන්සල් ඇතුලේ හින්දු දෙවිවරු වඩම්මවා ගෙන ඇවිත් තියෙනවා. එවගේම කුඩු අපිට පටවන්නේ පිටරටින්, ඒ තුලින් අපිට අපේ දරුවෝ නැති වෙනවා. සමාජය දූෂණය වෙනවා, සමාජය වැරදි මගට යොමු වෙනවා, මෙය නිවැරදි කරන්න අපි එඩිතරව කටයුතු කරන්න ඕන.

ලංකාවේ අනාගතය පවතින්නේ දැනුම හා අධ්යාපනය තුලින් මේ ලෝකේ සියලූම සත්ත්වයන්ගෙන් උතුම්ම සත්ත්වයා තමයි මිනිසා අධ්යාපනය සඳහා උනන්දුවක් ඇතිවෙන කොට ආර්ථීක දියුණුව විතරක් නෙමෙයි ජාතීන් අතර ආගම් හා කුලභේද මේ සියල්ල නැති වෙනවා. මේ ලෝකේ තියෙන උතුම්ම වස්තුව රත්තරන් මුතු මැණික් ඉඩකඩම් නොවෙයි. දැනුම තමයි තියෙන උතුම්ම වස්තුව. අප ලබාගන්නා දැනුම කිසි කෙනෙකුට හොරකම් කරන්න බැහැ, මේ ලංකාව දියුණු කිරීමට අපහසු වී ඇත්තේ ජාතීන් අතර ඇති අසමඟිකම් නිසා. මැද පෙරදිග රටවල පවා දියුණු වීම අඩාල වී ඇත්තේ අසමඟිය නිසා. මේ රටේ වැඩිපුරම ලේ දන් දෙන්නේ සිංහල මිනිස්සු. ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිතුමාගේ දර්ශනය ජාතී ආගම් කුලභේද වලින් තොර රටක් බවට පත් කිරීමයි.

මේ අවස්ථාව සඳහා නැවත පදිංචි කිරීම පුනරුත්තාපන හා උතුරු සංවර්ධන නියෝජ්ය අමාත්ය ගරු කාදර් මස්තාන් මහතා,ප්රදේශයේ දේශපාලන නායකයින්, රාජ්ය නිලධාරීන් සහභාගි වී සිටියහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

4,501 Viewers

5 Comments to “මේ රටේ වැඩිපුරම ලේ දන් දෙන්නේ සිංහලයන්…”

  1. රොන් says:

    ඇති යන්තන් ඇත්තක් කිව්වා

  2. සිංහල බන්ඩා says:

    සිංහලයන් ජාති වාදී යය් ච‌ෝදනා කරමින් කාලයක්ම සංහිඳියාව කියල විගියල ග‌ෙ දමෙළ ජාති වාදයට උල්පන්දම් දුන්න‌ෙ රජෙිය වග‌ේ උන් තමය්. ජිහාඩිය‌ො සහ බිල්ල‌ෝ බ‌ෝ කරන මුස්ලිම්ය අන්තවාදය රජෙියලට ත‌ේරනෙ ක‌ොට එකත් පරක්කු වැඩි වනෙ බවය් මග‌ේ අදහස.

  3. සිංහල බන්ඩා says:

    සිංහලයා කවදාවත් ජාති වාදී ව‌ෙලා නැහැ. සිංහලයට ඒක් උන හැම ජාතියක්ම ඔවුන් අවශ‌ේෂණය කර ගත්තා. සිංහලයන් ජාති වාදී යය් ච‌ෝදනා කරමින් කාලයක්ම සංහිඳියාව කියල විගියල ග‌ෙ දමෙළ ජාති වාදයට උල්පන්දම් දුන්න‌ෙ රජෙිය වග‌ේ උන් තමය්. ජිහාඩිය‌ො සහ බිල්ල‌ෝ බ‌ෝ කරන මුස්ලිම්ය අන්තවාදය රජෙියලට ත‌ේරනෙ ක‌ොට එකත් පරක්කු වැඩි වනෙ බවය් මග‌ේ අදහස.

  4. Love nature says:

    ඉන්දියාවේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ

    අශ්වයෙකු හිමි කරගැනීමේ සහ ඒ අසු පිට යාමේ ‘වරද’ හේතුවෙන් ඉන්දියාවේ දලිත් පීඩිත කුලයට අයත් තරුණ ගොවියෙකුට පහර දී මරා දමා තිබේ. උසස් යයි සම්මත කුලයකට අයත් තිදෙනෙකු මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකපිට ප්‍රශ්න කිරීම පිණිස පොලිස් භාරයට ගෙන ඇත.

    අශ්වයන් පැදීම උසස් යයි සම්මත කුලවලට අයත් පුද්ගලයන් පමණක් සතු වරප්‍රසාදයක් බව පවසමින් අසු පිට යෑම නතර කරන ලෙස සිය පුතුට අනතුරු ඇඟවීම් ලැබුණ බව මියගිය තරුණයාගේ පියා පවසයි.

  5. LION says:

    කුලහීනයන්’ ලෙස හැඳින්වෙන දලිත් කුලය හින්දු කුල ක්‍රමයේ පහළම ස්ථරය වන අතර කුලය හේතුවෙන් පහත් කොට සැළකීම ඉන්දියා සමාජය තුල දැකගත හැක. උතුරේ සියයට අනුපහක් දලිත් කුලයේ අය වෙති.

Main News